Sunday, May 1, 2016

95.ගබ්සාව

ගබ්සාව යන වචනය ඇසෙත්ම අපිට සිහි වනුයේ කුසෙහි අනාරාධිත ලෙස හට ගත් කළලයක් අමානුෂික ලෙස විනාශ කිරිමය එහෙත් ගබ්සාව ආකාර දෙකකින් හැදින්විය හැකිය..
     එනම්,
             (1)නිතැත් ගබ්සාව(Spontaneous Abortion)                  
              (2) ප්‍රේරිත ගබ්සාව (Induced Abortion )

,1,
නිතැත් ගබ්සාව(Spontaneous Abortion)                  
                එහිදි සිදු වන්නේ ස්වාභාවිකවම කළලය හෝ බිළින්දා ගර්භාෂයෙන් පිටතට පැමිණිමය නිතැත් ගබ්සාවකදී බොහෝ විට දැකිය හැකි පොදු ලක්ෂනයක් වනුයේ මාසික ඔපස් වීමකදී මෙන් යටි උදරය වේදනාව තරයේ දැනීම හා ඔපස් වීමේ අන්තිම දවස රැධිර වහනය වන ලෙස රැධීරය වහනය වීම නොනැවති එක දිගටම පැවතීමය

,2,
ප්‍රේරිත ගබ්සාව (Induced Abortion )                
                          මෙහිදි බාහිර බලපෑමක් මගින් කළලය ගර්භාෂයෙන් ඉවත් කිරීම සිදු කෙරේ, මෙය ඉතාමත් අවදානම් පියවරක් බවත් දිගු කාලින ශාරිරීක ගැටළු ඇති වීමේ අවධානම ඇති බවත්, එක් වර්ෂයකට   ප්‍රේරිත ගබ්සාව (Induced Abortion ) නිසා 47000 මරණ සහ මිලියන 5ක් පමණ රෝහල් ගත කරන බවත් ලෝක සෞඛය සංවිධානය පවසා ඇත


ගබ්සා ක්‍රමවේදයන් 

              ලෝකයේ බොහෝ රට වල ඉතාමත් ප්‍රචලිත ගබ්සා ක්‍රමය වශයෙන් භාවිතා වන්නේ ඔසප් චක්‍රය ක්‍රමවත් කිරීමේ ක්‍රමයයි. (Menstrual Regulation) 
                       ඔසප් චක්‍ර ක්‍රමය යනු සිරින්ජරයක් මගින් ගර්භාෂයට කිසියම් රසායනික දියරයක් ඇතුලු කොට ඉතා කුඩා කලලය විනාශ කිරීමයි ඉන්පසු එම විනාශ වු කලලයේ කොටස් දූවිලි ඇද ගන්නා වැනි උපකරණයක් (Vaccum) මාර්ගයෙන් ඉවත් කරනු ලැබේ           

                   ගබ්සාවක් සිදුකරන තවත් ප්‍රකට ක්‍රමයක් වන්නේ ශල්‍යකර්මයක් මාර්ගයෙන් කලලය ඉවත් කිරීමයි.ඊට අමතරව R.U.486 නම් වු ගිලින පෙති මගින්ද සංවර්ධිත රටවල ගබ්සාව සිදුකෙරේ


         ඉහත ක්‍රමවලට අමතරව ගබ්සාව කිරීම සඳහා භාවිතා කරන අනියම් ඖෂධ වර්ග බොහොමයක්ද අද වෙළදපොලේ රහසිගතව ව්‍යාප්ත වෙමින් පවතී
          ඇලපති , හෝමියෝපති, යුනානි, ආයුර්වේද, ආදි වෛද්‍ය ක්‍රමවල දක්නට ලැබෙන ඖෂධ වර්ග කීපයකි මේවා බොහෝ දුරට සංවර්ධනය 
වෙමින් පවතින රටවල ගබ්සාව සදහා යොදාගනු දක්නට ලැබෙයි මේ නිසා ගබ්සාවට ලක් වන කාන්තාවන්ගේ ශාරීරික මෙන්ම මානසික 
සෞඛ්‍ය සම්බන්ධ ගැටලු මතුවිය හැකි අතර එමගින් ජීවිතය පවා අවදානම් තත්වයකට පත්විය හැක ගබ්සාව සඳහා මෙම ක්‍රමවලට අමතරව සාම්ප්‍රදායික හා නොදියුණු ක්‍රම ලෙස සැළකෙන එඬරැ නැටි භාවිතා කිරීම, අමු අන්නාසි ආහාරයට ගැනීම,විශේෂ සම්බාහන ක්‍රම වැනි ක්‍රම තවමත් ඇතැම් ග්‍රාමීය මෙන්ම නාගරික කාන්තාවන් අතරද කලාතුරකින් භාවිතා වන බව වාර්තා වේ

