Wednesday, August 13, 2014

64.හිතුවක්කාර හීන-[ අහස් යාත්‍රාව] -1


            යාන්තමට ජීවිතේ බර දැනෙද්දි සල්ලි කොළ වල සුවඳ නිරායාසයෙන් දැනුන මම  ජිවිතේ පලවෙනි අඩිය ඉස්සරහට තියන්නට වුයේ හන්දියේ සිල්ලර කඩයක් දැමිමට ගත් උත්සහයෙනි.ඒ උත්සහය සාර්ථක වීමත් සමගම.ජිවිතේ නීරසම කාලය උදා වු නමුත් අත මිට සරු වන්නටද විය.පාන්දරින් කඩේ ඇරීම බඩු මිලදී ගැනිම,විකිණීම, මුදල් බැංකු ගත කිරිම,අඩුපාඩු සොයා බැලීම,ගණන් හිලව් සෑදීම, රෑ ජාමේ කඩේ වැසීම,අවුරුද්දකට වැඩි කාලයක් එකම ලෙස ලාභ පාඩු මැද ගෙවි ගිය ජීවිතයේ කොතැන හෝ වෙනසක් සිදු විය යුතු යැයි මට සිතුනී.ඉක්මනින් සැහැල්ලුවෙන් මුදල් සෙවීමේ මාර්ගයක් ගැන මා සිත තුල අන් අය මෙන් ඉපදුනේ  අහිංසක පැතුමකි.නමුත් එය කෙසේ කොතැනින් පටන් ගන්නද මට සිතා ගත නොහැකි විය .සිල්ලර කඩේ තුල හිර වෙච්ච ඒකාකාරි ජිවිතයට තිත තබා මා විසින් වෙනත් රැකියාවක් සොයා ගැනීමට උත්සහ කලේ මට වයස 21දීය. ලිය කියවිලි වල රැකියාවක් කිරිමට ඔපීසියක රැකියාවකට යෑමට මා තුල නොවු සුදුසුකම් නිසා මා විසින් කිහිප විටක් ගමේ පාලිත තීන්ත බාස් සමග  ගෙවල් පින්තාරුව සදහා ගියද ඔහු විසින්  ශ්‍රමය සුරා කෑම හා පඩි නොගෙවීම හේතුවෙන් මා විසින් ගෙදරට වී අම්මා තම්බා දෙන දෙයක් කා හවසට කොල්ලන් හා පිට්ටනියට ගොස් සෙල්ලම් කර ගෙදර එන්නට කාලයක් පුරුදු වුනී.

                  මාස ගානක් රස්සාවල් සෙව්වද කිසිවක් නොලැබුන මට දිනක් තාත්තා විසින්  ඔහුගේ  දන්නා හදුනන මහත්තයෙකු හදුන්වා  දුන්නේ  ඉස්සෝ වළක වැඩ බැලිමට කැමැත්ත මා විසින් විමසමින්ය.හතේ හත වැදී එම්ටි පොකට් වී සිටි මට එය හතර මහා නිධානය පහල උනා වැනි රැකියාවක් විය.නැවතත් දින ,සති  ,මාස ඉස්සෝ වළේ ජීවිතයට යටවී ගිය නමුදු  මෙය සිල්ලර කඩේ මෙන් එපා නොවුනු රස්සාවක් වුයේ  විවිධ පලාත් වලින් පැමිණි උන් මා යටතේ වැඩ කෙරු නිසාත් හිතු සැනින් ගෙදර යෑමට,ගමන් බිමන් යෑමටත් තිබු නිදහස නිසා වෙන්න ඇතැයි මට අදටත් සිතෙනු ඇත. ඉස්සෝ වළේ රස්සාව ඉතා වගකීමෙන් කල යුතු එකක් විය....අලුතින් ඉස්සන් දැමිම,වතුර නිසි වෙලාවට කලාවට මාරු කිරිම,ඉස්සන් සදහා කෑම දැමීම ඉස්සෝ වළේ බැම්මේ රෑ ජාමෙට ටෝච් එළිය ගසාගෙන රවුමක් යෑම මා වැනි කොල්ලෙකුගේ  නිර්භිතකම හා වගකීම හෙළි වන්නක් යැයි විටක මට සිතුනි.එම හැඟීම ගැටවර සිතේ ඇති වු පිස්සු හැඟුමක් බව අදටත් මතක් කරනුයේ මුව කොණක ඇඳි සිනහවකින් යුතුවය.ඉස්සෝ වළ දකුණුපසින් තිබු ගග නිසාම කබරයින්ගෙන් හා තලගොයින්ගෙන් ඉස්සෝ පරිස්සම් කිරිම ඉතා වගකීමෙන් කල යුතු දෙයක් විය.බැරි වෙලාවත් වැඩ කරන්නන්ගේ ඇස් වසා ඉස්සෝ වළට පනින කබරයෙක් හෝ තලගොයෙක් නැවත ගොඩට එනුයේ ඉස්සෝ අස් වැන්නට ලෙසටම වින කර යැයි අපි දැන සිටියෙමු.ඒ නිසාම ඉස්සෝ වළ වටා වැටක් මෙන් අඩි 3 ක පමණ දැල් ඇදිම මගේ අදහසක් බවත් එය  ක්‍රියාත්මක කිරිමෙන්  පසු තලගොයින්,කබර පැටව් කීයක් නම් මිය පරලොව යන්නට ඇද්දැකි අදටත් කිව නොහැක.

