Tuesday, December 15, 2015

82.කුමාරයෙක් එන තුරු




            මම සුදුම සුදු අශ්වයෙක් පිට එන කුමාරයෙක් ගැන හීන බැලුවේ බොහෝම පරක්කු වෙලා.තුන් වෙනි පන්තියේ පවුලක ඉපදිලා කට්ට කාලා විභාග පාස් වෙලා ගමේ ඉඳන් කොළඹ ගෙන්දගම් පොළොවේ හැපිලා යන්තමින් ගොඩ ගිය රජයේ රස්සාව නිසා අද තැනක ඉන්නවා ඒත් මට කරකාර ගන්න නෑ නෙව කුමාරයෙක්.... ඉන්න උනුත් ගැලපෙන්නේ නැති බව කිව්වම කේන්දරකාරයා අම්මපා  හිතෙනවා තනිකඩවම ඉන්න..ඒත් ඉතින් එහෙම තනිකඩ වෙනවට වඩා හොදයි බීරි වෙලා ජිවත් වෙනවා නෑයින්ට උත්තර දීලා විසේ යනවා නෙව නොබැද හිටියම....
           මම කැමති කුමාරයා ටිකක් සුදු වෙන්න ඕනේ...හිනා වෙද්දි තොල් හීනි වෙලා ඇහි බැමි ටිකක් සමාන්තරව පෙනෙන්න ඕනේ...දිගටි මුණට පොඩි එළු රැවුලකුත් නරකම නෑ...ඇස් ලොකු ගිල ගන්න ගතියක් තියෙන්න ඕනෑ....තේජවන්ත පෙනුමක් වෙන්න ඕනා...අහිංසක..නිහතමාණි වෙන්න ඕනා... එකිමෙකි නොකි ගුණ ගයද්දි මගේ රූමී කිව්වෙ

"උඹට ඔය මිනිහා අඹලා සිය දෙනෙක්ගේ ගති ගුණ එක්කෙනෙක්ට දාන්න සක්කරයාගෙන් වරමක් ඉල්ල ගන්න වෙයි "කියලයි 
             
  " නෑ එහෙම වෙන්නේ නෑ"

මම ලැජ්ජාවෙන් හිත රිදිල්ල මිරික ගෙන කිව්වා 

මම හිතන විදිහට හැට පැනලා හොට බිම ඇනෙනවා වගේ නෙවේ, තිහ පැනලා තටු හැලෙන එක හරිම බයානක කාල පරිජ්චේදයක් හීන ඇහිදින ,හීන වල ගිලි,ගිලි හුස්ම හිර වෙන මහා එපා කරපු කාලයක්.....හරියටම ශීත සෘතුවේ හිම කුට්ටි දිය කරන්න ගිම්හානයේ හිරු වැජබෙනවා වගේ.. ගිනි මද්ධහනේ චොර වැහි වලාකුලක් තෙත බරිත වෙන්න තරහ පිරි මැහැව්වා වගේ වේදනාබරිතයි..වචනයෙන් විස්තර කර ගන්න බැරි කමක්,නිකම් අසරනකමක්ද? හිතෙනවා වේලාවකට...
මොනා උනත් මම බලාන ඉන්නවා කුමාරයෙක් අසු පිට නෙවේ පුස් සයිකලයක හරි ඇවිත් මහා ගොඩක් ආදරෙන් මාව කැන්දම් යනකම්...
මොකද ? 
මගේ හොදම යාළුවා කිව්වේ 

"උරැමක්කාරයා කරනම් ගහගෙන පතාගෙන ඇවිත් උඹව වැඩි දවසක් නොයා ඔතාගෙන යයි "කියලයි


_______නිමි_________

මේ අකුරු ඇමුණුවේ හරි ගෞරවේකින්....හේතුව කියන්නම්...එකක් මේ කතාවෙ චරිතය මට ගොඩක් සමීපයි..අනික මට කියන්න ඕනේ ජිවිතේ නැති බැරිකම් එක්ක ඉගෙනගෙන රස්සාවක් කරලා පවුලේ සහෝදර,සහෝදරියන් ගැන බලලා යුතුකම් වගකීම් ඉවර වෙද්දී විවාහේ කියන මාතෘකාව මග හැරිලා හිතෙන් වැටිලා ඉන්න හැමෝටම ජිවිතේ ආ දුර ගැන හිතලා සතුටු වෙන්න,ඔයාලා නිසා ජීවිතේ ඵල දරපු මිනිස්සු ගැන හිතලා සතුටු වෙන්න  වපුරපු තරමට අවසාන දවසෙදි අස්වැන්න නෙලා ගන්න ලැබෙන එක ලැබෙනවාමයි...