ලෝකයේ අද වන විට අනාරාධිත ගැබ් ගැනීම් අති බහුතරයක් ගබ්සා වලින් අවසන් වන බව විද්වතුන්ගේ මතයයි,අනිසි ගැබ් ගැනීම් සදහා බලපාන හේතු කිහිපයකි

1,ක්‍රමවත් පවුල් සැලසුම් ක්‍රමයන් අනුගමනය නොකිරිම

2, දරැ ගැබ පිහිටන අවස්තාවේ අපේක්ෂා කලද පසු කාලයේදී ආර්ඵික සමාජීය හා යම් යම් සෞඛය ගැටළු නිසා ගබ්සා වලට යොමුවේ

3, අනපේක්ෂිත ගැබ් ගැනීම්(තවත් දරැවෙක් සිටී නම් ඔහු අගතියට පත් වේ යැයි සිතුවිල්ලෙන් ගබ්සා කිරීමට යොමු වීම

ගබ්සාව පිළිබඳ ගැටලු සැලකීමේදි අවධානයට යොමුවු ප්‍රධානම හේතුව නම් පවුල් සැලසුම් ක්‍රමවල පවතින දුර්වලතාවයන්ය විශේෂයෙන්ම සාම්ප්‍රදායික පවුල් සැලසුම් ක්‍රම පිළිබඳව විශ්වාසයක් තැබිය හැකි නොවේ එහෙත් ලංකාව වැනි බොහෝ රටවල කාන්තාවන් අතර විශ්වාසය තැබිය හැකි නවීන පවුල් සැලසුම් ක්‍රම වලට වඩා සාම්ප්‍රදායික ක්‍රම ප්‍රචලිතව පැවතීම ගබ්සාව පිළිබඳ ප්‍රශ්නය උග්‍ර වීමට හේතු වි ඇත විවිධ රටවල ගබ්සාව පිළිබඳ තත්වය
සංස්කරණය බොහෝ රටවල පවතින සමාජ , ආර්ථික විවිධතාවය පදනම් කොටගෙන වාර්ෂිකව ගබ්සාව සඳහා යොමු වන ප්‍රතිශතයේ වෙනස්කම් පවතින අතර සමහර රටවල සාඵල්‍යතාව අඩු කිරීමෙහි ලා ගබ්සාව ඉතා අඩු බලපෑමක් කරන සාධකයක් බවට පත් වි ඇත ලෝකයේ ඇතැම් රටවල ගබ්සාව නීත්‍යානුකුල කර ඇති අතරම තවත් සමහර රටවල යම් යම් කොන්දේසි යටතේ නිතිගත කර ඇත. එහෙත් ලංකාව ඇතුලු ඇතැම් රටවල එය නෛතික වරදක් බවට පත්කර දඩුවම් නියම කර ඇත

            * ඉන්දියාවේ ගබ්සාව නීනිගත කර ඇතත් එය සිදුකළ හැක්කේ ගැබට සති 20ක් ඉකුත් වීමට පෙරය
             
             * බංග්ලාදේශයේ ගැබට සති 10ක් ඉකුත් වීමට පෙර එය කරවා ගැනීමට නීතියෙන් බාධාවක් නැත
      
              * තායිලන්තයේ ගබ්සාවක් කර හැක්කේ එය ව්‍යභිචාරය,දූෂණය ,හෝ මවගේ ජිවිතය බේරාගැනීමේ අරමුණින් පමණි
                    
