Sunday, November 24, 2013

29. අමොරෙල්ලා වෙත ගැසු බල්ටිය


                   
  අමොරෙල්ලා නැව 
                                                     ලංකාවේ කොච්චියකවත් තවම නොගිය මට නැවකට නැගිමත් හීනයක්ම වෙලා තිබුන කාලෙක ඒ හීනය සැබැ කර ගන්න පුලුවන් උන දිනක් උදා උනා ඒ මා විසින් ගිය ස්විඩන්  සංචාරයේදිය. හා හා පුරා කියා  යන ගමනක් නිසාම අපි නියමිත වේලාවටත් පෙර රැදවුම් කුටියේ ලැගුම් ගත්තෙමු.ඒ අතර තුර නැව ගැන විස්තර මම අක්කණ්ඩියගෙන් අසා දැන ගත්තෙමි.
                        ඒ  විස්තරේ අනුව  විකීන් ලයින් නැව් සමාගම මරිහැම් වරායට අයිතිකම් කීවද MS AMORELLA, ,MS GABRIELLA,,MS MARIELLA යන නැව් වල ෆින්ලන්තයේ කොඩියද  MS ROSELLA , MS VIKING CINDERELLA  යන නැව් වල ස්වීඩනයේ කොඩියද ලෙලදෙනු ඇතැයි  ඇය  පැවසුවද එයට හේතු කාරණා දැන ගැනිමට නොහැකි විය.අපි විසින් තොරාගෙන තිබු සංචාරය අනුව විකින්ග් ලයින් අමොරෙල්ලා නැවේ  ටිකට් පත් අප සතු විය.මෙම අමොරෙල්ලා නැවේ උපත සිදුවි ඇත්තේ 1988 ක්රරෝටියා හි වන අතර විකින්ග් ලයින් සමාගමේ ගාබ්රියෙල්ලා නැවෙහි සමානකම් අමොරෙල්ලා නැවෙහි  ඇති නිසා අමොරෙල්ලා නැව ගාබ්රියෙල්ලා නැවට සහෝදර කම් කියනු ලැබේ.නැව සදහා පාවිච්චි වන විදුලි ධාරිතාව 24000Kwh  වේ.එමෙන්ම අමොරෙල්ලා නැවෙහි මගීන් 2420 හා වාහන 550 ක්  එක ගමනකදි ගෙන යා හැක .                                                                                
                                                                         කාමර                                                                                       
                                  
                                     
                       නැව් නැගිමේ වේලාව පැමිණිමත් සමග අපි නියමිත දොරටුව ඔස්සේ ගොස් නැවට ඇතුල් වී ප්රධාන දොරටුව ලග තිබු කවුන්ටරය සිටි සේවිකාව හට ටිකට් පත් පෙන්වා ඇය විසින් අපිට ලබා දුන් ඉලෙක්ට්රොනික් කාඩ් පත් හතර හා යතුර ගෙන කාමරය සොයා පිය මැන්නෙමු. නැවෙහි ඉහල කාමර පල්ලෙහා කාමර වලට වඩා වැනිමේ ප්රවණතාවය වැඩි විම නිසාත් අපේ බඩ කැලැත්ති වමනය යෑමට ඇති ඉඩ කඩ මග හරවා ගැනිමට අවශය නිසාත් අපි විසින් නැවෙහි පල්ලෙහම ත්ට්ටුවේ කාමයක් වෙන් කරවා ගන්නට විය.කාමරයෙහි ඇදුම් බෑග් තැබු අප නැව පිටත් වනවාත් සමගම අහස වෙත විවෘතව තිබු නැරඹුම් කුටිය වෙත පැමිණියෙමු.නැව ස්ටොක් හොම් නගරයෙන් පිටත් වී ඇතට යන්න යන්න නගරයේ අසිරිය විදිමට අපට හැකිවිය .එදින වැහි බර අහසක් තිබුනද අවට පරිසරය ඉතාමත් සිත් ගන්නා සුළු විය.ඇති තරම් අලංකාර දර්ශන පින්තුර ගත කල අපි දැන් නැවට ගොඩවි පැය දෙකකට ආසන්න විය, වේලාව 19.30 වනවා දුටු අප නැවත කාමරයට පැමිණ ගෙදරින් ගෙන ආ සැන්විචයක රස විද ඩිස්කොව හා කැසිනෝව තිබු ෆන් ක්ලබ් එක වෙත යැමට සුදුසු ඇදුමින් සැරසුන අපි කාමරයෙන් පිටත් වන විට වේලාව 21.30 පමණය.ඒ මා විසින් ඩිස්කෝ එකක් හා කැසිනොවක් දුටු පළමු වතාව විය.බාර් එක වෙත පිය නැගු අපි කොක්ටේල් 4ක් මිලදි ගෙන ඩිස්කෝ එක පේනෙන මානයේ පුටු හතරක එක ලගින් අසුන් ගෙන නැටුම් ගැයුම් හා මිහිරි සංගීතය විදිමින් හීන් සැරේ කොක්ටේල් වීදුරු හිස් කලෙමු. (ඒ මා විසින් කොක්ටේල් එකක් තොල ගෑ පළමු අවස්තාවය.) නැව තුල යුරෝ මුදල් බාවිතා කල අතර කලින්  අක්කණ්ඩි දැනුවත් කල පරිදි  අපි විසින් කැසිනෝවේ සෙල්ලම් කිරිමට මාරු කාසි පොදියක් ගෙන ගියෙමු.විවිධ සෙල්ලම් වල යෙදුනු අපි දිනුම් ලැබු පරාද වු වාර සැහෙන්න විය .නැවත අපි රාත්රි 12 වන විට කාමරය වෙත එන අතර තුර තිබු කැසිනෝ මැෂින් ඔබන්නට විට සමහරක් මැෂින් ක්රියාත්මක විම අපිට අදහා ගන්නට බැරි කරුණක් විය. අපේ  අක්කණ්ඩි පැවසුයේ මත් පැන් බී වෙරි ගුඩ් වු ඇයෝ අමතක වි යන සල්ලි නිසා මැෂිම ක්රියාත්මක වු බවය. 
    