                            කාලය ගෙවි යත්ම ඉස්සෝ වළේ රැකියාවෙන්ද මා සිත මෙන්ම කයද විඩා බර විය.යාළුවන් අතර ගැවසෙන විට කනෙන් කොනින් ඇසුනු ඉතාලි යෑමේ පිස්සුව 2005 වසර වන විට මගේ ඔළුවට වැටුනී.ඉතාලිය යනු ඩිස්නි ලන්තය වැනි සිහින ලෝකයක් යැයි මා සිතින් මවා සිටියේය. ඒ ඉතාලි සිට ආ ඉතාලි ගයාන් යෑයි එවකට අපේ ගැන්සියේ ප්‍රසිද්ධව සිටි ගයානයා අපි තුල මැවු සිහින ආකරය නිසාය. ගයානයා විසින් ලංකාවේ සිටි මාසයට  හොද හෝටල් වලින් කෑමට බිමට අපව දහා දොලොස් වතාවක් කැන්දම් යන අතර ඌ හැම විටම  ගෙවිම් කරන ලද්දේ දාහේ නෝට්ටු වලින්ය. එමෙන්ම වේටර් කොලුවාට රුපියල් 500 නෝට්ටුවක් අනිවාය. ඒ දවස් වල අපේ පොකට් මනි වත් රුපියල් දෙතුන් සියයකට වඩා නොතිබුනි.අපේ ගැන්සිය ගයානයා ඇදැහුයේ දෙයියන් මෙන්ය.ඉබේම අපි ගයානයාගේ ෆයිලට්ලා විය. කෙසේ නමුත් සැප පහසු ජීවිතයක් සොයා යෑමට මගේ සිතේ ඇතිවු මේ ඉතාලි ගමන නිසා  බෝට්ටුවක හෝ එල්ලි ඉතාලි බලා යෑමට තරම් හිත දැඩි කර ගනු ලැබුවේ තව දුරටත් ලංකාවේ ඉදිමෙන් අනාගතය නිසි ලෙස සරු කර ගැනීමට නොහැකි බව රට යන අත සමග ඉවෙන් මෙන් තේරුම්  ගිය නිසාය.නමුත් බෝට්ටුවක ඉතාලියට යෑම සදහා අම්මාත්,තාත්තාත් දැඩි ලෙස විරුද්ධ විය. එයට හේතු වුයේ බෝට්ටු වල යන මිනිස්සුන්ට අතර මගදී සිදු වන අපහසුතා,මිය යෑම්,හා අතුරුදහන් වීම එවකට සෑම දිනකම පාහේ පුවත්පත් වල සදහන් වී තිබු නිසාය. එබැවින් හෙල්මට් ක්‍රමයට හෝ ජමනීය හරහා හෝ ඉතියෝපියාව හරහා හෝ ඉතාලියට ගොඩ වීමට විශ්වාසදායක තැනක් සෙවිමට මා මෙන්ම මට හිතවත් ඉතාලි යාලු මිත්‍රයෝද වෙහෙසුනෝය. අවසානයේදී ඒ බලාපොරොත්තුව මල් ඵල ගන්වමින් ලක්ෂ දෙකක් වැනි මුල් ගෙවිමකින් ඉතාලිය බලා ඒමට හෙල්මට් ක්‍රමය ආධාරයෙන් අවස්ථාවක් හිමි කර ගැනීමට තරම් මාගේ දෛවය මට කාරුණික විය.