               * ශ්‍රී ලංකාවේ තවමත් බලපැවැත්වෙන 1883 දණ්ඩ නීති සංග්‍රහයේ 303 වන අනු වගන්තිය යටතේ ගබ්සාවක් කළ හැක්කේ මවගේ ජීවිතය එයින් අවදානමට ලක් වේ නම් පමණි 
           තත්වය මෙසේ වුවද ඉහත දැක්වු හේතු මත ලෝකයේ අනීතිකව සිදුවන ගබ්සා ප්‍රමාණය දිනෙන් දිනම ඉහළ යමින් පවතී සදාචාරමය හා ආගමික වශයෙන් යම් යම් සිමාවන් යටතේ ගබ්සාව සිදුකිරිමෙහි ප්‍රවණතාව අඩු වී ඇති අතර එයට වෛද්‍යවරයෙකුගේ මැදිහත් වීමක් අවශ්‍ය වන නිසා එවැන්නකින් වැළකී සිටීමට බොහෝ අයගේ නැඹුරැවක්ද පවතියි එහෙත් අක්‍රමවත්ව සිදුවන ගබ්සා කිරිම් හේතුවෙන් සිදුවන අනතුරැ ප්‍රමාණය ඉහළයෑමටද එම හේතුම ඉවහල් වි ඇත


ලියන්න තරම් හයියක් තිබ්බ ලිපියක් නෙවේ ලිව්වේ... මහන්සියක් ගත්තේ ගූගලයෙන් හොයා ගත්ත කරැණු  එක තැනක ගොනු කරන්න...දැනුමට කාටම හරි ප්‍රයෝජන වුනා නම්  සතුටක් ...මේ ලිපිය ලිය වුන කරැණ කවියේ ඇති ....

බෝ රුකක බර බැන්ඳ 
පැතුම් මල් පූදිනකොට රහසේම 
හැර ගිය කරුණ උහුලමී
පපු කැහුත පලා ලුණු දැමු ලෙසකට

පෙරුම් පුරා සපැමිණි නුඹ
හදවත ගැහෙන්නට මත්තෙන්ම
නික්මයැම'ම හදවතේ කුටීර සිදුරැ කල 
ගැඹුරැ හැඟුමකි පැහැදිය නොහැකී


අම්මෙක් වෙන්න දැකපු හීනෙම
සෙනෙහසක් දැනුන තරම'ම
කඳුලකින් ගිලිහුනා නිතැත් ලෙසකට
දෙමසකට ඉහතදී රුධිර කැටයක්ව

         දරැවෙක් කුසට එන්න වාසනා ගුණයක් තියෙන්න ඕනා එහෙම කුසට ආ දරැවෙක් මිය පරලොව යවන්න කිසිම කෙනෙකුට සිත් නොඉපදේවා යැයි පතමී!!!

28 comments:

  1. මගේ අදහසනම් ගබ්සා කිරීම යම් කිසි නීති රාමුවකට යටත්ව නීතිගත කිරීම සාධාරණය යන්නය.මන්ද එයින් රටේ සිදුවන අනියම් මරණ සංඛ්‍යාව අඩුවනු ඇත.ස්වාභාවික මෙන්ම අනාරක්ෂිත ක්‍රම වලින් මිදී ශරීරයට හිතකර මෙන්ම නවීන ක්‍රම භාවිතයට ගැනීම තුළින් මිනිස් ජීවිත සුරක්ෂිත කළහැකිය.

    ReplyDelete
    Replies
    1. මිනි මැරැමකට අනු බල දීලා තව ජීවිතයක් සුරක්ෂිත කරලා මක්කටැයි කියන මතේ මම ඉන්නේ අදහසට ස්තූතී

      Delete
  2. අන්‍යයෙකුගේ ජීවිතය හා බැදි සිද්දීන් විනිශ්චය කිරීමට අපට ඇති අයිතිය කුමක්ද??



