Wednesday, April 20, 2016

93.කවියෝ කියන්නේ අපුරැ ජීවීයෝ ජාතියක්


             කවියෙක්ට පුළුවන් බොහෝ දේවල් බොහෝ විට වෙනස් කරන්න,හැබැයි කවියක් වගේ හිතක් තියෙන කවිකාරයෝ ඉන්නේ බොහොම අල්පයයි.....කවියෝ කියන්නේ යටි හිතේ තියෙන දේවල් සමාජ ගත කරලා.. දුක නිවා ගන්න ,දුක නිවන... අඩන්න බැරි කදුළු අරන් අකුරැ ගලපන ,තව කෙනෙකුගේ පපු කැහුතු සුරලා පාරවලා පරණ තුවාල අලුත් කරන, විටක ඒ තුවාලම සජිකල් ස්ප්‍රීන්තුවලින් පිසලන අපුරැ ජීවියෝ ජාතියක් ;)


කවියෙක්ට පුළුවන්,
හුදකලා වී හිතේ ඇති දුක
මුහුදු රළ අස්සේ සගවන්න.....
හීන් කෙදිරිලි හඬින් 
හිත අඬවන්න-ගලවන්න-නලවන්න......

මැරෙන ,උපදින රළ පහරවල් වල
පෙන සුඳට විරිත්තා හිනැහෙන්න....
මුහුදු සුළගේ හාදු තවරා
ලෝකයේ එහා කොනකට හරවන්න......

ප්‍රේමයේ පරණ වන කැලැල් වුව
හීනියට ආයෙමත්
පාරන්න.......
ඇනුන පිහි තුඩ පහරවල්
පිරිත් පැන් ඉස 
සනහන්න.....

ඒ මහා කවියා 
ලියු කවියෙම 
අකුරු ගලවා-අවුළුවා
ප්‍රේමයේ චිතකය දල්වන්න.....

     කවියෙක්ට තව පුළුවන් දේ ලියලා යන්න...

30 comments:

  1. Kawiyekuta puluwan hitiganam kimbuliyek wenna.. E wagemayi eke anith paththath. :)
    Super.. sorry no sinhala.

    ReplyDelete
    Replies
    1. හි..හි.. ඒක ඇත්තක් කමියෝ

      Delete
  2. කවියක් ගුලිවෙන්නෙ කවි හිතක උණුහුමට
    කවි කැමති රිදුනාට රස්නයට පිච්චෙන්ට
    තුංග ගිරි හිසක හිඳ බැබලුනත් කවියකට
    සැඟවෙන්න හිතෙන්නෙම ගැඹුරුම කවි හිතක...

    මහරු පෙම් කවි හිතක ඇති සියුමැලි කමට
    හීන්වට කැපිය හැකි මුවහත් කවියකට
    ලේ ගලන හිතකින් විඳවන කවියෙකුට
    මල් වඩම් අවැසි නැත මළගමේ පෙරහැරට...

    ReplyDelete
  3. රසයි ඔබේ නිර්මාණය...

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට සාදරෙන් පිළිගන්නවා ඔයාගේ වචන ටිකත් හරිම ලස්සනයි බොහෝම ස්තූතී

      Delete
  4. කවි ඇස අපූරුයි,
    කවි සිත අපූරුයි,
    කවි බස අපූරුයි,
    එනිසාම කවියා ද අපූරුයි..


    තව දෙයක් කවියෙකුට පුලුවන් තමන්ගේ කවිය අවියක් කර ගන්න.... ඔයාගේ නිර්මාණයත් අපූරුයි...


    ReplyDelete
    Replies
    1. නිර්මාණි හරිම අපුරැයි ඇත්ත කවිය අවියක් කර ගන්න පුළුවන් ස්තූතී

      Delete
  5. කවියා යනු පැන යන මුවන් දැක නෙලූ පලා අතහරින පිස්සන්ය

    ReplyDelete
    Replies
    1. මේ කවියට වෙච්ච සන්තෑසියක්ද?

      Delete
  6. කවි ලියන්න බැරි උනත් අපිටත් පුලුවන් උබලා ලියන කවි රස විදලා එව්වා අගය කරන්න

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනේ මෙන්ඩෝ ස්තූතී ඈ

      Delete
  7. කවියෙක්ට පුළුවනි මහරෑ හීතලේ
    දාඩිය දාන උන්ට පවන් සලන්න

    කවියෙක්ට පුළුවනි කතරක දාහයෙන්
    වෙව්වල හිත් වලට උණුහුම දෙන්න

    කවියෙක්ට පුළුවනි වුණ දේ නොවුණ සේ
    කදුලින් හංගන ඇස් අගට මුතු බදින්න

    කවියෙක්ට පුළුවනි අඩන්න, හිනාවෙන්න,
    රිදෙන්න, කකියන්න, තැවෙන්න විතරක් නෙමෙයි හුස්ම ගන්න........


    (මොකද උන් මිනිස්සු නිසා........... හැබැයි තව දෙයක් තියෙනවා මේ ලෝකේ ඉන්න හැම එකාම සහ එකීම කවියෙක්. ඒක තමා කවුරුත් නොදන්න ඇත්ත. සමහරු ඒක දැනගෙන ජීවත් වෙනවා. උන්ට අපි කවියෝ කියනවා. සමහරු ඒක නොදැන ජීවත් වෙනවා. උන් කියනවා අපිට කවි ලියන්න බැහැ කියලා. තවත් සමහරු ඒක දැනගෙන දන්නෑ වගේ ජීවත් වෙනවා. උන්ට කියන නමනං මං දන්නෑ............)