       
අපිට කොක්ටේල් හැදුව අංකල්                          
 අපේ කොක්ටේල්                                                                            
ඩිස්කෝ එක
                      
                              


                               කැසිනෝ එකේ පැත්තක්
                          
                          



                         
                         
                             රාත්රි 1.00 පසු වි නින්දට ගිය අපි නැවත ඇහැරුනේ පහුවදා උදේ 10.00පමණය.කඩිමුඩියේ දතකට මැද ගෙන ලක ලෑස්ති වු අප ඇදුම් බෑගද ලෑස්ති කොට කෙලින්ම ඇදුනේ නැවෙහි තිබු අවන්හල වෙතය.විවිධ කෑම ජාති වලින් පිරි තිබුන අවන්හලේ ආහාර පිලිගන්වා තිබුනේ බුෆ්ෆේ ක්රමයටය.ආහාර ජාති කිහිපයකින් පිගාන පුරව ගත් අපි කවුන්ටරය වෙත ගොස් එහි සිටි  සේවිකාවට කෑම පිගාන දී ඇය විසින් කෑම පිගානේ බර අනුව නිකුත් කල මිල ගණන් වලට මුදල් ගෙවා අපි හැරෙන තැපැලෙන් සුදුසු මේසයක් වෙත ගොස් කෑම වල රස වින්දෙමු.

   බර කිරිමෙන් පසු ලබාගත්  අපේ කෑම පිගන්
                             
                                                       නැරඹුන් මැදිරියේ සිට දුටු දර්ශන 
  ස්ටොක් හොම් නැව් තොටිපොල 
                             
                                    


 ඇතින් පෙනෙන ස්ටොක් හොම් නගරය 
           
                                     
මුහුදේ තැනින් තැන පිහිටි  දුපත් වල සවි කර තිබුනු රුලං පෙති
                              මරිහැම්  නැව් තොටි පොල

                              මරිහැම්  නැව් තොටි පොල

             ඊ ලගට නැරඹුම් කුටියේ ටික වේලාවක් ගත කල අපි නැව තුල තිබු සුපිරි වෙළදසැල වෙත පිය නැගුවෙමු.එහි රාක්ක ඉතාමත් අලංකාර ලෙස විවිධ චොකලට් වර්ග වලින්ද .මත්පැන් ජාති වලින්ද  පිරි  තිබුනි.මගේ නෙත් චොකලට් රාක්ක වෙත නතර නොවි මත්පැන් රාක්ක වෙත නතර වුයේ  එම රාක්ක ඉතා සිත් ගන්න ලෙස  සකස් කර තිබු නිසාවෙනි.(දැන් ඉතින් හිතහල්ලා මන් බේබද්දියක් කියලා එහෙම නෑ බොලව් මන් උයන්න පාවිච්චි කරන වයින් කෑවොත් මිසක් මතෙන් තොරයි.මේ වලට නෙත ඇදෙන්නේ ලස්සනට ගෙදර තියන්න ගෙනියන්න ඕන නිසයි)පහත පින්තූරු වල ඇත්තේ මාගේ මන බැන්ද මත්පැන් රාක්කකිහිපයකී.

