Monday, February 8, 2016

84.කක්කා මුට්ටේ


     මේ අවුරුද්දේ පලවෙනි බ්ලොග් පෝස්ට් එක කක්කා මුට්ටයක් වෙයි කියලා නම් හිතුවේ නෑ...ඒත් දෙසැම්බරයේ ලංකාවට ගොඩ බැහැලා ආයෙත් ලංකාවෙන් ජනවාරියේදි පිට උන මට ලියන්න  දේවල් මහා ගොඩක් තිබුනත් ආරම්භයක් ගන්න තරම් හිත එකලසක් තිබ්බේ නෑ කිව්වොත් හරි.....ඔන්න ඔය අතර තුරේ තුන් වේලම හරියට කනවා වගේ තුන් වේලටම ෆේස්බුක් එකේ සැරි සරන වෙලාවක මට හරි අපුරු පෝස්ට් එකක් ලැබුනා කියවන්න ඒකේ මාතෘකාව "කක්කා මුට්ටේ" අචලා හේරත් තමා ඒකේ අයිතිකාරිය.....
                  ඒ පෝස්ට් එක ලියලා තිබ්බෙ මෙහෙම,

""කක්කා මුට්ටේ" 😛😛

මේක දැක්කාම ඊයැක් නොකියා ඉන්න බැරි වෙයි නේ 😄😄

එත් මම දැන් දෙවෙනි පාරටත් කක්කා මුට්ටේ බලනවා 😆😆

මේම කිව්වාම කැතයි වගේද ? 😂😂එත් කක්කා මුට්ටේ මුළින්ම මාව හිනස්සලා, ඇස් වලට කඳුලුත් එකතු කරලා..පස්සේ හිතන්න පෙළඹෙව්වා කිව්වොත් පිළිගන්නවද ?😎😎
ඔයාලට එහෙම හිතන්න ටිකක් අමාරු නම්
කක්කා මුට්ටේ බලන්නකෝ 😝😝

අයි ලව් යු බොත්...
චින්න කක්කා මුට්ටේ 🤓🤓පෙරිය කක්කා මුට්ටේ
😘😘😘

" කක්කා මුට්ටේ "කිව්වේ දෙමළ චිත්‍රපටියක  නම හොද්‍ෙ...😆😆

කඩේන් ගන්නවනම් ඔය නමින් ඉල්ලන්න එපා.... ෆිල්ම් එක හම්බෙයිද දන්නැනේ😛😜😁😂😃

සම්භාවනීය මිතුරන්ට මේ පොස්ට් එක අදාල නැත...සමාවෙන්ට ඇ..😏😏

කක්කා මුට්ටේ ගැන නොකියා ඉන්න බැරි උනාට...😛😛

මම නම් අයෙත් පාරක් බලනවා හොඳේ 😎😎"

