Monday, April 11, 2016

92. සරලව ආදරේ පිස්සුවක් තොප්පිය හරි අයට



සරලව ආදරේ පිස්සුවක් 
__________________
    "අපි ආදරේ කරන මිනිස්සු අපිට ආදරේද?" ඔන්න ඔය ප්‍රශ්ණෙදි මම නම් හිර වෙනවා...ඇත්තටම මේ ප්‍රශ්ණේ පට්ට සංකීර්ණයි.මට මං ගැන කියන්න පුළුවන් ඒත් මම තව කෙනෙක් ගැන කොහොම කියන්නද? මොකද මිනිස්සු බොහෝමයක් අවස්ථාවට උචිත විදිහට වෙනස් වෙනවා.....සරලව ආදරේ මං දකින්නේ එක්තරා පිස්සුවක් විදිහට.......(දැන් ඔය ලව් කරන අය මට නෙලන්න ලැස්තී වෙන්න එපා) මමත් ඔය පිස්සුවේ පංගුකාරියක්........ රයිට්.....ආදරේ පිස්සුවක් ඔව්....අපුරුවට අත,පය හතර විසික් කරලා නිදහසේ හිටපු උන් ආදරේ කරන්න පටන් ගත්තම මොකෝ වෙන්නේ  ආදරේ කියන බිත්ති හතරට කොටු වෙනවා....ලෝකය ගැන වගක් නැති වෙනවා.......කන බොන එක මිස් කරනවා.....පැය 24රම  හිතින් හීන මවනවා......තමන්ගේ ප්‍රේම වන්තයාගේ/වන්තියගේ  නීති රෙගුලාසි වලට යටත් වෙන්න වෙනවා රන්ඬු වෙනවා යාළු වෙනවා....... ඔය ආදරේ කියන කොටුව ඇතුලේ මිනිස්සු වෙච්ච අපි පිස්සන් කොටුවක මානසික රෝගියෙක් කරන පිස්සු වැඩ,බොලඳ වැඩ වෙලාවකට කරනවා ...ආදරේ හරිම මනෝභාවයක් එහෙම කිව්වේ කළු සුදු  අක්කා ලියලා තිබුන කවියක.......
         
       
තොප්පිය හරි අයට
_______________________

        "ලොකේ ගැලපෙන උන් නෑ ..ආදරේදි අපි ඒ සේරම ගලප ගන්න ඕනා, එකිනෙකාගේ අදහස් වලට ගරු කරන්න,තීරණ ගද්දි නැමෙන්න ඕන තැන නැමෙන්න,කෙලින් ඉදන් තීරණ ගන්න ඕන වෙලාවට තීරණ ගන්න හිතේ හයියක් නැත්තම් ආදරේ කරන්න එපා ඔයාට බැරි නම් විශ්වාසේ රකින්න ඒත් ආදරේ කරන්න එපා......මොකද කෙනෙක් මත තැබු විශ්වාසේ පුහු උනොත් අනිකගේ ඇහෙන් වැටෙන කඳුලට  ණය කාරයෙක්/කාරියක් වෙන්න වෙනවා.....තව දෙයක් තමන්ගේ හැගීම් පාලනයක්,අවස්ථාවාදි නොවිම  වගේ ගුණාංග හිස් මුදුනින් පිළි ගන්නේ නැත්තම් ආදරේ කරන්න එපා ......... මොකද කෙල්ලෙක් ගෑණියෙක් කරලා "ආන්න අරකි වටේ යනවා කියන්නේ" අපේම  සමාජෙම එකෙක් ඒකිගේ පතිවත නැති කරපු නිසාමයි....අන්න ඒ තත්වෙට වැටෙන්න එපා ........එදාට ලෝකෙන් ගැල උනත් හෘද සාක්ෂිය අපේ පසු පස්සේ පන්නනවා....අන්න එතනදි ගැණියෙක්ටවත් පිරිමියෙක්ටවත් ගැලවීමක් නෑ (සමාජයේ හොද කෙල්ලෝ /කොල්ලො ඉන්නවා මේ වැරදි කරන උන් වෙනුවෙන් ලියන්නේ)අනික් දේ තමා සංසර්ගය කියන්නේ අලුත් ජීවියෙක් මෙලොවට බිහි කරන   ක්‍රියාවලියට මිසක් ආදරේ තීරණය කරන ප්‍රධාන සාධකයට නෙවේ.... ඒකයි තිත්ත උනත් ඇත්ත.....,පන්ති කට් කරලා රෑම් වලට යන්න දගලන දුවලා පුතාලා ඒ ගැන දැනුවත් කරන එක සමාජයෙත් යම් වගකීමක්...
       අන්තිමෙට කියන්න ඕනේ එක් තරා ෆේස් බුක් ගිණුමක ලියලා තිබ්බා අන්තර්ජාලයේ තියෙන ලංකාවේ අසබ්බ්‍යය විඩියෝ දර්ශන වල බොහෝමයක් ඉන්නේ  තමන්ගේ පෙම්වතාට හැම දේටම වඩා ආදරය කරපු ගැණු දරැවෝ මිසක් pron ස්ටාර්ස්ලා නෙවේ කියලා...  ඉතින් හිතන්න ඔක්කොම කරලා අන්තීමෙට අපි පෘතග්ජන මිනිස්සු කියලා  හෙළුව වහ ගන්න තතනන ගැහැණුන්/පිරිමීන් නොවිය යුතුයි... නේද? ආදරේ කියන්නේ එක්තරා පිස්සුවක් ඒ පිස්සුවට පුළුවන් තව කෙනෙක්ගේ ජීවිතය ලස්සන කරන්න වගේම අපායක් කරන්න පුළුවන් දෙයක් කියලයි මට හිතෙන්නේ
        ඉතින්,
          මේ ආදරය මොකක්ද? දැනෙන දේ ලියලා යන්න මොකද ආදරේට නිර්වචනයක් දෙන්න පුළුවන් ආදරේ කරලා අත්දැකීම් තියෙන අයට හැබැයි පරස්පර විරෝධී නිර්වචන ලැබෙයි තමන් ලබන අත්දැකීම් එක්ක...