                          
                   
                   
                   
                   
*********************************************************************************************************
                
                 (කට්ටියට දැන් වෙරිද ?හි,,,'හි,,,හි,,, වැනෙන් නැතුව ඉතුරු ටිකත් කියවලාම යන්න)

     මිලට ගත්  මත්පැන් බෝතල් කිහිපයකින් යුත් බෑගයද අතැතිව  ක්ලබ් එකේ නැරඹුම් කුටියේ සිට අපි අවට පරිසරය රස වින්දෙමු.ටික වේලාවකින් මරිහැම් වෙත ලගා වු නැවෙන් පිටතට යන රථ වාහන හා මිනිසුන් දෙස අපේ අවදානය යොමු වි තිබුනි.දැන් ගත වෙමින් තිබුනේ අපි විසින් නැවේ ගත කරන අන්තිම පැය බාගය විය.අපි නැවත කාමරය වෙත ගොස් ඇදුම් බෑග් ගෙන නැවෙන් පිට වෙන ප්රධාන දොරටුව වෙතට ලගාවි විනාඩි 20 කින් නැව ස්ටොක් හොම් තොටිපොලේ නැන්ගුරම් ලාන්න විය.නැවත නැව් ගමනකට එන බලාපොරොත්තුවෙන් අපි නැවත ගෙදර ඒම සදහා පිටත් වු වෙමු.*************************

නැව් සංචාරය  කරන්න බලාපොරොත්තු වෙන අය වෙනුවෙන් ලියමි..
  
1.ස්විඩනයට ඇතුල් වන්නට පුලුවන් කාටද?
          යුරෝපා හවුලට අයත් රටවල විසා හිමි ඕනෑම කෙනෙකුට ගුවන් ටිකට් පතක් මිලදි ගෙන  ස්විඩනයට ඇතුල් වන්නට පුලුවන්,යුරෝපා හවුලේ නැති කස්ටිය සංචාරක වීසා අදාල ආයතන වලින් ලබා ගත යුතුවේ

2. මිල ගණන් අඩුම ගුවන් යානය
       දැනට මිල ගණන් අඩුම ගුවන් සේවාව ලබා දෙනු ලබන්නේ රයන් එයා සමාගමය. (යුරෝපා හවුලේ රටවල් අතර ගුවන් සේවය ලබා දෙනු ඇත )
    ගුවන් ටිකට් පත් මිල ගණන් යුරෝ25ත් -100ත් අතර  වේ.(ටිකට් පත් මිලදි ගන්නා මාසයන් අනුව මිල ගනන් වෙනස් විය හැක)
*ඉතාලියෙන් යන අය වෙනුවෙන්
    මිලානෝ අවටින් සංචාරයේ යෙදෙන අයට මිලාන් ලෙනාතේ ගුවන් තොටිපොලෙන්ද,රෝමය අවටින් සංචාරයේ යෙදෙන අයට රෝමා චම්පිනෝ ගුවන් තොටුපලෙන්ද රයන් එයාර් සේවය ලබා ගත හැක.
 ගුවන් ටිකට් පත් වෙන් කර ගැනිමට මෙතැනින් යන්න~~~~~~~>^රයන් එයාර්

3. විශේෂිත බස් සේවා පහසු කම
       *රෝමයේ දුම් රිය ස්ථානයේ සිට  රෝම චම්පීනෝ ගුවන් තොටුපල වෙත  විශේෂ බස් සේවාවක්  ඇත.(ටිකට් පතක මිල යුරෝ 4)
    වැඩි විස්තර හා බස් ටිකට් ලබා ගන්න මෙතනින් යන්න~~~~~~~>.^ටෙරා බස්
  
       *ස්විඩන ස්කවස්ට ගුවන් තොටුපලේ සිට  ස්ටොක් හෝම් නගරය වෙත ඇති බස් සේවාව සදහා තොරතුරු ලබා ගන්න මෙතනින් යන්න.න~~~~~~~>^Flygbussarna බස්