මේ ටික කියෙව්වම ඉතින් මේ කියන ෆිල්ම් එක නොබලා බැරි උනා.සතියේ දවස් වලට ෆිල්ම් බලන් නැති මම කාල වේලාව එහෙට මෙහෙට  කරලා මේ ෆිල්ම් එක බැලුවා.
                  කතාව ඉස්සරහට යන්නේ පැල්පත් වාසයේ ඉන්න අයියයි,මල්ලී තුල ඇති වෙන පීසා කෑමේ ආසාව සපුරා ගන්න කරන විවිධ වෑයම් එක්ක...තාත්තා හිරේ ගිහින් නිසා අම්මා වැඩ කලේ ඇලුමිනියම් වලන් හදන තැනක මේ අයියයි,මල්ලී  කරේ අඟුරු කෝච්චි වලින් වැටෙන අඟුරු කෑලී එකතු කරලා කිලෝ ගානට ගෙවල් ලග කෙනෙක්ට ගිහින් දීලා සල්ලී කීයක් හරි හොයන් හවසට අම්මට ගිහින් දුන්න එක...
      ඒ වගේම අච්චී හිටියෙත් මේ ගෙදරමයි...අච්චි ශක්තිය එන්න කාක් බිත්තර බොන්න  කියලා තිබුන නිසා මේ පොඩි උන් පැල්පත් අසල පිට්ටනියේ ගහක කාක් කූඩෙන් බිත්තර අරන් බොනවා ඉතින් ගොඩක් දෙනා මේ පොඩි උන්ට කිව්වේ මල්ලිට "චින්න කාක්කා මුට්ටෙයි" අයියා "පෙරිය කාක්ක මුට්ටෙයි"කියලයි...
                  ඒ අතර සිදුවෙන රස කතා බොහොමයි...ඒ විතරක් නෙවෙ පොඩි උන් දෙන්නෙක්ට එච්චර තාත්වික රංගනයක යෙදෙන්න පුළුවන්ද කියලා හිතා ගන්නවත් බෑ... ඒ නිසාම මේ පොඩි උන් දෙන්නා ගැන පොඩ්ඩක් හොයන්න හිතන් යු ටියුබ් ගූගල් දෙයියගෙන් සහය පැතුවා....මං නිකමට හිතුවා මේ විග්නේෂ් සහ රමේෂ් සැබෑ ජීවිතේ පොහොසත් පවුල් වල ළමයි වෙන්න බෑ කියලා ඒ වගේම මේ දෙන්නම ඉන්දියාවේ කොලනියක ජිවත් වෙනනේ ....දනුෂ් කියන දෙමළ නළුවා (රජිනිකාන්ත්ගේ බෑනා)තමා මේ දෙන්නව තෝරගෙන මේ චිත්‍ර පටිය කරලා තියෙන්නේ "කසිමේඩු ජාතික සම්මන උළලේදි හොදම ළමා නළුවන් වෙලා තියෙන්නේ මේ විග්නේශ් සහ රමේෂ් ....ඒ වගේම සිනමා සම්මාන කිහිපයක්ම ලබාගෙන තියෙනවා.....මේ පොඩිඩෝ කියන විදිහට එයාලට රගපාන්න අමුතුවෙන් ඕන වෙලා නෑ...ගෙදරට හිටිය විදිහට චිත්‍රපටිය පුරාවට සැහැල්ලුවෙන් ජවනිකා වල පෙනි ඉදලා..
           මේ චිත්‍රපටිය තුල හිතන්න කෝටියක් දේ ඉතිරි කරලා තියෙනවා...මේ දේ අයින් කලා නම් කියලා හිතෙන කිසි හිස් ජවනිකාවක් නෑ...ඉතින් ආරාධනා කරනවා මේ චිත්‍රපටිය බලන්න කියලා අන්තිමෙට මේ පොඩි උන් දෙන්නා අමරුවෙන් එකතු කර ගන්න සල්ලී වලින් පීසා කයිද?නැද්ද?කියන කුතුහලය ඔයාලටම බාර දෙනවා...
             ඒ වගේම "මැණික් ඉබේ පොළව උඩට මතු නොවන බවත් පතල ඇතුලට ගිහින් පස් ගෙනැවිත් ,අවශය විදිහට ගරලා පාද ගත යුතු බවත් ...එය ඔප මට්ටම් කර නියම වටිනා කම ලබා දීමට හැකි බවත් "කක්කා මුට්ටේ" සමාවෙන්ඩ, "කාක්කා මුට්ටෙයි" නොහොත් කාක් බිත්තරේ චිත්‍රපටිය හොද නිදසුනක්....

මෙතනින් බලන්නකෝ කොහොමද කියලා ඊට පස්සේ ෆිල්ම් එක හොයන් බලන්න
         

34 comments:

  1. කොහොමද,නිවාඩුව හොඳින් ගතකළාද,කොරනේෂන් එකට ගියාද?

    ReplyDelete
    Replies
    1. නිවාඩුව හොදයි කොරනේෂන් නොයා ඉන්නවද මං....පින්තූර වගයක් තියෙනවා කොරනේෂන් එකේ...ඉදිරි දවසක දාන්නම්

      Delete
  2. ඈ යකෝ මං බලාන හිටිය නෙ අපේ අහ එනකං පොඩි බලු තඩියෙකුත් තියාන.. හැක්..