                   මා විසින් ඉස්සෝ වළේ රස්සාවටද තිත තබා මාසයක් මහන්සි වී සියළු කටයුතු සාර්ථකව නිම කල පසු උදා වු සුබ මොහොතින්  බණ්ඩාරනායක ගුවන් තොටුපොලෙන්  කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඉතාලි බලා පිටත් විමේ දිනයට ලගා විය.මා සමග කණ්ඩායමක්ම හෙල්මට් ක්‍රමයට ඉතාලි යෑමට  සෙට් වු තවත් දහ  දෙනෙක් පමණ සිටියෝය.සියලු ආරක්ෂක තිත්පොළවල් ලබා දී තිබු පගා වල බල මහිමයෙන් කටාර් ගුවන් යානයට පය තබන්නට හැකි විය. පැය 5කට ආසන්න  කාලයක් උඩු ගුවනේ සිටි අපි කටාර් හී දෝහා ගුවන් තොටුපොලට ගොඩ බැස ඊ ලග ආරක්ෂක තිත්පොළ පැනිමට ලක ලෑස්ති විය.අපි සමග ආ දෙතුන් දෙනෙකු  අදාල ආරක්ෂක කවුළුව පහු කිරීමෙන් පසු පැමිණියේ මගේ වාරයය.දිග හුස්මක්  මුදා හැර පාස් පොත හා බෝඩින් කාඩය කවුන්ටරේ වෙත දෙන  ලදී....පාස්පොත උනන්දුවෙන් කිහිප විටක්  පරික්ෂා කෙරු පරික්ෂකවරිය මගේ මුහුණ හා පාස් පෝතේ මුහුණ සසදනු මට දැනුනද මා විසින් අහිංසක බැල්මක් ඈ වෙත හෙළන ලදි...ඊලග මිනිත්තුවේදි ඈ විසින් මගෙන් යමක් විමසු කල උත්තර බැදීමට නොහැකී වු තැන ඈ විසින් ගත් ඇමතුමකට එතැනට පැමිණියේ ලංකාවේ පොරක් හා පොලිසියේයැයි කිව හැකි ඇදුමකින් සැරසී සිටි පුද්ගලයෙකි.පාස්පොත  එහාට මෙහාට කර බැලු ලංකාවේ පොර කුප්ප බැල්මක් දමා


         "මොනාද අයිසේ තමුසෙලා කරන වැඩ.....බලනවා තමුසෙලා හොර කරලා රට යන්න දගලන දැගලිල්ල නිසා අපිට මේ රට වල ඔලුව උස්සන් වැඩ කර ගන්න බැරි හැටි,හිගා කනවලාකෝ මේ හොර වැඩ නොකර"
   
 "රස්සාවක් කරලත් ලංකාවේ මිනිස්සු හිගානොකා හිගා කන බව නොදන්න ගොබ්බයා,අම්මාපා මූ ලංකාවේ හිටියා නම් මුගේ හක්කේ දත් මෙන්ම  කෘන්තක දත්ද සොයා ගැලවීම මට එතරම් ගේමක් නොවේ යැයි සිතින් සිතුවද ,වරද මගේ වු බැවින් නිහඬව සිටි තැන ගල් ගැසුනි.අදාල ලාංකීය පොර  දිගට හරහට  දෙසන කල,මට සිතුනේ වැඩේ දෙල් දොදොල් වි යන හැඩය,හදවත උපරිමේට ගැහෙනුයේ මී ලගට කුමක් සිදුවේද යන්න ඉවෙන්වත් සිතිය නොහැකි වු නිසාය.