4. නැව් ටිකට් පත් මිලදි ගැනිම 
            ෆින්ලන්ත සංචාරය,විකින්ග් ලයින්  අමොරෙල්ලා සදහා ස්ටොක් හොම් සිට   ෆින්ලන්තය වෙත ගොස් නැවත හරවා  ස්ටොක් හොම් වෙත පැය 24 සංචාරය හෝ ස්ටොක් හොම් හී සිට ෆින්ලන්තය ට ගොස් පැය 10 පමණ ෆින්ලන්ත නගරයේ  සංචාරයක යෙදි නැවත නැව් නැගිමේ සංචාරය ඔබ විසින් තෝරා ගත හැක.පැයැ 24 සංචාරය සදහා  එක්කෙනෙකුට යුරෝ 20 සිට 50 දක්වා අයකිරිම් කරනු ලැබේ.අනිත් සංචාරය සදහා එක්කෙනෙකුට  යුරෝ 50 ත් 100 අතර මුදලක් වැය වේ. 
      ටිකට් පත් ලබා ගන්න මෙතනින් යන්න~~~~~~~>^විකින්ග් ලයින්
       
ඔයාලා දවස් කිහිපයක් ස්විඩනයේ සංචාරයේ යෙදෙනවා නම් විශ්වාසවන්ත හොටෙල් කාමරයක් වෙන් කර ගැනිමට  මෙතනින් යන්න   trivago   හෝ     tripadvisor 

අවශය තොරතුරක් දැන ගන්න මට ඊයක් විදින්න.  shanuwijathunga@yahoo.com

38 comments:

  1. අක්කේ නියම විස්තරයක් ,, ,, මාත් දවසක නැවක යනවා..ෂා නියමයි .. අක්කේ ලින්ක් දාද්දි ලින්ක් එකෙන් යන්න පුළුවන් වෙන්න දාන්න ..

    ReplyDelete
    Replies
    1. ලින්ක් වැඩේට වෙච්ච අවුල කිව්වනේ..දැනුවත් කලාට ස්තුති නංගි පැට්ටෝ

      Delete
  2. හප්පේ මගෙ සිහින ලිස්ට් එකේ උඩින්ම තියෙන සිහිනයක් තමා නැව් ගමනක්.
    ශානු ලස්සනට ලියලා තියෙනවා. අනික නිකම්ම ගිහින් නෑ අනිත් අයටත් ප්‍රයෝජන වෙන හොද තොරතුරු ටිකක් හොයන් ඇවිත්.

    ReplyDelete
    Replies
    1. ප්‍රියාගේ හීනේ ඉටුවෙන්න කියලා පතනවා....මගේ වැරදි වගයක් ඔමයියා පෙන්නලා දුන්නා ආයේ දෙපාරක් නොහිතා වැරදි හදන ගමන් අනිත් අය වෙනුවෙන් ලිව්ව ටික ටිකක් වැඩියෙන් ලියන්න අවස්ථාව ලැබුනා ....ඔමයියට ස්තුතිය යා යුතුයි

      Delete
  3. "අන්න නැවේ නෝටිස් බෝඩ් එකේ දාලා නැව හැදුවට පස්සෙම වැඩිම බර තියෙන කෑම පිඟාන ගත්තේ ශානු කියලා "
    නියම විස්තරයක්නෙ. නැව් නගින්න හිතෙන විදිහට ලියලා තියෙනවා .

    ReplyDelete
    Replies
    1. අනේ හොටු ගෙම්බෝ.....මොනා උනත් කතාව ඇත්ත නෝටිස් එකේ ඇති තමා අපි ලාංකීය බව පේන්නම බෙදා ගත්තා හි..හි..ස්තූති සහෝ

      Delete
  4. අක්කේ බ්ලොග් එකේ ටෙම්ප්ලේට් එක ටිකක් හදන්න ,අකුරු ටිකක් ලොකු කරන්න බ්ලොග් කියෝන අපේ වයසක උන්දලට පහසුවක් ,, ඒ වගේම පෝස්ට් එකට ටිකක් වැඩි ඉඩක් ගන්න ,,ඔයාගේ පෝස්ට් එක ගොඩක් වටිනා එකක් , අපරාදෙනේ

    ReplyDelete
    Replies
    1. හලි මතන් මන් ඒ අඩුපාඩුවත් ආදරෙන් හදා ගත්තා හරිද බලන්න