27 comments:

  1. මෙහෙම කියන්නද? ආදරේ කියන්නේ තමන් මේ ලෝකේ තනි වෙලා නැහැ කියලා තමන්ට හොඳටම ඒත්තු ගන්වන 'අනෙකා' වෙත තමන් දක්වන කැපකිරීම.
    ---
    //සංසර්ගය කියන්නේ අලුත් ජීවියෙක් මෙලොවට බිහි කරන ක්‍රියාවලියට මිසක්//

    ඔය ක්‍රියාවලියේ යෙදෙන හැම වතාවටම ජීවියෝ බිහි උණා නම්, මේ වෙනකොට මේ සෞරග්‍රහ මණ්ඩලේ මදි :)

    අවුරුදු කීපයක් තිස්සේ ලියන ළමයෙක් හැටියට, මේ පොඩි පොඩි වැරදි මේ වෙනකොට හැදිලා තියෙන්නේ ඕනේ... නැද්ද මං කියන්නේ :)

    හොද = හොඳ
    දගලන = දඟලන
    රෑම් = රූම්
    දරැවෝ = දරුවෝ

    ReplyDelete
    Replies
    1. නෑ තිසර ගොඩක් දෙනෙක් ආදරේ කියලා තීරණේ කරන්න හදන්ටන් සංසර්ග කියන දෙයින් ඒකයි මම එහෙම ලිව්වේ.....:)

      හි..හි... අකුරැ අඩුපාඩු වලට වැරැද්ද මගේ ඒ වගේම මගේ කී බෝඩ් එකේ අවුලක් තියේ.... අදහස් දැක්කුවාට තුතී

      Delete
  2. //අපුරුවට අත,පය හතර විසික් කරලා නිදහසේ හිටපු උන් ආදරේ කරන්න පටන් ගත්තම මොකෝ වෙන්නේ ආදරේ කියන බිත්ති හතරට කොටු වෙනවා....ලෝකය ගැන වගක් නැති වෙනවා.......කන බොන එක මිස් කරනවා.....පැය 24රම හිතින් හීන මවනවා......//

    ඒකනෙ අපි තාම තනිකඩ! ඉතිං අඩුවක් වෙලැයි අපෙ වැඩකිඩ? හිහි

    ම්ම්ම් ආදරය .... දන්නේ නෑ අප්පා . මං තාම චූටියි.

