පෙර නිමිති නැතුවම
කොළඹ අහසින්
ඇද හැලෙන
අකල් වැස්සක
තෙමෙන මේ හිත
හීතලට වෙව්ලමින්
හිත පුරා සොයා යන
නුඹ............
නියර අද්දර
අව්ව සිඹලන
වැස්ස උහුලන....
දුවා දරුවන්
රැකබලාගෙන....
අහිංසක ලෙස
මේ කාලකණ්නි හිත මතට
මල්,පහන් පුදන
ඇය.........
තුන් හිතම
වේදනාවෙන්
ඉකිලන ....
කෙසේ පැතුවත්
සුභ සිහින දහසක්
සුනුවිසුනු වී යලි,යලිත්
වරදේ පැටලෙන
මම............
______ශානු_______
ලස්සනයි ශානු අක්කේ..............
ReplyDeleteස්තූති මල්ලී
Deleteගතියක් තියේ..
ReplyDeleteහැබෑට දේශා කිව්ව නම් ඉතින් තව මොනවද ;)
Deleteදැක දැකත් හිත
ReplyDeleteනොදැක්කා සේ යන
අප...
හිහි..
කවිය ලස්සනයි ශානු අක්කේ
හිකිස් ඒකත් හැබෑව ස්තූතී මල්ලී
Deleteකවිය ලස්සනයි දෙවෙනි කවිය ටිකක් විතර හිතට වැදුනා..
ReplyDeleteඔවා සමාජේ වෙන දේවල් පොඩ්ඩෝ... තැන්කූ ඈ
Deleteශානු හොඳ හොඳ කවි ලියනවනෙ. නියමයි ඈ!
ReplyDeleteකසුන් මල්ලී තරම්නම් දක්ෂ නෑ ඕං
Deleteඅදහස නම් පංකාදුයි අක්කණ්ඩි. මාරම ගති.
ReplyDeleteගෙමිදුලේ පිපී
සුවඳ දෙන
කුසුම මඟහැර
අහසේ තරුවලට
පෙම්බඳින
බඹරු......
තුතී නංගෝ...: ඒ අකුරැ ඇමුණුමත් මල් කන්ටේනරයයි හොදේ
Delete
ReplyDeleteබොලේ ශානු ලස්සන කවියක් ලියලා නොව..
..//යලිත්
වරදේ පැටලෙන
මම//..
මේ වරදනම් අද සමජයේ නිතරම සිදු වෙන දෙයක්...
අනේ ඔව් මනෝ .(අංකල්)...මේ කවිය ලියවුනේ දන්න කියන කෙනෙක් මුණ දුන්න මේවාගෙම සිද්ධියක් නිසා...
Deleteමට හිතුණෙ මේ තුනකොන් ආදර කතාවක් කියලා.
ReplyDelete" සමකෝණී ත්‍රීකෝණයකි
ඔබත් මමත් ඇයත් තිදෙන..."
හරිම ලස්සන පද ගැලපීමක් ශානු..මේක සමාජයේ නතර සිදුවන දෙයක්.
හානේ ඔව්නේ එහෙම සින්දුවකුත් තියෙනවා නේ..... අනුත්තරා අපේ ගම කිට්ටුව කෙනෙක් නොවෑ :)
Deleteඅප්පච්චි නුවර.අපි දැන් පදිංචි වෙලා ඉන්නෙ අම්මලගෙ ගෙදර.වෙන විස්තර කියන්න බෑ රත්තරන්.
Deleteඅප්පච්චි නුවර.අපි දැන් පදිංචි වෙලා ඉන්නෙ අම්මලගෙ ගෙදර.වෙන විස්තර කියන්න බෑ රත්තරන්.
Deleteනුඹ ඇය මම
ReplyDeleteගති
ජයවේ ශානු!
ස්තූති වර්ණයෝ ජය!
Deleteදැල්ලේ ලස්සනට
ReplyDeleteලංවී බැලූ කල
පිච්චෙන බව දැනුනත්
නැවත නැවතත්
පහන් දැල්ලට පනිමින්
පිච්චිලාම මැරෙන්න දඟලන
පළගැටියා මම...
අම්බලන්ගොඩ පළගැටියෙක් උනා එහෙනම්....හිකිස්.... ඒ ටික නම් මරැ
Deleteඅපි හැමෝම එක්තරා ආකාරයක පළගැටියො තමයි ශානු... විවිදාකාර ආසාවන් වල එල්ලිලා දුකම ගොඩගහගන්න තවත් එක සත්ව කොට්ඨාශයක් ..
Deleteඒකත් ලස්සන කවියක්.හොඳ තේරුමක් තියෙනවා.
ReplyDeleteඒකත් ලස්සන කවියක්.හොඳ තේරුමක් තියෙනවා.
ReplyDelete