Friday, November 6, 2015

75.ඇය-මොණර කොල-අතර-නිවන


රෑ අහස් කුස 
තරු කූරු අතර එල්ලෙන
ලයිට් එළි අතර 
සඳත් තිබුනා පිරිපුන්ව

රැහැයියන්ගේ හඬ
බකමුණු හඬ
අතර තුර ඇගේ කෙඳිරිල්ල
ඇසුනේ වීදියේ කොනක සිහිසුන්ව

නේක විදුලි බුබුළු සැර පරදන
රථ ඇදි යයි වමට,දකුණට 
ඔහේ  දුම් දමා පිට ලෝකයට
ඒ අතර තුර
ඇය විකුණා දමති ඇගේ පතිවත 

දෙදහා,දෙදහා එකතු කර
අළුයම බලයි ගණන් මොණරු කොල
කප්පමක් දී මස් කටු විලස බල්ලෙකුට
ඇය නික්ම යයි ගේ දොර බලා සුභ නිමිති ගෙන

වෙනිවැල් ගැට,පැනඩෝල් වල පිහිට
එයි අතෝරක් දුක් ගැහැට මත දුක් බරව
අවාසනාවක මහත කියන්නේ කෝම
ඇය පෙරලුනා නින්දට මහා දවාලක සැපට

නින්දක ලැබෙන සුව විඳ මොහොතක
යන්නට යයි හවසට පෙර ලෙස නිදිවරන්නට
විකිණිලා රැදුරැ ලෙස තුට්ටු දෙකකට
නැඟණියේ තවම සංසාරේ දිග වැඩි අත පෝවන්නට

_ශානූ_
S H A N U

16 comments:

  1. මේවා ගැන ඉතින් මොනවා කියන්නද බං අක්කේ.. සල්ලි දීලා ලබාගන්න කැමති මිනිස්සු ඉන්න කන් ගැහැණු විකිණෙයි.. ඕක නවතින්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ බං.... නවතින්නේ නම් නැති මානයක තිබුනත් අවම කරන්න අපිට පුළුවන් බං ඒත් ගණිකාවක් කියද්දී දැනෙන හිරිකිත සංකල්පේ එකටම නැති කර ගන්න ඕනේ

      Delete
  2. විවිද හේතු නිසා මේ රැකියාව කරන කාන්තාවන් ගැන ලියැවුනු සංවේදී කවියක්. අගෙයි ශානු.

    ReplyDelete
    Replies
    1. ස්තූති මල්ලී....

      Delete
  3. /විකිණිලා රැදුරැ ලෙස තුට්ටු දෙකකට
    නැඟණියේ තවම සංසාරේ දිග වැඩි අත පෝවන්නට/

    හරිම ලස්සනයි ශානු . ඒත් අපි හැමදාම කරන්නෙ ඒ ගැන කතා කරලා මෙතනින් නවත්වන එක නේද? රැයේ නෙතු පියාගෙන දහවලේ වෙහෙස වී කරන්නට රාජකාරියක් සොයාදෙන්නට ඇයට නොහැකි වේවිද අපට?

    ReplyDelete
    Replies
    1. උදව් කරන්න පුළුවන් මෙතූ එකටම ගණිකාවක් කියද්දි දැනෙන වැරදිකාර රෑපේ හිතින් අයින් කර ගත්ත නම්....හැමෝටම උදව් කරන්න පුළුවන්

      Delete
  4. සංවේදී කතාවක් ලස්සනට ලියලා........ ලස්සනයි...........

    ReplyDelete
  5. මේ අයගෙන් වැඩිපුරම ඉන්නේ අනුන්ගේ එක් අවශ්‍යතාවයක් වෙනුවෙන් තම ආත්ම ගරුත්වය මුදල් කර තමන්ගේ ජීවන අවශ්‍යතාවයන් සපුරා ගැනීමට දුක් විදින අයයි.මේ බොහෝ අය අනෙකා තමන්ගෙන් සතුටු වෙනකොට හදවතින් හඩා වැලපෙනවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් කාන්තා අයට වරද්දන්නේ පිරිමි පාර්ශවේ අය....එහෙම වෙන එක වරදකට ජීවිතේම උකස් කරන්න වෙච්ච අය බොහෝමයක් මේ වෘත්තියේ යෙදෙනවා

      Delete
  6. මේ ගැන නම් මුකුත් නොකියමි..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්...හිත රිදෙනවා පොඩ්ඩෝ

      Delete
  7. ඕක සංවෙදී මාතෘකාවක් අක්කා, පීඩිතයන්ගේ ජීවිත නව නිර්මාණ වලට තෝතැන්නක්, කම්පාවීමට හොඳ අවස්තාවක්, සිය දහස් ගණන් අකුරු අමුණන්න මාතෘකාවක්. එත් එතනින් එහාට ගිය මානුෂීය අධියරක් අපිට ගොඩ නගන්න පුලුවන්නම් මේ ලෝකේ කොහොමට හිටීද? ඔහොම කිව්වට අක්කා මමත් උන්ගේ ජීවිත කතා සයිබරයට අමුණන තවත් එක ආත්මාර්තකාමියෙක් විතරයි, එක තමයි ඇත්ත, සමාජ යද්හම් තාමත් අපිව හිර කරලා, අපිත් ඔහේ ගහගෙන යන උන් විතරයි සමාජ ගංගාවේ, උඩුගන් යන්න හැදුවට සමාජ සැඩ පහර තාමත් බොහොම සදයි අක්කා, උඩුගම් යන්න හදපු හැම විටම එක සැරටම ගැලුවා, මම එක හොඳින්ම අත් වින්දා. එත් මට පුළුවන් හැටියට මම උඩුගම් පීනනවා, අපිට තියෙන්නේ බලාපොරොත්තුවක් විතරයි. ඒ හෙට ගැන විතරයි.

    ReplyDelete
    Replies
    1. ඔන්න මමත් ආත්මාර්තකාමියෙකුව ලියපු කතාවක්. උන්ගේ ජීවිත කතාවකින් ප්‍රයෝජන ගත්තු අවස්තාවක්. මල් වඩමකින් නුඹේ තනිය නිවේදෝ

      Delete
    2. අපේ ඊලග පරම්පරාවවත් අපිට හදා ගන්න තිබ්බොත් මේ දේවල් නැතුවම නොගියත් අවම වේවි මල්ලී...ඒ මම හිතන විදිහ

      Delete
  8. නියමයි ශානු අක්කේ. අපේ ගොඩක් මිනිස්සු හිතන්නෙ තනි අතින් අත්පුඩිගහන්න පුලුවන් කියලනෙ.

    ReplyDelete

හැකි නම් පුංචි අදහසක් දක්වලා යන්න,ඒ අදහස මට මිල කල නොහැකි තරම් වටිනවා.,අදහස් නොදැක්වුවා කියලා අහිතක් නෑ මොකද ගෙවෙන සෑම තත්පරය ඔබට බොහෝම වටින බව මා දන්නා නිසා....සියළු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ දවසක්!