__________________________
 හිදිවි කොතැනක හෝ 

හිමි කාරයා ඔබත් නුබේ නමින්

බදිවි කෙදිනක හෝ
ඒ එන තුරා හිත කඩා ගෙන ඉදි.............

ගගට සයුරක් මුණ ගැසේවි 

රළකට වෙරලක් මග ඉදිවි

නියගෙට වැස්සක් ඇද හැලේවි

නුබටත් කෙනෙක් ඉදිවි දවසක සොයා න එවී...........

අකුලක පිපෙන නැවුම් මලක් සේ

නදියක නැගෙන තරංගයක් සේ

නලළට සිබින පවන් රොදක් සේ

නොසිතු විටක ලගා වි නුබ විදි අදුර නිමා
            

26 comments:

  1. විවාහය කියන්නේ ජීවිතේ නැරඹුම් මධ්‍යස්ථානයක් කියල හිතන එක හිතලුවක් බං..

    ReplyDelete
  2. මට එළු රැවුලක් තියෙනවා. ශානුගෙ තාත්තාට වඩා ඕනනම් අවුරුද්දක් දෙකක් වයස වැඩි ඇති. හැක්.

    ReplyDelete
    Replies
    1. අම්මෝ ඒ කියන්නේ 58. හැක් ඉයන් මාමා හදන්නේ නැන්දහගන් කොසු පාර කන්න තමා

      Delete
  3. මේක නම් මෙතුවාගේ හිතට හොඳට වැදුණා . මෙතුවා දන්න කෙනෙකුත් හිටියා මේ වගේ. ඒත් අන්තිමට කුමාරයෙක් ලැබුණා . හැබැයි තිබුණේ සයිකලයක් විතරයි. ඒත් අවුලක් වුණේ නෑ. අන්තිමට මෙතුවත් ඉපදුණා. හරිම අපූරුවට ලියලා තියෙනවා. හරිම ලස්සනයි ශානු අක්කා .

    ReplyDelete
    Replies
    1. ලියන්න ලියන්න ඒ කථාව

      Delete
    2. මෙතුවෝ ඒ කතාව ලියමු....බෙදා ගමු අපිත් එක්ක ඒ මතකය

      Delete
  4. හිඳීවි කොතැනක හෝ
    හිමි කාරයා උපන් නුඹේ නමින්
    වඩීවි කෙදිනක හෝ
    ඒ එනතුරා හිත හදාගෙන ඉඳින්

    ගඟකට සයුරක් මුණ ගැසේවී
    රළකට වෙරළක් මඟ හිඳීවී
    නියඟට වැස්සක් ඇද හැලේවී
    නුඹටත් කෙනෙක් හිඳීවී
    දවසක සොයාන ඒවී

    අකුලක පිපෙන නැවුම් මලක් සේ
    නදියක නැගෙන තරංගයක් සේ
    නළලත සිඹින පවන් රොදක් සේ
    නොසිතුව විටෙක ලඟාවී
    නුඹ විඳි අඳුර නිවාවී

    ReplyDelete
  5. ඔබේ තත්වයේ සිටින්නේ ඔබ පමණක් නොවේ. තවත් සෑහෙන පිරිසක් ඉන්නවා. ජීවිත සටනට මුහුණ දෙන්න සිදුවූ, පවුලේ වගකීම් කරටගත් තරුණයන්, තරුණියන්, තම තරුණ ජීවිත දියවී යනහැටි දකිමින් යම් කම්පනයකට, කළකිරීමකට, පත්වෙනවා. මෙය, සෑහෙන කලක සිට, අපේ රටේ පවතින සමාජ, ආර්ථික, දේශපාලනික, ප්‍රශ්නයක්.

    සමාජමය වශයෙන් ගත්කළ, අපේ රටේ සිංහල/දෙමළ සංස්කෘතිය තුළ ඇති, පවුල් බැඳීම් (පවුලේ පොඩි එවුන් තවම ඉගෙන ගනිද්දී, දෙමව්පියන් ඔබෙන් යැපෙන මහලු අය වී සිටිද්දී, විවාහයක් කරගෙන වෙන්වීම අපරාධයක් කියා සිතන්නට පෙළඹීම) ආර්ථික වශයෙන් ගත්කළ, පවුලක් නඩත්තු කරන්නා වීම, දේශපාලන වශයෙන් ගත්කළ, හැමදාම, හොඳ අනාගතයක් ගැන සිතා ඡන්දය දුන්නත්, ඒ බලාපොරොත්තු ඉෂ්ඨ නොවීම, වැනි සාධක තිබෙනවා.