      Delete
    2. අකුරු හදන්න ඕනේ තවම පොඩිවට පේන්නේ. ස්කයිප් එකෙන් කරමු අපි ,

      Delete
    3. අනේ ඔව් මාත් ඕක කියන්න හිතුවේ

      Delete
  5. ඕෆ් සීසන් බලල වැඩේට බැස්සොත් යුරෝ 100 න් ගේම ගොඩ දාගන්න පුළුවන් වගේ නේද ...? යන්න ඕනේ... හරි කැමැත්තෙන් කියෙව්වා ශානු... මේ පෝස්ට් එක බලන්න කීප පාරක් ආව.. මන් හිතන්නේ බොහෝ අයට මග හැරුණා මේ පෝස්ට් එක..ඉන්නකෝ මගේ ඊළඟ පෝස්ට් එකේ යටින් ලින්ක් එකක් දාන්නම් ....

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් සහන් තල් අත්තට බොරලු ගහනවා වගේ රුයක ලියන් ගිහින් උදේ නිදි පැදුරෙම පබ්ලිෂ් කරා.ඕමා පෙන්නලා දුන්න වැරදි වගයක් හදන්න මට වෙලා නොතිබුන නිසා ආයේ පෝස්ට් එක අකුල ගන්න උනා ඊයේ රූ ගෙදර අපු ගමන් තමා ඇඩුපාඩු හදන් පොස්ට් ගත කොලේ.... 100 උඩින්ම off සිසොන් ගොඩ යත හැකි

      Delete
  6. ශානු........ඕගොල්ලෝ කියන්නේ විකින්ග් කියලා නේද? මෙහේ කියන්නේ වයිකින්ග් කියලා. ඔය සමාගම මුහුදු ප්‍රවාහන සේවයේ උඩින්ම ඉන්න සමාගමක්. ලස්සනට ලියලා තියෙනවා....මම ආසාවෙන්ම කරපු ජොබ් එකක් තමයි Alcohol Merchandising.

    ReplyDelete
    Replies
    1. ඔව් අපි කියන්නේ විකින්ග් ලයින් කියලා සමහර විට රට රට වල ශබ්ද කරන විදිහ අනුව බාවිතා වෙන නම වෙනස් වෙනවනේ...ගිරිමාල්දි, MSC වහේ නැව් සමාගම් එක්ක මිල ගනන් සසදලා බලද්දි විකින්ග් ලයින් සමාගම හොද සේවයක් ලබා දෙනවා.ඒ නිසා වෙන්ට ඇති ප්‍රවාහන සේවයේ ඉහලින් ඉන්නේ.
      ස්තූති අරු

      Delete
    2. ස්කැන්ඩිනේවියානු භාශා වලින් විකින්ග් විදිහට ශබ්ද කලාට අරූ කියන්න වගේ කඩුවෙන් ශබ්ද කරන්නේ වයිකින්ග් විදිහට,,,තව දෙයක් ස්කැන්ඩිනේවියානු රටවල ආදි කාලේ උන්නු වයිකින්ග් වරු මූද තරනය කරපු මුල්ම ජන කොටසක්,,,බෝට්ටු වලින් අවට රටවල් ආක්‍රමනයට නම් දරාපු කස්ටියක්,,,,

      Delete
  7. ශානු දන්නවා නේද ඇයි මේ Cruise Ships වල නමට මුලින් MS යොදන්නේ කියලා.MS නම් Motor Ship SS නම් Steam Ship

    ReplyDelete
    Replies
    1. මම දැනන් හිටියේ නෑ ගොඩක් ස්තූති දැනුවත් කලාට

      Delete
  8. මට ඔය පින්ලන්ත නැව් ගමන් අතපසු උනා 3ක් ස්විඩනයට ගිහිනුත්,,නොයෙක් නොයෙක් ප්‍රශ්න වැටුනා,,,, සර්දේනියා පැත්තේ ගියේ නෑද නාපෝලි ඉදන් නැව යනවා නේ...

    ReplyDelete
    Replies
    1. අපරාදේ ආයේ ගියොත් යන්න ඒක හරිම අපුරු ඇද්දැකිමක් වේවි ජීවිතයට, ඉදිරි දවසක සර්දේනියා පැත්තේ රවුමක් ගහන්න අදහසක් තියනවා බලමු

      Delete
  9. අඩේ නියමයි නේ අක්කේ.. මම මේ නත්තලට මොකෝ කරන්නේ කියලා කම්පනා කර කර හිටියේ.. මේ නැවු ගමන පටන් ගන්නේ කොහෙන්ද ඒ.. මට විස්තර ඕනේ.. මම ඊයක් දානවා..