    ReplyDelete
    Replies
    1. අනේ සුටී බබියා... හි..හි... අම්මට කියන්න ඕනා මේ ළමයා ගෙදරට තියන් හුරතල් කලා ඇති කියලා

      Delete
  3. මං හිතන්නේ මේ පැත්තේ මං ආවේ අදයි...

    /////        "ලොකේ ගැලපෙන උන් නෑ ..ආදරේදි අපි ඒ සේරම ගලප ගන්න ඕනා, එකිනෙකාගේ අදහස් වලට ගරු කරන්න,තීරණ ගද්දි නැමෙන්න ඕන තැන නැමෙන්න,කෙලින් ඉදන් තීරණ ගන්න ඕන වෙලාවට තීරණ ගන්න හිතේ හයියක් නැත්තම් ආදරේ කරන්න එපා.//////

    ඒක හරි.
    මං හිතන්නේ ආදරේ කියන්නේ පරිත්‍යාගයක්. ඒ පරිත්‍යාගය දෙපා්ශවයෙන්ම එක වගේ තියෙන්න ඕනේ. ආදරේට ආදරේ කරන්න ඕනි.

    සරලව කරපු හොඳ විග්‍රහයක්.....

    ReplyDelete
    Replies
    1. සාදරෙන් පිළි ගන්නවා නිර්මාණි

      Delete
  4. ආදරේ කියන දේ ලඟ තියෙන කන් කිසිම වටිනාකමක් නෑ...ඒක නැති වුනාම තමා තේරෙන්නේ ජීවිතේ ලොකු පදාසයක් පුරාවට ආදරේ මුල් දුවලා නේද කියලා...මම සාංසාරික ආදර කතා වලට වත් නීති රෙගුලාසි දාන ආදරේකටවත් පෞද්ගලිකව කැමති නෑ...දෙන්නට දෙන්න තේරුම් ගන්නවා නම් නීති දාන්න ඔනි වෙන්න්නේ නෑ නේද කිඹුලියෝ...

    භාවනාවක් වගේ ආදරේ විඳින අයත් ඉන්නවා...ඒ වගේ ආදරේ නිසා සමහරක් දේවල් අහිමි වුන අයත් ඉන්නවා...ආදරේ කියන එක නිර්වචනය කරන්නා යන තැනම අපි ෆේල්...

    මම නම් අත්දකින්න බයම දෙයක් ආදරය!!!

    ReplyDelete
    Replies
    1. අදරේට පොදු නිර්වචනයක් දෙන්න බෑ ඒත් එක එක්කෙනා අත්දැකපු විදිහට ආදරේ මෙහෙම දෙයක් කියලා කියන්න පුළුවන් නේද?

      Delete
  5. ආදරය කියන්නේ සුන්දර දෙයක් නමුත් මං නම් ආදරයට වඩා සෙනෙහසට මනාපයි,ආදරය සෙල්ලක්කාරයි සෙනෙහස වින්දනියයි,ආදරය ජිවිතෙන් කොටසක් වෙනකොට සෙනෙහස මුළු ජිවිතයම වෙනවා,

    ReplyDelete
    Replies
    1. ආදරේ සෙනෙහසකට පෙරලිලා දැනෙන්නේ බොහොම සුළු පිරිසකට ආයුබෝවන්ට

      Delete
  6. ඔය කූඩුවට මාත් අහුවෙලා හිටියා කාලෙකට කලින්.

    දැන් නිදහසේ හිටියත් , කූඩුව නැතිවීමේ දුක හිත කොනක තාම තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අපි තවත් කූඩුවක් හොයා ගමු...

      Delete
  7. උඹත් හිතෙන දේවල් ඉතින්.