        ලාංකීක පොර සමග පැමිණි අනිත් පොලිසියේයැයි කිව හැකි කටාර් නිලධාරියා සමග මා පසක හිටවා ඊ ලගට අපේ කණ්ඩායමේ සිටි අනිත් උන් එක එකා  මා සිටි තැනට එවන්නට විය ,දැන් කුමක් වේද ? කටාර් හිරේ ලගින්නට සිදු වුවහොත් තම්බින්ගේ හිරි හැර වලට ලක් වන්නට සිදුවේ යැයි විටක මට සිතුනි,ගේ උකස් කර ගත් ලක්ෂ දෙක එහෙම් පිටින්ම වතුරේ ගිය බව නම් වතුර මෙන් දැන් පැහැදිලිය.අම්මාටත් තාත්තාටත් මේ දේවල් දැනුම් දීමට ක්‍රමයක් ඇත් නම්  යෙහෙකී යැයි මට සිතුනී...කාත් කවුරුවත් නොදන්න රටක පොලිසියකට අසුවී,හිර බත් කෑමට දැන් කෙසේ හෝ සිත සදා ගත යුතු යැයිද මට සිතුනි.කොපමණ අවුල් වුවත් ජීවිතේට මුහුණ දිය යුතු ශක්තිය තවමත් මා තුලින් බිඳි ගොස් නොමැත.දෛවය ගෙනා දුර මෙය නම්  "නියග කාලයක් වගේම වැසි වැටි ඵල දරණ කාලයක්ද "එන බව විටක් අම්මා කියු බව සිහිපත් වුනී...එසේනම් නියගයට මා සුදානම්ය......

-මතුසබැඳි-

28 comments:

  1. අහා... තඩි කිඹුලිගෙන් තවත් සංවේදී ඉට්ටෝරියක්! එල එල. ඔහොම යන් ඔහොම යන්.

    //ඉස්සෝ වළ// හික්ස් !

    ReplyDelete
    Replies
    1. අඩේ අෆ්ෆා මම අදත් එක

      Delete
    2. උඹලගෙන් වළ ගැන ඇහැව්වේ ඔන්න ඕකට.... යෑස් උඹ එක

      Delete
  2. මේක මරු..!!
    //හෙලමට් ක්‍රමේ//
    අදමයි ඇහුවෙ.. :D

    ReplyDelete
    Replies
    1. වැඩි විස්තර සඳහා අමතන්න. පොත බාර දෙද්දි භාගයයි ඉතාලි බැස්සම ඉතුරු භාගෙ

      - මීට ශානු -

      Delete
    2. හහ්.. කවුන්ටරේදි මාට්ටු වුනාම තව භාගයකුත් දෙන්නම්කො පත්තරේ..

      Delete
    3. හෙට්මට් ක්‍රමේ කියන්නේ මල්ලි ඉස්සර පරණ පාස්පෝට් වල ෆොටෝ එක අලවලානේ තිබ්බේ අන්න ඒ ෆොටෝ එක සුක්ෂමව ගලවලා වෙනත් කෙනෙක්ගේ ෆොටෝ එක අලවන එකට.....ෆේස් කට් ඉතාලි එනවා කියන්නෙත් ඉතාලි එන ක්‍රමයක් අදාල පාස් එකේ ෆොටෝ එකට ගැලපෙන්න මුණ තියෙන කෙනෙක්ව හොයලා එයාව ඉතාලි එන්න ලෑස්ති කරනවා අහු උනොත් සොරිම තමා
      @පත්තරේ අම්මෝ මචං පත්තරේ මන් ඔය වැඩ වලට නෑ

      Delete
  3. මං හිතන්නෙ වැඩේ ගොඩ යන්න ඇති..බැන්නට සික්කලා දෙන්න උදව් කරාවි..