    බොහොම ස්තූතියි...නොදන්නා කරුනු බොහොමයක් දැන ගත්ත..

    ReplyDelete
    Replies
    1. ස්තූතී ඔබේ අදහසට රසික..

      පොදුවේ ගත්තම මිනිස්සු යම් යම් නිතී රාමු වලට යටත් විය යුතුයි.. නැත්තම් ඔහුන් වල්මත වෙනවා... කළලයක් විනාශ කිරිම නම් මිනීමැරැමක් වෙනසකට තියෙන්නේ කළලෙට කතා කරන්න බෑ ඒ වෙනුවෙන් කතා කරන්න කවුරැත් නෑ ඒ නිසා ගබ්සා කරනවා මනුස්සයෙක් මැරැවම නම් මිනි මරැව අල්ලනකම් හැමෝම යුක්තිය හොයනවා ඒ වෙනුවෙන් කතා කරනවා..

      Delete
  3. ඔක්කොටෝම වඩා මං කියන්නෙ ලංකාවෙ මිනිස්සුන්ට පැහැදිලි ලිංගික අධ්‍යාපනයක් දෙන්න ඕනෙ කියන තැන.
    දැනුම පැත්තෙන් හරි වටින ලියවිල්ලක්. ජය..!

    ReplyDelete
    Replies
    1. ලිංගික අධ්‍යාපනය ගැන මක්කට කතා කරනවද අපේ කාලේ ගුරැවරැ පූජනනය පාඩම එද්දී පන්තියට එන්නේ නෑ දැනුත් එහෙමද දන්නෑ ඇත්තටම ඔය අඩුපාඩුව නම් ඇත්ත.. ස්තූතී

      Delete
  4. මේ දේවල් බොහෝමයකට මුල නිසි ලිංගික අධ්‍යාපනයක් නොමැති කම කියලයි මාත් හිතන්නේ...

    වැඩිය කතා නොකෙරෙන දෙයක් මේ විදිහට කතා කරපු එක හුඟක් වටිනවා කිඹුලී...

    ReplyDelete
    Replies
    1. අනිවා තුශා අපේ සංස්කෘතිය එක්ක ලිංගික අධ්‍යාපනය ගැන කතා කරන්න බොහෝ අය අකැමැති.. ඒ නිසාමනේ sex සර්ච් කරලා අපේ රට කප් ගැහැව්වේ

      Delete
  5. මමත් එකගයි මුලින්ම කරන්න ඕන හරි හැටි ලිංගික අධ්‍යාපනයක් ලබා දීම. ඊට පස්සේ පුළුවන් අනිත් දේවල් කොහේද තියන්න ඕන කියල බලන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒත් පුජනන පාඩම එද්දි ක්ලාස් කට් කරන සටහන් විතරක් ලියා ගන්න දෙන ගුරැවරැ ඉන්නකම් නිසි ලිංගික අධ්‍යාපන. දෙන එක හීනයක්

      Delete
  6. අපුරු ලිපියක්.. ඇත්තටම ලිංගික අධ්‍යාපනය මදිකමක් තියනවා... ඒ වගේම ඒ දැනුම තියන අය තුළත් සැලකිල්ලක් නැතිකමක් තියනවා.. දැනට වසර කීපයකට පෙර කරපු සමීක්ෂණයකින් හෙලි වෙලා තියලවා වැඩිම ගබ්සා ප්‍රමානයක් වෙන්නේ පේරදෙනිය විශ්වවිද්‍යාලය හා ආශ්‍රිතව කියලා..


    මේ ලිපිය ගොඩක් දෙනාට ප්‍රෙයා්ජනවත් වෙයි කිබුලී..