    ReplyDelete
  8. සරලව ගැඹුරට කතා කල හැකි දෙයක් ලියලා... :) :)
    ආදරය තමන් තුල තමා කේන්ද්‍ර කරගෙන ඇතිවෙනවාට වඩා තමන් තුල අනිත් කෙනා කේන්ද්‍ර කරගෙන ඇතිවෙනවා නම් ලෝකය වඩාත් ලස්සනයි මං හිතන්නේ.. අත්පත් කරගැනිම, අයිති කරගැනිම , එකතු කරගැනිම , වෙනස් කරගැනිම වෙනුවට පරිත්‍යාගය, කැපවිම, අත්හැරිම තුලින් ගොඩනැගෙන ආදරයක් ලොවම සුවපත් කරනවා විනා, රිදවන්නෙ නැහැ. නමුත් මේ තරඟකාරි ලෝකයේ අනිකා වෙනුවෙන් ගොඩනැගෙන ආදරයක් දැනෙන්න වෙලාවක් තියනවද මන්දා ???

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වීමට ස්තූතී චතූ ආදරේ දැනෙන්න වෙලාවක් නෑ...

      Delete
  9. Love is captivity කියා කියන්නෙ කට කහනවට නෙවෙයිනෙ.. ආදරේ ඇතුළෙ යම් ආකාරෙක නිදහසක් වගේම සිරගතවීමකුත් තියෙන්න ඕන.. එහෙම නැතුව පවතින්න බැහැ.. ඒක පෙම්වතාටත්,පෙම්වතියටත් දෙන්නටම අදාළයි.

    ලිංගික සම්බන්ධකම් උඩ පමණක් පවතින සම්බන්ධතා නම් කිසිසේත්ම ප්‍රේමය කියන කුලකයට ඇතුළත් කරන්න බැහැ.. ප්‍රේමය කියන්නෙ කායික බැඳීමක් විතරක් නොවෙයිනෙ.මනස උසස් මිනිස්සු අතර පවතින ආදරය පැහැදිලිව ම කායික සම්බන්ධෙකින් එහා ආධ්‍යාත්මික මට්ටමකට යන්න ඕන.නැත්නම් මොකක්ද මිනිස්සුයි තිරිසන්නුයි අතර තියෙන වෙනස?

    ReplyDelete
    Replies
    1. වැසි නංගිගේ අදහසට ස්තූතී

      Delete
  10. ආදරය වනාහි ලොකු චුයින්ගම් එකකි.
    මුලදී රස උනාට හපන්න හපන්න රස අඩු වෙනවා.

    ReplyDelete
    Replies
    1. හිටු අදාල පාර්ෂවයට දැනුම් දෙන්න

      Delete
  11. ආදරය ගැන කතා නොකරමි. මම කාටවත් ආදරය කරන්නෙත් නැත. කාටවත් ආදරය කලෙත් නැත. මට කවුරුවත් ආදරය කරන්නේද නැත. එහෙයින් ආදරය මට අකැප මාතෘකාවකි.

    ReplyDelete
  12. ආදරය සුන්දර බොරුවකි
    කිසිදා කවුරුවත් කර නැතී
    ලැබෙන විට රැවටී නිතී
    දෙනදෙයක් යැයි සිත සිතී

    ReplyDelete
    Replies
    1. හි...හි... ඉයන්ලා දැන උගත් ඇත්තෝනේ ;)

      Delete
  13. අදමයි කිඹුලිගෙ විල් තෙරට ගොඩ වුණේ... රසයි කිඹුලි.ආදරේ ගැන නිර්වචන දෙන්නනම් මට කවදාවත් පුලුවන් වෙන එකක් නෑ. ඒත් මං ආදරේ විඳින කෙනෙක්. ඒ නිසා ඒ හැඟීම කොයිවගේද කියන්නනම් දන්නව, ඒත් කියාගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. හීන සාදරෙන් පිළි ගන්නවා මේ ඉසව්වට... අන්න අනිත් කාරනේ ආදරේ කියන දේ කියා ගන්න බැරි කම... ඔය ළමයට ජය

      Delete
  14. ආදරේ කියන්නෙ සුන්දරම දෙයක්...හැබැයි....ඒක ලියන්න තමා අමාරු

    ReplyDelete

හැකි නම් පුංචි අදහසක් දක්වලා යන්න,ඒ අදහස මට මිල කල නොහැකි තරම් වටිනවා.,අදහස් නොදැක්වුවා කියලා අහිතක් නෑ මොකද ගෙවෙන සෑම තත්පරය ඔබට බොහෝම වටින බව මා දන්නා නිසා....සියළු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ දවසක්!