    ReplyDelete
    Replies
    1. දෙවෙනි කොටස් දැම්මා බලන්න

      Delete
  4. මොකද්ද හෙල්මටි ක්‍රමේ කියන්නෙ අප්පා..
    ඊලග කොටස එනකං බලං ඉන්න එපැ දැං

    ReplyDelete
  5. යකෝ මෙහෙමත් කෑලි කැඩීමක්!!!! තනිකර විරෝධය!!

    මූ ඉතාලි යයිද? බලමුකො!

    ReplyDelete
    Replies
    1. ඌ ගියා … උඹටත් යන්න ඕනැද ? 15 ක් දියං. .. නෑ එපා උඹ් නිසා 12 ක් දියං .මාස තුනකින් මෙහෙ බස්සන්නම්..

      - ශානු -

      Delete
    2. කෑලි කැඩුවට ලිව්වා බං

      @ පත්තරයා මේකා මාව කාලා අහෝ....

      Delete
  6. ඉස්සෝ වලේ සීන් එක මරු නේද???

    ReplyDelete
    Replies
    1. මරු තමා ගල් බෝතලේකුත් තිබ්බනං :D

      Delete
    2. ඔව් දේශා ,ඔය ඉස්සෝ වලවල් අපේ පැත්තේ වැහි වැහැලා...

      @පත්තරයා ගල් මොනාටද බං අපේ පැත්තේ පොල් තිනවෝ

      Delete
  7. ඉස්සෝ කොටුවක සතියක් දෙකක් වැඩ කරලා බලන්න මාත් ආසයි... කොහෙද ඉතිං අපට එහෙම චෑන්ස් එකක් !

    ReplyDelete
    Replies
    1. අපෝ මට නම් එපා :-((

      Delete
    2. ඉන්ඩකෝ මගේ ඉස්සෝ වලක් තියෙන යාළුවෙක් ඉන්නවා දියබරියෙක් වැඩ අහනවා එවන්නද අහන්න
      @දිලිනි හම්මේ හිතන තරම් ඉස්සෝ වලවල් වල වැඩ ලේසි නෑ තමා,හොල්මනුත් ඉන්නවලු

      Delete
  8. හොඳම හරියෙන් කතාව නවත්තලා :(
    බලමුකො ඊලඟ කොටසෙදි මොකද වෙන්නේ කියලා...

    ReplyDelete
  9. ඉස්සො වලේ කතාව ඇහුවමයි.මරු ඈ

    ReplyDelete
    Replies
    1. ඔව් ,මගේ යාළුවෙක්ගේ ගෙයක් තිබ්බා ඉස්සෝ වලක් ලග ඒක බලන් ඉන්න ලස්සනයි....

      Delete
  10. එහේ මරු බලමු ඉතුරු ටිකත් එහෙනම්

    ReplyDelete
    Replies
    1. අන්න ඉතුරු ටික තියෙනවා ගිහින් බලහන්

      Delete
  11. "ඉස්සෝ වළ දකුණුපසින් තිබු ගග නිසාම කබරයින්ගෙන් හා තලගොයින්ගෙන් ඉස්සෝ පරිස්සම් කිරිම ඉතා වගකීමෙන් කල යුතු දෙයක් විය"

    අත්දැකීමෙන් නොදත්තේ වී නමුදු පහසුවෙන් සිතාගත හැකිය. කලපුවේ මඩ නා අත්දැකීම් අැති බැවින්ය

    ReplyDelete
    Replies
    1. ආ අලි මලේ හි..හි... වෙලක මඩ නාලා නම් අද්දැකිම් තියෙනවා මට නම් ...ඔක්කොම හොදයි මඩ හෝද ගත්තට පස්සේ එන කැසිල්ල තමා ඉවසන්න බැරි

      Delete

හැකි නම් පුංචි අදහසක් දක්වලා යන්න,ඒ අදහස මට මිල කල නොහැකි තරම් වටිනවා.,අදහස් නොදැක්වුවා කියලා අහිතක් නෑ මොකද ගෙවෙන සෑම තත්පරය ඔබට බොහෝම වටින බව මා දන්නා නිසා....සියළු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ දවසක්!