    ReplyDelete
    Replies
    1. සිහිනව එක්ක යන දිපන්කරයක හොදේ :)

      Delete
    2. මලේ විස්තර සපයා ඇත.

      Delete
  10. හරිම ශොක් ශානු...

    නැව් කීපයකම ඇතුල බලන්න ගිහින් තිබුනත් එකම එක මුහුදු චාරිකාවක් විතරයි දැනට ගිහින් තියෙන්නේ... ඒ ජෙට්ලයිනර් එකේ පැය කිහිපයක චාරිකාවක් ...

    ReplyDelete
    Replies
    1. මාත් මේ නැව් චාරිකාව ගිය පළමු වතාව තුශා

      Delete
  11. ශා මරු. මමත් තවම නැවකට නැගලා නැහැනේ. අර ටයිටනික් වගේ එකක යන්න හරිම ආසයි...

    ReplyDelete
    Replies
    1. මේ නැව ටයිටැනික් වගේ ලොකු නැහැ ඒත් ටයිටැනික් ලුක් එකක් තියනවා සයුරි

      Delete
  12. අලී ...................නියමයිනේ අලී...
    මාත් ගොහින් නෑ නැවු ගමනක්..

    හොඳ පෝස්ටුවක් ශානු

    ReplyDelete
    Replies
    1. අනේ.....ආත්තද ලංකාවෙත් නැව් ගමන් තියෙනවා මයේ හිතේ මහත්තයා එක්ක දවසක රවුමක් දාන්න.හලීද ස්තූති රෙහානි

      Delete
  13. ඔයවගේ ඒජන්සි එකකින් යන එක ඇඟට ගුනයි අක්කෙ..!!

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි මට නම් ඔය වෙබ් සයිට් වලින් ටිකට් අරන් දුන්නේ අපේ අක්කණ්ඩි.... මල්ලි කියන කතාවෙත් ඇත්තක් තියනවා ක්‍රෙඩිට් කාඩ් අවදානම ගන්න වෙන නිසා ඒජන්සියකින් ගන්න එක තමා වඩා හොද

      Delete
  14. මාරම අසවෙන් කියෙඋව දෙතුන් පාරක්ම. යන්නම ආස හිතෙනව. ඒත් යුරො හොයගෙන ඔහොම ගමනක් යන්න ලොකු ට්‍රයි එකක් දෙන්න ඔනෙනෙ. බලමු, ට්‍රයි කරල.

    ReplyDelete
    Replies
    1. පැමිණිම සතුටක්......ඔෆ් සීසන් යන්න බලන්න මිල ගනන් හරි අඩුයි...ස්තුති

      Delete
  15. මම ලංකාවේ ජෙට්ලයිනර් නැවේ නම් එක පාරක් ගියා... ආයේ මොකක් හරි නැවක රවුමක් යන්න ඕනේ... කිලෝ 1ක බත් පිගානක් කියක් වෙනවද හැබෑටම. .. හෙහ් හෙහ් ..

    ReplyDelete
    Replies
    1. මාත් ලංකාවේ නැවේ යන්න ඕනා දවසක.......අම්මෝ එච්චර කන්නද යන්නේ... එක්කෝ හා කෝ මයේ මොකෝ......යුරෝ20 විතර වේවි. හි...හි...

      Delete
  16. මමත් ජෙට්ලයිනර් එකේ එක පාරක් ගියා... ලිකර් ස්ටොර් එක නම් මරු...

    ReplyDelete
    Replies
    1. මටත් ඔය ජෙට්ලයිනර් එකේ රවුමක් යන්න අදහසක් තියනවා .....මාත් ආසම තැන

      Delete
  17. අපිට කොයින්ද පූසෝ බැදපු මාළු කිව්වලු

    ReplyDelete
    Replies
    1. දැන් කව්ද පුසා.....බැදපු මාළු දෙන්ට බැරියෑ ලංකාවට ආපු දාකට අක්කණ්ඩි එක්ක අපේ දිහා ආවොත්........හී...හි...

      Delete

හැකි නම් පුංචි අදහසක් දක්වලා යන්න,ඒ අදහස මට මිල කල නොහැකි තරම් වටිනවා.,අදහස් නොදැක්වුවා කියලා අහිතක් නෑ මොකද ගෙවෙන සෑම තත්පරය ඔබට බොහෝම වටින බව මා දන්නා නිසා....සියළු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ දවසක්!