Wednesday, August 6, 2014

61.කලාමැදිරියකගෙන් ගොට්ටන්ට කවි පහරක්


රටක් ඇත ,නම සිරිලකය
 රජෙක් ඇත හිටියේ ඔහු නමටය
 රාජ ශ්‍රිය පෙන්නා  මහජන මුදලට විද්දේය
 සිරිලකේ දැන්  ඇති සිරියක් නැතුවාය

ගව මඩුවක් ඇත වතුර තටාකයක් මැද පිහිටා
හොද,හොද රට හරක්  ඇත එහි ආසන මත හිදවා
වැඩකට නැත මුන්ගේ  ගොං ප්ලෑන් මිස
රට වැසියන් අවධානමේ මේ ගොං  චුං දැක

වතුර නැතුව  ජල විදුලිය විසන්ධිය
නොරොච්චෝලේ ඇටවු කෙහෙල් මලේ මුදලුත් වතුරේය
මහජන මුදල් වලටම කෑදර වී උන් නිකමෝය
විදුලි දේවිට  කල හැකි ඉට්ටක් දැන් නැතුවාද?

අසරණ මිනිසුන්ගේ බත් පතටම වැට් බර දුන් ගොට්ටෝය
රග්බි,රේස් තබමින් ජය පැන් බිව්වෝය
හාල් මැස්සා වැට් බරටම ගඳ ගැසුවේය
අවුඩි,රේස් කාර් වැට් නිදහස් වී මෙරටට  වැඩියේය

නියගය කිය ,කියා ටීවි චැනල් තලු මැරුවේය
වැව් සුද්දය ගම් වල කරනට පෙල ගැසුනේය
අසරණයන්ගේ ශ්‍රම ශක්තිය සුරා කෑවෝය
තුන්දහේ සලාකෙට අසරණයෝ දහඩිය හෙලුවෝය

ආදියේ අපි පරංගි පරදා මෙරටට නිදහස හිමි කෙරුවේය
රට එක්සේසත් කර  රට ගොඩ නැගුමට උර දුන්නේය
වහල්කමින් මිදිලා නිදහස් සුව වින්දෝය
දුකට කරුණ රටේ උන්ට,දුබලයාට වහලුන් වන්නට  සිදු විමය

මුහුදු හතෙන් එහා ඉදන් සිංහල ලේ රත් වන්නේ
කවියක් ලියා කල හැකි දෙයක් නැති බව මා දන්නේ
කල හැකි දෙයක් නැති කල මේ ලෙස කෙටුවේ
අපිට තියෙන කැක්කුම ඇයි?රට ඇතුලේ උන් හට නැත්තේ

කට කැපුවත්,අත කැපුවත් කිවයුතුදේ ලිය යුතුවේ
සිගිති චුං නවතා බලධාරින්ගේ ඇස් ඇරියන්නේ
අසරණ මිනිසුන්ගේ කඳුළු වල බර දැනියන්නේ
පුටුවට පොර නොකා  රටට සෙතක් කරනට බලපන්නේ


තිස්තුන්කෝටියක් දෙවිවරු ඇතැයි සිතනා  ලක් වැසියෙනි අනේ
එක දෙවි කෙනෙකුට නොහැකිද  මේ අවනඩු ටික විසදන්න අනේ
පඩුපුල් ආසනේ රත්වි නැතිද කියා සිතේ අනේ
සක්‍ර දෙවියොත් රජ සමගින් ජය පැන් බොනවාද සැකයි අනේ...

දෙවිවරුනට කල හැක්කක් නොමැත ඉතින්
එකතු වෙයන් ලක්මවකගේ දරුවෝ ලෙසින්
බැඳපන් පවුරු හිකනැලයන්ගේ උරහිස් උඩින්
අනාගතේ වෙනුවෙන්වත් හරි තීරණ දැන්වත් ගනිව් නිතින්


____ශානු_____

28 comments:

  1. මන් එක බොලව්....!

    ReplyDelete
    Replies
    1. ඔයගැන කොපමණත් කිව්වත් පලක් නැති....'
      බීරී අලින්හට වීණා වයනු වැනි...'

      Delete
    2. නෑ මචන් නිමෝ අන්ධ,ගොළු, බීරි මී හරක්ට වීණා වයනු වැනී කියලා නිවැරදි විය යුතුයි

      Delete
  2. හොඳ වෙලාවට ඔබතුමී ලංකාවේ නැත්තේ... :)

    ReplyDelete
    Replies
    1. හෙහ්...හෙහ්...ලංකාවේ හිටියත් ලියමි....සුදු වෑන් එද්දි මධු අයියලැහේ හරි හැංගෙන්න බැරියෑ

      Delete
  3. මොලේ නැති ඇත්තන්
    යවා ගාලකට හරක්
    කලේ අමන කම්
    නොවේද අපි...
    බැදගත්තේ බේරේ අපිමය
    දැන් ගහන්නේ වෙන වුන්ය
    ගහන සැර වැඩි වෙන හන්දා හැමදා
    බෙරෙත් නෑ පළුවකුත් නෑ..
    නැටුම් නම් එමට ඇති නැටූ...
    ඒ වුණත් සමහරුන්ට පොලව ඇදලූ...