    කාලය එනතුරු බලාසිටීම, නුවණක්කාර වැඩක් නොවේ. පවුලේ සියලු දෙනා එකට සිට සාකච්ඡා කර, විසඳුමක් සෙවිය යුතුයි.

    දරුවෝ, ලිපිය ලියද්දී හිතට එන ආවේගය නිසා හැමනෙනවා වැනි වචනයක් ලියවුනාට, නැවත සිතා බලන්න එය ලිවිය යුතුමද කියා. ඒ තේරුම දෙන වෙන සභ්‍ය වචන තියනවා. ඒ වගේමයි අක්ෂර වින්‍යාසය ගැන ටිකක් හිතන්න. සඤ්ඤක අකුරු බොහොමයක් නැවත සැකසිය යුතු බව පනෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් විචාරක මාමේ එහෙම නොලිවිය යුතුයි කියලා පස්සේ හිතුනා ඒක හදන්නම්,අනික් සැරේ ලියද්දී ඒ වැරදි හදාගෙන ලියන්නම් ස්තූතී

      Delete
  6. පුංචි කාලේ ඉදලා ම ඔබ කියන විදිහේ වගකීම් දරන බොහෝ පිරිසක් ඉන්නවා..... ඔවුන්ට තනියම ඉගෙන ගන්න.... මුදල් හොයා ගන්න... ජීවිතය හොයා ගන්න මේ හැම දෙයක් ම කරන්න වෙනවා.... ඔවුන් බොහෝ විට සාර්ථක වෙනවා......

    ReplyDelete
  7. අවසානයේ තිබෙන සටහනේ හැටියට ශානුගේ ජීවිතයටත් සමීප අත්දැකිමක් සංවේදීව ලියලා කියලයි කියලයි හිතෙන්නේ...

    ...//මොනා උනත් මම බලාන ඉන්නවා කුමාරයෙක් අසු පිට නෙවේ පුස් සයිකලයක හරි ඇවිත් මහා ගොඩක් ආදරෙන් මාව කැන්දම් යනකම්//...

    චැක් මම බදින්න කලින් කිව්වනම් හරිනේ.මට ඒ කාලේ පුස් සයිකලයකුත් තිබුනා....

    ReplyDelete
    Replies
    1. හිකිස්... මනෝ අංකල් මනෝ නැන්දට මේ කමන්ට් එක පෙන්නලා බලන්ටකෝ :)

      Delete
  8. බාහිර පෙනුමට වඩා වැදගත් වෙන්නෙ හදවතේ අභ්‍යන්තර පෙනුමයි නේද අක්කෙ... සමහර වෙලාවට සුදු අස්සය පිටේ එන පොහොසත් කුමාරයෙක්ට වඩා පොහොසත් හදවතක් දුප්පත් අහිංසක කොල්ලෙක් ගාව තියෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත නංගී පෝ+ සත්තු ලග නැති හොද ගති ගුණ දුප්පතුන් ලග තියෙනවා

      Delete
  9. කිසිවක් නොකියමි.

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන්ට කියන්න දේවල් ගොඩක් තියෙද්දි මොකුත් නෑ කියලා ඉන්නවා බං මල්ලී

      Delete
  10. CRIPSR/Cas9 තාක්ෂණය සමග ජාන සංස්කරණය පහසු වී අැති බැවින් මිනිසුන් ගේ ජාන සංස්කරණයට අවසර දීම ගැන නැවත සංවාද මතුවෙමින් පවතී. එබැවින් ඔබේ කුමාරයා ලඟම එන බව පෙනේ :P

    ReplyDelete
    Replies
    1. CRISPR ලෙස නිවැරදි විය යුතුය :(

      Delete
    2. මගේ කුමාරයා ලගට ඇවිත් මුද්දකුත් දාලා අවුරැදු 10කුත් කිට්ටුයි මලේ...පොඩි කුමාරයෙක් නම් ලගදිම එයි

      Delete

හැකි නම් පුංචි අදහසක් දක්වලා යන්න,ඒ අදහස මට මිල කල නොහැකි තරම් වටිනවා.,අදහස් නොදැක්වුවා කියලා අහිතක් නෑ මොකද ගෙවෙන සෑම තත්පරය ඔබට බොහෝම වටින බව මා දන්නා නිසා....සියළු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ දවසක්!