    ReplyDelete
    Replies
    1. අදහසට ස්තූතී කුරැටු.. බලාපොරොත්තුවෙන් හිටියේ මේ වගේ දිග අදහස් දැක්වීමක් ඔබෙන් ස්තූතී

      Delete
  8. ඇත්ත ඇත්ත. කවියෝ කියන්නේ මහා අමුතුම ජාතියේ ජීවීන් කොටසක්..

    ReplyDelete
  9. //කවි ලියන්න බැරි උනත් අපිටත් පුලුවන් උබලා ලියන කවි රස විදලා එව්වා අගය කරන්න //මෙන්ඩාගෙන් උස්සා ගන්නා ලදි.
    ඒකමයි මාත් කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. හීන හෙමිට උත්සහයක් දෙමු කවියක් ලියන්න

      Delete
  10. කවියෙක්ට පුළුවන් දෙයියෙක්ව උස්සල පොළවේ ගහන්න
    යම රජෙක් වුණත් දෙවියෙක් කරන්න
    කොල්ලෙක් රජජෙක් කරන්ත් උෟව නන්නත්තාර කරන්නත් කවියෙක්ට පුලුවං...

    හිහි..

    කවිය නං ගති ශානු අක්කේ.... මං ලියල තියෙන ඒවට තරහ නෑනෙ.. ඇත්තටම ලීවෙ හිතට දැනුන දේ..
    බොරු නං ටිකක් කල්පනා කරල බලහං මං ලීවෙකේ උඩ පද දෙක ගැන

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත මල්ලී මක්කටැය් තරහ වෙන්නේ

      Delete
  11. ලිපියෙ ලීවාට සර්ජිකල් ස්පිරිට් තුවාලවල ගාන්න එහෙම එපා.

    ReplyDelete
  12. කොළ පාට කිබුලියක් කවියෙක්ගෙ පද ලියා
    අළුපාට හැන්දෑවේ වැස්ස කැන්දන් ගියා.

    ReplyDelete
    Replies
    1. ලාලිත්‍යට ලලිතුත් පදයක් බැදලා
      කිඹුලිත් සතුටින් ස්තූති කෙරැවා

      Delete
  13. කවියක් කියන්නේ...ජීවිතේටම....
    කවියෙක් කියන්නේ...අනේ මන්දා බන්

    ReplyDelete
    Replies
    1. ජිවිතේ කියන්නේ කවියකට
      අනේ මොනාද නැන්දේ කියන්නකෝ

      Delete
  14. කවියෙකුට පුළුවන්...
    සිනාසෙන වුන් දහසක් අතරේ වුව...
    හදවතින් වැළපෙනා එක් හිතක් වුවද...
    එය දකින්නට....
    කවියෙකුට පුළුවන්......
    වැලපෙනා සිත් අතර ...
    නොවැලපෙන සතුටු හිත් දකින්නට...
    කවියෙකුට පුළුවන්...
    ලෝකයක්...
    මනැසින් නොව....
    හදවතින් දකින්නට.. හගින්නට... සොයන්නට...

    ReplyDelete
    Replies
    1. අලුත් අදහසක් ස්තූතී සුළග

      Delete
  15. කවියෙක්ට පුළුවන්
    මහළු වූ අතීතය‍ෙ
    සුවඳ සොරකම් කර
    අනාගතයේ කුසුම් පුබුදන්න....

    කවියෙක්ට පුළුවන්
    මියැදුණු හදට
    යලිඳු හුස්ම පිඹ
    නවමු ජීවිතයකට පණ දෙන්න ......

    කවියෙක්ට පුළුවන්
    වේදනාවේ අළු මතින්
    දයාවේ ගිනි පුලිඟු දල්වා
    ස්නේහයේ රුදු ගින්න අවුලන්න....


    සුපිරි කවි පෙළක් අක්කණ්ඩි !

    //ප්‍රේමයේ පරණ වන කැලැල් වුව
    හීනියට ආයෙමත්
    පාරන්න.......
    ඇනුන පිහි තුඩ පහරවල්
    පිරිත් පැන් ඉස
    සනහන්න.....//

    හරිම සුන්දරයි !!!

    ReplyDelete
    Replies
    1. මෙතුවෝ අදහස් මල් හතයි ඈ බොහෝම ස්තූතී

      Delete
  16. "විරුෙවක්ට පුළුවන්නම්,
    ගුලිෙවන්න පිළිෙමක....
    කවිෙයක්ට පුළුවන්,
    මියයන්න අහසක...."

    ReplyDelete

හැකි නම් පුංචි අදහසක් දක්වලා යන්න,ඒ අදහස මට මිල කල නොහැකි තරම් වටිනවා.,අදහස් නොදැක්වුවා කියලා අහිතක් නෑ මොකද ගෙවෙන සෑම තත්පරය ඔබට බොහෝම වටින බව මා දන්නා නිසා....සියළු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ දවසක්!