දවල් හීනියට තිබුන ඔළුව කැක්කුම වැඩ ඇරිලා බෝඩිමට එද්දි ටික ,ටික වැඩි උනා මම හිතුවේ සමහර විට දවස පුරාම කොම්පියුටර් එකත් එක්ක ඉන්න නිසා වෙන්න ඇති කියලා... ඒත් හිතේ තිබ්බ ගින්දර ටික ටික පත්තු වෙවි ඔළුවත් ගිනි ගන්න හදන බව මට ඉවෙන් වගේ දැනුනා. බස් වල එල්ලිගෙන ගිහින් තවත් විදවනවට වඩා ටවුමෙන් ත්‍රිවිල් එකක් අරන් බෝඩිමේ ගෙට්ටුව ලගින් බැහැ ගත්තට මට ඇගට හරි අමාරුවක් දැනුනා...ඔහොම්ම ගේට්ටුවෙන් ඇතුල් වෙද්දිම බෝඩිමේ බ්‍රිජට් ඇන්ටි දත් 32ක එලියට දාලා හිනා වෙලා...
"ආ ඔය ළමයා වේලාසන මොකද?"
"ආ... ඔව් ඇන්ටි අද මට ටිකක් ඇගට හරි නෑ වගේ" මම හැන්ඩ් බෑගයට අත දාමින් කාමරේ යතුර හෙව්වා....මේ වාතේ තව මාව කතාවට අල්ල ගත්තොත් ලෙඩේ එක ,දෙක වන බව දැනුන නිසා මට උවමනා උනේ ඇන්ටිගේ බෙලෙක් හඩෙන් ගැලවිලා මගේ සුපුරුදු හුදකලා කාමරයේ තනි වෙන්න...මම තොල්පට හපාගෙන කාමරේ දොර අරිනවා සමගම ,ඇන්ටි
"එහෙනම් ලමයා ඔයා රෙස්ට් කරන්න ,මේ දවස් වල ඩෙංගු හැම තැනම..."
මම සුපුරුදු හිනාවෙන්
"එහෙනම් ඇන්ටි මන් යනවා ටිකක් රෙස්ට් කරන්න "
ඔය විදිහට ඇන්ටිගෙන් ගැලවිලා කාමරේ අගුලු දාගෙන මම සාරිය පිටින් ඇදට වැටුනේ මේස ලාච්චුවේ තිබ්බ පැනඩෝල් දෙකක්...ප්ලාස්ටික් කොකාකෝලා බෝතලයට පුරවලා තිබුන වතුර ටිකක් එක්කම බීලා.........ඇස් දෙක තද කරන් වහන් මට බලෙන් ලබා ගන්න ඕන උන නින්ද වෙනුවට මට මතක් උනේ අම්මව,අනේ අද අම්මා මා ලග හිටිය නම්.... පොල් තෙල් ටිකක් දාලා නින්ද යනකම් ඔළුව අත ගාන්න ගියා.ඒත් දැන් පරක්කු වැඩි මගේ හිතුවක්කාර කමට මහා ලොකු ග්‍රැෆික් ඩිසයින කෙනෙක් වෙන්න මේ ගෙන්දගම් පොළොවට පය තියලා ඉවරනේ.ගෙදරින් එලියට බහිද්දිම අප්පච්චි කිව්ව
"හිතුවක්කාරියන්ට ගෙදර දොර වැහිලා "කියලා....
ඒත් අම්මව මතක් වෙද්දි ..... ආයේ ගෙදර යන්න හිතුනත් මම ආව හීනේ හැබෑ කරගෙන මිසක් මන් මේ ගෙන්දගම් පොළොවෙන් එක අඩියක් හොල්ලන්නෑ එක්කෝ මම මගේ ඉලක්කෙට යයි,එහෙම නැත්තම් මේ කොළඹ පොළොව එක්ක පොර බදලම මැරිලා යයි....හ්ම්ම්ම්ම්ම්ම්ම් ලොකු හුස්මක් පිට කරලා..ෆෝන් එක අතට ගත්තේ අම්මගේ කට හඩ අහන්න හිතේ මහා ලොකු කැමත්තක් තිබුන නිසා ඒත් අප්පච්චි ගත්තොත් කියලා හිතේ බයකුත් තිබුනා.....කොළඹට පය තිබ්බට පස්සේ අම්මගේ කටහඩ මේ මාස 5 ටම ඇහැව්වේ දෙපාරයි....