    අපූරු කවිය... ඒත් අක්කේ මේව බලල හැදෙන්න ඕන උං නෙවී... ජහමනය කියල ඈයො...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. මහජනයා හැදෙන්නේ නෑ මල්ලි මලාට....මහජනයා ජන්දේ කාලෙට ප්‍රෝග්‍රෑම් කරන්න අර කට්ටිය යස අගේට දන්නවා නොවෑ....

      Delete
  4. කොච්චර මොලේ තියෙන එකෙක් උනත් අන්ට ගියාම උගේ මොලේ නැති වෙනවනේ..
    හනේ හපොයි....

    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා....සහතික ඇත්ත

      Delete
  5. ශානු.....තව පට්ටියකට කට්ටිය හොයනවා ඌව පැත්තේ. ඒකටත් අම්බ මීහරක් ටිකක් දක්කමු....

    ReplyDelete
    Replies
    1. එහෙනම් අරූ අයියා දක්කමු,දක්කමු ජක් පිට මක් කියලා ;)

      Delete
  6. ඔය විල මැද බංගලාවෙ ඉන්න මී හරක් ටික අයින් කරල වැඩකට ඇති මිනිස්සු ටිකක් එනකං මේ රට හදන්න බෑ අප්ප..

    ReplyDelete
    Replies
    1. කොහොමත් මුන්ව හදන්නවත්,මුන් හැදෙන්නෙවත් නැති වෙයි සංචාරක....සාදරෙන් පිලිගන්නවා මේ පැත්තට

      Delete
  7. ඈ ඒගමන උඹ දේශපාලනේ පටන් ගත්තද ..

    අහු වෙයන් උඹ කලින් පොස්ටුවට අපිට මඩ ගැහුවට . මට ඔය පොඩ්ඩක් වැදුනට කමක් නෑ බං බස්සිට නැතිවෙන්නම දීලා තියෙන්නේ .. (Y)

    ReplyDelete
    Replies
    1. ආ උබ ආවද??
      ආන් රට්ටු කතා හදනවා උබට... උබ අරෙහෙ ගියාලු, මෙහෙ ගියාලු, අරම උනාලු,මෙම උනාලු... හයියෝ සල්ලි.....!!

      Delete
    2. ඔව් ඇයි බං සුදු අයියේ උඹ වගේ රෙස්ලින් පොරක් ඉද්දි මන් බය වෙන්න ඕනද දේශපාලනයට බහින්න

      හෙහ් හෙහ් ඒකනේ මරු නේ වැඩේ....

      @නිමෝ ඒ මොන කුණුහරුපයක්ද බොල....කොහොමද දැන් ඉවානයට වෙලා තියෙන්නේ.....

      Delete
  8. අනේ මන්දා බං අන්තිමට බැලුවාම මුං ව ඔය තැන් වලට යවපු අපි හරක්

    ReplyDelete
    Replies
    1. හරක් නෙමේ රෙහානි අපි මීහරක්...

      Delete
    2. නෑ..නෑ අනේ අපි අලි මෝඩ ගොං මී හරක්

      Delete
  9. සහතික ඇත්ත... කොහොම වුනත් පද වැල් ටික නම් අපූරුයි..

    ReplyDelete
  10. මේවා ගැන කියලා වැඩක් නෑ.. වෙන දෙයක් ලියහං..

    ReplyDelete
  11. ඕවා පාලකයන්ට පේන්නෙ ඇහෙන්නෙ නෑ අක්කෝ

    ReplyDelete
    Replies
    1. ඔව් බන් මටත් හිතුනා අපේ කාලේ පාලකයන්ව පුනුරුත්තාපනයට යැව්වා නම් හරි කියලා

      Delete
  12. මෙහෙමනේ.. කොච්චර කියෙව්වත් ගානට ගිහිං ඒ උත්තමයන්ටම කතිරේ ගහලා එනවනේ අපේ උන්ද ලා

    ReplyDelete
    Replies
    1. ඒකනම් හරියට හරි නාඩි..

      Delete
    2. අනේද කියන්නේ...

      Delete

හැකි නම් පුංචි අදහසක් දක්වලා යන්න,ඒ අදහස මට මිල කල නොහැකි තරම් වටිනවා.,අදහස් නොදැක්වුවා කියලා අහිතක් නෑ මොකද ගෙවෙන සෑම තත්පරය ඔබට බොහෝම වටින බව මා දන්නා නිසා....සියළු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ දවසක්!