    ඇක්කා.. බලන්නවත් හිතෙන්නෙෑ. හැක්

    ReplyDelete
    Replies
    1. හෑ ටු බල්ලෙක් තියන් හිටියේ මං ආවම උසි ගන්වන්නද නරි දේශා

      Delete
  3. ෆිල්ම් එකේ නම විතරයි අප්සට් :) මේකෙ වෙන ඔය ජාතියේ ෆිල්ම් වගේ ෆිසික්ස් වැරදිච්ච එ්ව නෑ නේද? (අර අැඟිල්ලක් වැදුනත් උඩී............ං ගිහිං විසිවෙන එ්ව වගේ)

    ReplyDelete
    Replies
    1. නෑ නෑ බලන්නකෝ තාත්විකයි අලි මලේ

      Delete
  4. :) කියන්න දේවල් ගොඩක් තියෙනවා කිව්ව නිසා නිවාඩුව නම් හොඳ ඇති නේද?

    ෆිල්ම් එක බලන්න නම් ආස හිතුනා බලමුකෝ...

    ReplyDelete
    Replies
    1. නිවාඩුව හොදයි තුශෝ හෙමින් ලියන්නම් ඒ විස්තර.... බලන්න හරිම ලස්සනයි

      Delete
  5. මටත් බලන්න ආස හිතුන බන් ඒ ෆිලුම. දැන් කාලෙත් ඉතිරි එකේ බලන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ඔව් බස්සා එක්ක බලහන් ... ;)

      Delete
  6. මං හිතුවේ බොලා මුලු කතාවම කියයි කියලා කෝ ඉතින්...

    ReplyDelete
    Replies
    1. හැක්... හිතේ ඇති මෙතන ෆිල්මුවම අහගෙන නොබලා ඉන්න...දුප් ගිහින් හොයන් බලනු

      Delete
  7. විස්තරේ හිත්ගත්තා. දාගන්නවා බලන්න ඕන ෆිල්ම් ලිස්ට් එකට. එහෙම එකක් තිබ්බෙ නෑ. අද හදනවා.

    ReplyDelete
    Replies
    1. හරී බලන්න ...මම ලිව්වට වැඩියේ ලස්සනයි ජවනිකා

      Delete
  8. Replies
    1. කාක් බිත්තර බොන්න යනවා නෙවේ වයලීනෝ ;)

      Delete
  9. පටන් ගත්ත ඒකේ අැදලා යමු නේද???????

    ReplyDelete
    Replies
    1. කුරැටු අනිවා දිගටම ඇදගෙන යනවා :)

      Delete
  10. කාක්කා මුට්ටේ නොබලා ඉන්න එපා...

    ReplyDelete
  11. කක්කා මුට්ටයක් නෙවෙයි කන්ටේනර් එකක් උනත් ගිලින කට්ටිය ඉන්නවනේ දේශපාලනය වෙනුවෙන්.

    හොඳ චිත්‍රපටිය බව විස්තරයෙන් තේරෙනවා. බාගෙන හරි බලන්නම්.

    ReplyDelete
    Replies
    1. බාගෙන බැලුවත් පාඩු නෑ...රස වින්දනේ ඉහලයි....

      උඩ ටිකට මොකුත් ලියලත් බෑ නොලියත් බෑ ....හැබැයි මසුරන් කතාව මාමේ

      Delete
  12. //කඩේන් ගන්නවනම් ඔය නමින් ඉල්ලන්න එපා.... ෆිල්ම් එක හම්බෙයිද දන්නැනේ//

    ටොරන්ට් එහෙකින් බානවා ඇරෙන්න වෙන විකල්පයක් නැහැ ශානු වෝ. ඔය නම කටක් ඇරලා කියලා කඩේකින් ඉල්ලන පුලුවන්ද කියහන්කෝ...

    =================
    මේ ෆිල්ම් එක බලලා නැතිවුනාට උඹේ විස්තරේ දැක්කා ම මට මුලින්ම මතක් වුනේ අර ස්ලම්ඩෝග් මිලියනර් ෆිල්ම් එක එකෙත් ඉන්න පොඩ්ඩෝ සැට් එක ඇත්තටම මුඩුක්කු වලලුනේ ඉන්නේ..

    -------
    එක නෙමේ..මම ඔය කක්කා මුට්ටේ කරේ තියාගෙන බැරි නම් බාගෙන හරි බලනවා...