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා ලංකාවේ මිනිස්සු ලිංගික කියද්දිම පැනලා දුවන්නේ අහවල් දේකටද කියලා

      ස්තූති නිර්මාණී

      Delete
  7. අවදානමට පෙර සූදානම තිබ්බ නං ඉවරයි ආයෙ මොකද මිනි මරන්නෙ නැද්ද...
    මේකයි ලිංගික අධ්‍යාපනය ක්‍රමවත් ිරීමත් ලිංගිකත්වය කයල වචනෙ මැජික් එකක් නොවන බවත් මිනිස්සුන්ට ඒත්තු ගන්නල දෙන්න ඕන

    ReplyDelete
    Replies
    1. ඇත්ත පිටරටවල ළමයින් වැඩි වියට පත් වුනාම ලිංගික ආරක්ෂක විදි කියලා දෙන්නේ දෙමව්පියන්.. අපේ රටේ ඒකට ලිංගිකත්වය කිව්වම ගොඩක් අයගේ මුණවල් ඇඹුල් වෙනවා.. අනේ මන්දා ඉතින්

      Delete
  8. මොනවා කියන්න ද මන්දා මේ ගැන.
    මම නම් ගැබක් විනාශ කරනවට කැමති නෑ

    ReplyDelete
    Replies
    1. මාත් තරයේ අකැමැති මනෝ...

      Delete
  9. මං මුකුත් කියන්නෙ නෑ. කමෙන්ටු කොටන්න තරම් හයියක් නෑ. මෙහෙම ලොකු හිත හයියක් ඇතිව වටිනා ලිපියක් පළ කලාට ගොඩාරියක් ස්තුතියි අක්කණ්ඩි !

    පදපෙළ හදවත පසාරු කළා......

    ReplyDelete
    Replies
    1. ස්තූතී නංගෝ මං ලිව්වෙත් හරි වේදනාවෙන්

      Delete
  10. කතා කරන්න ගොඩක් දේවල් තියන මාතෘකාවක්. අපි බයෝ කරද්දී ඒ ලෙවල් වලට, ටියුෂන් ගිය සර් මේ ගැන ගොඩක් දේවල් කතා කළා. කොහොමද කරන්නේ, ඊට පස්සේ මොකද වෙන්නේ එහෙම. ටියුට් එකක ෆොටෝ වලිනුත් පැහැදිලි කරලා තිබ්බා.
    ගොඩක් ගබ්සා වලට ලක් වෙන්නේ කාමාශාව පාලනය කරගත නොහැකි වීමේ ප්‍රතිපලයක් විදියට ඇති වෙන කළල.
    උඩ පෝස්ට් ඒකෙ කියල තියන හේතු නිසා ඇති වෙන කලලත් නැතුවම නෙවේ. ඒත් අර වැඩේ තමා ගොඩක්ම වෙන්නේ.
    කාලෙකට කලින් මට සඟරා ටිකක් හම්බුනා. නම නම් මතක නෑ. ඒත් ඒ සෙට් ඒකෙ ඔය ගැන ලිපි කිහිපයක්ම තිබ්බා. අත්දැකීම් එහෙමත් එක්ක. ඒක කියවද්දී නම් ඇඟ හිරිවැටිලා ගියා..

    ReplyDelete
    Replies
    1. අපිටත් පෞද්ගලික විද්‍යා ක්ලාස් එකක සර් කෙනෙක් දවසක් පිරිමි ළමයින්ටයි ගෑණු ළමයින්ටයි වෙන වෙනම හැම දේම පැහැදිලි කරා ඒ වෙනකොට අපේ විද්‍යා ගුරැතුමි පීරියඩ් එක කට් කරලා අපිට සටහනක් දීලා ෂේප් කරලා තිබ්බේ හැක්

      Delete
  11. පනින්න පෙර හිතා බලන්න පුරුදු කරලා... බැඳ ගත්තනම් බෙරේ ගහන්න පුරුදු කරානම් හරි.. කියුවත් වගේ දරුවා මරලා අම්මව බෙර ගෙන මොකටද කියල හිතෙනවා එක වෙලාවකට.. සැහ.. මේවා කතා කරලා ඉවර කරන්න පුළුවන් කතා නෙවෙයි..

    එකෙක් දරුවෝ නැතුව හුල්ලනවා.. තව එකෙක් නුවුමනාවෙන් දරුවෙක් බඩට ඇවිත් හුල්ලනවා.. මේ ලෝකේ හරි කුරයි මෙයා..