හිත හයිය කරන් ඕන දෙයක් වෙන්න කියලා..ගෙදර නම්බරේට කෝල් කරා මගේ හිත ගැහෙන සද්දේ කාමරය පුරා දෝංකාර දෙනවා...නොනැවති නාද වෙන දුරකතනය නතර උනා .....
" හෙලෝ "
දෙයියනේ ඒ අම්මා,මම කතා කර ගන්න බැරිව ගොළු උනා. මන් මහා හුස්මක් රිසිවරයට නොදැනි පිට කලා....
"සුදු පුතේ ඇයි කතා නොකර ඉන්නේ ,මගේ පුතාට කරදරයක් නෑනේ"
ඔය ඉතින් අම්මගේ ආදරේ තරම මගේ හුස්මකටත් සංවේදි වෙන මගේ අම්මා....මගේ හිතේ විදුලි වේගෙකින් දිව්ව ඒ සිතුවිල්ලත් එක්කම....මම ,
"අම්මා" .....
"ඇයි මගේ පුතේ අඩන්නේ..." ඒ අම්මා,ඉකි නොගැහැව්වට මටත් නොදැනිම කම්මුල් දිගේ රූටාගෙන ඇවිත් වැටුනු මගේ කදුළුත් අම්මට දැනිලා...
හ්ම්ම්ම්ම්
"මොකුත් නෑ අම්මා මේ පොඩි හිසේ කැක්කුමක්,"
"අම්මා අප්පච්චි??? "
මට උවමනා උනේ අප්පච්චි ගෙදර කොහේ හරි ඉදන් ඇවිත් අම්මට දෙස්දෙවුල් තියන්න කලින් අප්පච්චි ඉන්න ඉසව්ව දැන ගන්න.
"අප්පච්චි නෑ ලගකට ගියා ,මගේ පුතාට ඔහේ කරදර නම් ආයේ ගෙදර එන්න මන් අප්පච්චි එක්ක කතා කරන්නම්"
මම හිත තද කරන් කිව්වේ "නෑ අම්මේ මම ආව වැඩේ ඉවර වෙනකම් ආයේ ගෙදර එන්නේ නෑ" කියලා.
"අනේ පුතේ මට ඔයාව නැති වෙයි කියලා බයයි"
මගේ හිතට තව දුරටත් අම්මගේ හුල්ලන ආදරේ ඉස්සරහ කඩා වැටෙන්න දෙන්න බැරි නිසා....දිගු කතා බහකට පස්සේ විසන්ධි වෙච්ච මොබයිලයේ පින්තූරු පිරික්සා ඒ අතර රැදුනු පින්තූරයක් පපුවට තුරුළු කරන් තනි වෙච්ච මගේ හිත හේදිලා යනකම් ඔහේ කඩාගෙන වැටුනු කදුලු වල බර කොට්ටයට දිලා එදා හවස් වරුවම ගෙව්වා.......
හමුවෙමු
ඊලග කොටසින්.-----------
This comment has been removed by the author.
ReplyDeleteසාදරයෙන් පිලිගන්නවා මල්ලිව කතාව එක්ක ඉදිරියට රැදි ඉන්න...හැම අම්මා තාත්තම එක වගේ නෑ මල්ලි
Deleteඅනිවා අක්කියො ඊලඟ කොටසත් ඉක්මනටම එයි කියලා බලාගෙන ඉන්නවා.
Deleteකතාව ගැන ඉවර වුනාම ,භාෂාව නම් නියමයි.මං නම් කැමැති .......
ReplyDeleteමේ කතාවක් ලියන්න පුරුදු වෙන අහිංසක උත්සහයක් සහෝදර ස්තූති
Deleteඅපූරුවට ලියල තියෙනව...
ReplyDeleteඒත් මදි...
නිකං ගිනිකූරක් පත්තු කලා වගේ...
චෝස් ගාල ඉවරයි
දැනට ගිනිකූරෙන් වැඩේ කරනවා පස්සෙඉ බැරියෑ මල්ටිබැරල් ගහන්න:)
Deleteඅම්මලා ඔහොම තමා බං ගොඩක් වෙලාවට… අපි ගැන අපිට නොතේරෙන දේවල් එයාලට තේරෙනවා ලස්සනට.
ReplyDeleteකතාව තව ටිකක් දික් කලා කියලා අපි තරහ වෙයි කියල හිතුවද?
මේකනේ බං මන් තාම කතාවක් ලියන්න පුරුදු වෙන එකීනේ ඉවසා වදාරපන්
Deleteමේක සුපිරියි අක්කියා. මම කිවුවෙ, ඔයා ලියන ඒව හදවතට දැනෙනව. ඉක්මනටම දෙවෙනි කොටසත් දාන්න හොඳද?