    ReplyDelete
    Replies
    1. ඔව් කඩේකින් ඉල්ලුවොත් බොලාව ටොයිලට් වලක දායි ගෝනියකුත් දීලා... බාගෙන බලහන් විභීයෝ....එල...එල බලපන් කක්කා ගා ගන්නේ නැතිව හිකිස්

      Delete
  13. මම නෝර්මලි දෙමල ෆිල්ම් බලනවා අඩුයි. හැබැයි ට්‍රේලර් එකනම් පට්ට වගේ. බලමු වෙලාවක් සෙට් උනොත්.

    ReplyDelete
    Replies
    1. හිකිස් මට දෙමල තේරෙනවා ඒ නිසා අවුලක් නෑ බලහන් ලස්සනයි

      Delete
  14. කක්කා මුට්ටේ කියද්දි මං බැලිව මොකද්ද මේ කියල

    කාක්ක මුට්ටෛ.. කපුටු බිත්තර
    හැක් පස්ට පිලුමක්..
    මුට්ටෛ කියද්දි මට මතක් වුනේ අපෙකෙක් මුස්ලිම් කඩේකට ගිහිං නොදන්න දෙමළෙ හිංද වරිගෙ නහගත්ත කතාව හිහි

    මූ ඇවිත් හොද දෙමළ රසවතා හැබැයි දෙමළ වචනයක් බෑ(මං වගේ තමා) දවසක් පොරට බිත්තර ගන්ට ඕන වෙලා ගියා කඩේකට ඒක මුස්ලිම් කඩයක්. මුට මේක දමිලෙන් අහන්නත් ඕන මගෙං අහනව අහනව ඉවරයක් නෑ මං දන්න දෙමල
    මං කිව නායි මුට්ටෙ ඉරික්කා කියල අහපං කියල
    මෙන්න මූ ඇහුව කියපංකො අක්කෙ
    මට නේද දැං හිනා වෙන්නත් බෑ ඒ අස්සෙ අර මනුස්සයට මළේ මල හැක් අන්තිමට වෙච්ච දේ කියල මංම ෂේප් කරං ඇදං ආව

    කෝළි මුට්ටෛ නායි මුට්ටෛ වුණේ ඔන්න ඕමලු හිහි

    ReplyDelete
    Replies
    1. හිකිස් ඔයින් ලියා මදෑ...පොම්බුල මුට්ටෛයි ඉල්ලුව නම් තමා තියෙන්නේ වැඩේ හැක්

      Delete
  15. English sub තියන හොඳ කොපියක් ලැබුනොත් හෙටම බලනවා.. දෙමල පිචර් බලන්න හරිම අකමැතියි.. එත් ශානුගේ රෙකමදෝරුව නිසා මේක බලන්නම ඕන..
    මෙන්න මේ ෆිල් ඒකත් හොයන බලන්න බලල නැත්තම්..Manjhi: The Mountain Man http://www.imdb.com/title/tt3449292/

    ReplyDelete
    Replies
    1. අම්බලෝ කොම හරි බලන්න වටිනාකමක් තියෙන ෆිල්ම් එකක්..... ඒ ෆිල්ම් එක බැලුවා...ඇත්ත කතාවක් ඇසුරෙන් හදපු එකක්....."බාල් මිල්කා බාග්" ෆිල්මුවත් හැබෑම කතාවක්ලු....

      Delete
  16. දැන් ඉතින් හොයහංකො පිලුම් එක...

    ReplyDelete
    Replies
    1. කම්මැලිකම පැත්තක තියලා හොයහං ;)

      Delete
  17. ශානු සෑහෙන දවසකට පස්සේ.
    බලමු ඔය මුට්ටේ හොයාගෙන

    ReplyDelete
    Replies
    1. ඔව් මනෝ ලංකාවට ලියා නොවෑ... හිකිස් මුට්ට හෙව්වට කමක් නෑ මුට්ට නොකා

      Delete

හැකි නම් පුංචි අදහසක් දක්වලා යන්න,ඒ අදහස මට මිල කල නොහැකි තරම් වටිනවා.,අදහස් නොදැක්වුවා කියලා අහිතක් නෑ මොකද ගෙවෙන සෑම තත්පරය ඔබට බොහෝම වටින බව මා දන්නා නිසා....සියළු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ දවසක්!