දුප්පත් කමයි,රූමත් බවයි රජ ගෙට උකසට තැබුවාට
කාස්සපට ලැම පෙන්නා අප්සරාවි වී මා සිටියාට
සිත්තරාට නොහැකි උනා මට සළුවක් දමන්නට
කඳුළුත් ගල් උනා හිත් පිත් නැති සීගිරි ගල් බිත්තියට
අහිංසකව ඇස් අඩවන් කලා මිස
හදවත ඉකි ,බිද හැඩුවා කම්පා වී රුඳුරු ලෙස
නොහැගුනාම පින්සලකට සිතුවම ගැහුනා මිස
පිරිපුන් උනා ලැම,ඉඟ-සුඟ තියුණු ලෙස
කාලය ඉඳුල් නෙත් කොනින් බලා රස වින්දාට
නෙත් අඩවන් කර කම්පා අත රැන්දු මල් මිටට
හදවත වැසුවා පිරිපුන් ලැම වෛවර්ණ කොට
ලැජ්ජාවත් ඇල වි සිටියා මා එක්කම ගල් බිත්තියට
වර්ෂ ගණන් ලැම විදහා උන්නාට
මදි උනාද මා බලලා උඹලාට
වියැකි යන මගේ සිතුවම් රුව සිදුනාට
බැරි උනානේ තවමත් සළු අන්ඳවන්න,නව සිත්තෙරෙකුට
_ශානූ_
S H A N U
කල්පයක් නෙත් කෙවෙණි බොඳකර
ReplyDeleteසීගිරි ලඳුන් ඇසු පැණය අබියස
පිදුරංගලත් කිම රකිනු ගොළුවත.
ලස්සනයි ශානු අක්කේ
ස්තූතී වර්ණ මලේ
Deleteමොන පිස්සුද ශානු. පුළුවන් නම් මණිමේඛලාවත් ගලවලා රස විඳින්නයි තාම සමාජය හුරු
ReplyDeleteගලේ ...ගලේ ගැහැව්වා වගේ ඇත්තම කියලා ඔන්න ඕකයි ඇත්ත බං
Deleteහරිම අලංකාරයි ශානු..................
ReplyDeleteස්තූතී කුරැටු
Deleteලස්සනයි ශානු
ReplyDeleteකාස්සපට පෙන්වූවත් ලැම පෙදෙස
මහෙ හිත උතුම් නිරුවත් නැහැ කිසි දවස
මගෙ ගත බලා සැනසීයන් නිල් අහස
පිවිතුරු හිතට නෑ කාගේවත් පහස
ලස්සනයි ඉයන් අංකල්...ස්තූතී
Deleteඅප්සරාවිය සීගිරී
ReplyDeleteරජුගෙ සතුටට ළමැද දැක්වූ දුප්පතී...
එදා හේනේ හීන් මැණිකේ
නොවේ දැන් නුඹ
අප්සරාවී සීගිරී.....
ලස්සනයි ශානුවෝ
ජයවේ!
වර්ණයෝ හරිම ලස්සන අකුරැ පෙල මල්ලී ස්තූතී
Deleteදවස් ගණන් කාලය ඉගිලුණාවේ
ReplyDeleteරෑ හීනෙන් බිලිඳුන් හිනැහුණාවේ
නේක වර්ණ සායම් දියවුණාවේ
ලැම විනිවිද ලතෙත් හද දිස්වුණාවේ
මනරම් පබැඳුම් අගෙයි අක්කණ්ඩි !!!
ඔක්කොම කවි ලියලා අගෙයි නංගෝ
Deleteඅනර්ගයි...
ReplyDeleteස්තූතී අම්බලමෝ
Deleteසළු අන්දවන්න කාලය නෙමෙයි මේක..
ReplyDeleteකවි ටික නම් ලස්සනයි බං අක්කේ..
තැන්කූ මල්ලී කැටේ
Deleteරුව මිස හද නුදුටු
ReplyDeleteකසුප් නරනිඳු
මා තවත් එක්
අඟනක් කළෙහි
අන්තඃපුරයේ..
කැටපත් පවුරේ
මගේ රුව
සිත්තම් කළේ
හදෙහි නැති නිසාදෝ
ඇබින්දක ඉඩක්
ඉඟි මරණ
තලු ගසන
හුදී ජනයා ලියත්
නෙක කව්
ලොබින මා රුවට
දකිත් නම් අයෙක්
සුසුම් ලන හද
ෂා මෙන්න ලස්සන පද ටිකක් ස්තූතී සහෝදරී
Delete(Y)
Deleteසීගිරි ලඳුන්ට එහෙමත් හිතෙනවා ඇති.......
ReplyDeleteකවි පබැදුම ලස්සනයි ශානු
ඔව් මනෝ ....ස්තූතී
Deleteඇහි පියන් ඇහැරිලා පොතේ තියෙන සීගිරි ළඳකගේ අම්මෙක් කවිය මතක් වුණා..
ReplyDelete