ReplyDeleteකොට බස්සි හිත හොද එකී එලස් ඊලගත් ඉක්මනින් දාන්නවා
Deleteහිතට දැනෙන්න පුළුවන් රටාවක් තියෙන ලියවිල්ලක් උඹට තියෙන්නේ සුදු නංගි ... කතාව ගැන විචාර දෙන්න කලින් වැඩියි. ලියලා ඉවරවෙනකම් බලන් ඉන්නේ
ReplyDeleteමට තල්ලුවක් දෙන්න උඹයි,බස්සියි හැමදාම ඉන්න එක ගැන සතුටුයි.හාකෝ කතාව ඔක්කොම ලියලා ඉවර උනාම විචාරයක් දිපම්කෝ
Deleteබලමු මිළග කොටසත්.... මේ වගේම කතාවක් කලකට ඉහතදී ළිහිනි තාරුකා කියල කෙනෙක් බ්ලොගක ලිව්වා. බ්ලොගේ නම ළිහිණිගේ ජීවිතය. දැන් ඒ බ්ලොග වැඩ නෑ....
ReplyDeleteහිතට ආව දෙවල් රටාවකට ලියන් ගියා නලින් අයියා...මේ පුංචි උත්සහයක් කතාවක් ලියන්ට ගන්න
Deleteකෝ පටන් ගත්ත විතරයි ඉවරනේ.
ReplyDeleteිදිගට ලිව්වොත් එපා වෙයි කියලා කොටට ලිව්වේ ඊ ලග කොටස දිග් කරන්නම්කෝ
Deleteදුක තමයි ඉතිං...
ReplyDeleteදුකේ දුක :)
Deleteඅම්මලට කොහොමත් ළමයින්ගේ හිත් තේරුම් ගන්න ලේසියෙන්ම පුළුවන්...
ReplyDeleteකතාව හිතට දැනෙන්නම ලියලා තියෙනවා.. ඊලඟ කොටසත් ඉක්මනින්ම ලියන්නකෝ..
අම්මා කියන්නේ තුශා මගේ සැබෑ ලොකේ මාව තේරුම් ගත්ත එකම එක්කෙනා...ඉක්මනින් ලියන්නම්කෝ
Deleteතද වෙනවනේ ඉතින් පොඩ්ඩ පොඩ්ඩ දාද්දී...
ReplyDeleteඉන්නෝකෝ ඉවසලා එහෙමටමා වැඩගට් කතා දාන්නේ කැහුටු ඉදිකට්ටා ඉවසලාහිටු
Deleteපොඩ්ඩ පොඩ්ඩ දාලා හිත කලබල කරනවා නේ අක්කාත්..
ReplyDeleteලිය වුනේ පොඩ්ඩයි එකයි ....පොඩි උත්සහයක්නේ මේ...
Delete
ReplyDeleteකියවන්න ගත්තා විතරනේ. පොස්ට් එක කියලා හිතාගෙන කොමෙන්ටුත් කියවලා. හැක්.
ලෝබ නැතුව ටිකක් දිගට ලියන්න. ජය....!
අනේ දුප් .....ලෝභ නෑ අකුරු දෙකක් ටයිප් කරද්දි බෙල්ල කඩන් වැටෙනවා අයියෝ... හිකිස්
Delete" හෙලෝ "
ReplyDeleteදෙයියනේ ඒ අම්මා,මම කතා කර ගන්න බැරිව ගොළු උනා. මන් මහා හුස්මක් රිසිවරයට නොදැනි පිට කලා....
"සුදු පුතේ ඇයි කතා නොකර ඉන්නේ ,මගේ පුතාට කරදරයක් නෑනේ"
ඔය ඉතින් අම්මගේ ආදරේ තරම මගේ හුස්මකටත් සංවේදි වෙන මගේ අම්මා....මගේ හිතේ විදුලි වේගෙකින් දිව්ව ඒ සිතුවිල්ලත් එක්කම....මම ,
"අම්මා" .....//
:'(
අම්මා :( සමාවෙන්ඩ හිත රිදුනානම්.. :(
Deleteඔන්න අදයි මේ කියවන්න ආවෙ.හා හා ලියමුකො.මේ මාත් ඉන්නව නෙ කියවන සමාජේ
ReplyDeleteහෑ කියවන සමාජයේ ගුටි නොකා ලියන සමාජෙට එනෝ..
Delete