Saturday, December 12, 2015

81.හිත නුඹ


නයිල් ගඟට පැන 
දිය නා ගොඩ එන
රකුසු කුලේ ඉපදුන
කුළුදුල් හිත නුඹ..........

තැවුල් තබන සිත
කොවුල් නදක රැදි
නේරංජන නදි බැස
සෝදන හිත නුඹ..........

දෙගොඩ තලා යන
එගොඩ,මෙගොඩ නැති
ඉමක්,කොනක් නැති
මගේ ආදර සිත නුඹ..........

විහාර කොතෙකුත් මැද
කෝවිල්,පන්සල්,දහසක් මැද
නොඉදුල් පුජාසනයයි
සිත මට ඇති නුඹ.........

_____ශානු_____

S H A N U

17 comments:

  1. සුපිරියි මචං............ සුපිරියි...

    ReplyDelete
    Replies
    1. ස්තූතී කුරැට්ටා මචෝ

      Delete
  2. මාරම ගති ශානු අක්කා !

    ReplyDelete
  3. හිත තමයි ඉතින් හැම දේකටම.

    ReplyDelete
  4. Replies
    1. තැන්කියු අගහරඅ ලමයෝ

      Delete
  5. හ්ම්... හිත තමයි හිත.
    ලස්සනට ලියලා තියෙනවා

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. අන්තිම පදයෙන් ටැපලුනා. ඔබේ සිත ගැනනම් ඒක පූජාසනයක් වෙන්නේ තමන් හරි හෝ වැරදි යැයි හිතන දේ අනුවනෙ. උදාහරණයකට මහින්දගෙ හිත කාට නරකාදියක් වුනත් එයාට පූජාසනයක්. ඔබට හිත ඇති තවත් හිතක් ගැනනම් ඉතින් වාසනාවන්තයි කියල තමයි කියන්න තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මට හිත ඇති තවත් හිතක් තමා මාමේ

      Delete
  8. ශානුටත් හිතෙන දේවල්.ලස්සන කවි පෙලක් ශානු

    ReplyDelete

හැකි නම් පුංචි අදහසක් දක්වලා යන්න,ඒ අදහස මට මිල කල නොහැකි තරම් වටිනවා.,අදහස් නොදැක්වුවා කියලා අහිතක් නෑ මොකද ගෙවෙන සෑම තත්පරය ඔබට බොහෝම වටින බව මා දන්නා නිසා....සියළු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ දවසක්!