    ReplyDelete
    Replies
    1. කෙක් දරුවෝ නැතුව හුල්ලනවා.. තව එකෙක් නුවුමනාවෙන් දරුවෙක් බඩට ඇවිත් හුල්ලනවා.. මේ ලෝකේ හරි කුරයි මෙයා.. මේකනම් සිරා කමියෝ ලොකේ මිනිස්සු පුදුමයි අනෙව්

      Delete
  12. ලෝකයේ බොහෝ නවීන හෝ ලිබරල් කියනා රටවල්වල පවා ගබ්සාව යන මාතෘකාව ඉදිරියේ බොහෝ සංවාද ඇතිවෙනවා. මෙය ඉතා සංවේදි මාතෘකාවක් නිසා ආගමික මතවාදයන් සහ විශ්වාසයන්ද එක ගොඩේ පැටලෙනවා. කතෝලික පල්ලිය පවා මේ සංවේදි මාතෘකාවට වැඩිය අත තියන්න යන්නේ නැහැ.

    ////The Catholic Church’s opposition to abortion has not changed under Pope Francis, who believes that unborn fetuses are sacred and must be protected.
    However, he has criticized the church for being “obsessed” with issues like abortion and homosexuality and has emphasized the opposition to them far less than his predecessors. He has also said priests should absolve women who confess to “the sin of abortion” during the church’s upcoming Year of Mercy if they seek forgiveness for their sins with a “contrite heart.”/////////


    ගබ්සාව ගැන ආගමික දෘශ්ඨිකෝණයකින් සංවාද කරනවාට වඩා , ඒ තුලින් මතුවන සමාජීය බලපෑම් තමයි ප්‍රබලවෙන්නේ. නමුත් මිනිස් ජීවිතය යන්න ආගම හා තදින් බැඳී ඇති නිසා ස්ථිර විසඳුම් ඈතයි. බලහත්කාරයකට ලක්වූ දැරියක් ගැබ්ගතහොත් ඇය කුමක් කල යුතුද? හරි සංවේදි ප්‍රශ්න.

    ReplyDelete
    Replies
    1. ඔය මගේ කමෙන්ටුවේ ඇති ඉංග්‍රීසි උපුටා දැක්වීම පත්තරේක පලවුන දෙයක්. ඒය පාප්තුමාගේ අදහසක්.

      Delete
    2. ඇත්තටම මෙය බොහෝම සංවේදී මානුෂික දෙයක් ඒත් තමන්ගේ කුසේ හට ගත්ත දරැ ගැබ නසන එක අනුමත නොකල යුතු කියලයි මගේ අදහස...ස්තූතී ඔබේ අදහසට

      Delete
  13. \\දරැවෙක් කුසට එන්න වාසනා ගුණයක් තියෙන්න ඕනා එහෙම කුසට ආ දරැවෙක් මිය පරලොව යවන්න කිසිම කෙනෙකුට සිත් නොඉපදේවා යැයි පතමී!!!\\

    මමත් එකඟයි. මා කියවූ ලිපි අතරින් තවත් හොඳ විචාරයක් ඇති ලිපියක්.
    සංවාදයට තුඩුදෙන කාරනා බොහොමයක් ඇත. සමස්ථයක් ලෙස ලිපියේ අදහස සමග එකඟයි. වැදගත් ලිපියක් පලකිරීම වෙනුවෙන් ස්තුතිවන්ත වෙමි.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතී අජිත් ඔබේ පැසසුමට

      Delete
  14. R.U 486 ගැන විස්තර ටිකක් ඔනා

    ReplyDelete

හැකි නම් පුංචි අදහසක් දක්වලා යන්න,ඒ අදහස මට මිල කල නොහැකි තරම් වටිනවා.,අදහස් නොදැක්වුවා කියලා අහිතක් නෑ මොකද ගෙවෙන සෑම තත්පරය ඔබට බොහෝම වටින බව මා දන්නා නිසා....සියළු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ දවසක්!