එකම අහසක් උවත්
මිනිසුන් විවිධ ගොඩක්
නොම දැරිය හැකි කිසිත්
එක ලෙස සිතා දෙයක්
කල එළිය පිරි ලොවක්
කළු සුදුවට බලන වගක්
නොම වැටහුනේ සිතක්
දරුණු මිනිසුන් රැලක්
ජීවිතේ ඇති වටිනාකමක්
නොවැටහෙන මිනිස් සිත් ගොඩක්
හිතෙන් නැති හැඩක්
මියෙන බව දිනක්
ලියා තැබු ලිපියක් දෙකක්
උඩින් පැන ගොස් මඟ අරින හැඩක්
දැනුනමුත් ඉඳ හිට ගොඩක්
කමක් නෑ උඹ තවම මගේ හිතවතෙක්
නොකල වරදකට උනත්
කෙල ගසයි නම් මුහුනට උගත්
නිහඬ වෙමි නිවැරදි නිසා සිතත්
ජයම වේවා හෙට දින උඹේ ලොවටත්
යන්නට සිතමි වාරු බැද ලොකු දුරක්
වේ නම් සහය හැමදෙන ගොඩක්
තුතිම වේවා උඹලා හට බොහොම පිනක්
පාඩුවේ යමි මට රිසි දිඟු මඟක්
හරිම පොසිටිව්..
ReplyDeleteහානේ දේශා තැන්ක්ස්
Deleteජීව්ත ගමන තිනවම යායුතුය.
ReplyDelete++++
'අත්තදීප විහරථ - අත්ත සරණා න අඤ්ඤ සරණා'
අනිවා මනෝ
Deleteකමෝන් ශානු අක්කා .ඇත්ත කතාව
ReplyDeleteලඟ ඉඳන් මඟහරින අය ඈත ඉඳන් හිනාවෙනඅය ජීවිතේ වැටුණ වෙලාවක පරණ දේවල් අමතක කරලා උදව් කරන්න පුළුවන් නම් ඒ තරම් වටින දෙයක් නෑ. හැබැයි ඒ අයව ආයෙ විශ්වාසයෙන් ජීවිතේට ලං කරගන්නවා තරම් මෝඩකමකුත් නෑ. මන්දා මට හිතෙන හැටි.
උඹ හරි නංගී
Delete//කෙල ගසයි නම් මුහුනට උගත්//
ReplyDeleteමෙන්ඩට තමයි උගත් මුහුණක් තියෙන්නෙ
හැක් හොද වෙලාව මෙන්ඩා නොදැක්කේ නැත්තම් රෝද පුටුවක් ෂුවර්
Deleteමේ ලෝකයට අප පැමිණියේද තනිවමය. යන දවසක නික්මෙන්නේද තනිවමය. එසේ නම් ජීවන ගමනට තවත් කෙනෙක් කුමටද???
ReplyDeleteමල්ලී... තනියම ජිවත් වෙන්න බෑ මේ ලෝකේ ඉදිරියට ඔයාට තේරැම් යයි
Deleteලිඳ මගේනම් - මම ලිඳේ නම්- කාටවත් ඇයි වේදනා......
ReplyDeleteතාප්පෙක හැප්පිච්ච ත්‍රීවිල් එකක ලියලා තිබ්බා...
අපූරු පැදියක්...
ජ ය වේ වා !!
ඒ ත්‍රීවිල් ඒකක් කියලා උඹට ෂුවර්ද??????? නෑ මං අැහුවේ රෝද 4 ක් ඒහෙම නෙමෙයි ද කියලා......
Deleteජය වේවා! විදානයා හැප්පෙනවා වැඩි නොවෑ
Deleteලස්සනට - අමුතුවට ලියල තියේනවා..
ReplyDeleteබොහොම ස්තූති
Deleteඅගෙයි ශානු.................. නිර්මාණය නියමයි...
ReplyDeleteස්තූතී කුරැටු
Deleteතනිවයි උපන්නේ
ReplyDeleteතනිවයි මැරෙන්නේ
මේ ඩින්ගෙදී ඇයි
කෝලම් නටන්නේ ??
ගැලපෙන සින්දුව,ස්තූතී වයලීනෝ
Deleteඅවුරුදු තිස් අටක් ජීවන ගමනේ අවසානයේ හිතට නිතරම පිටුපසින් ඇවිත් මුමුණන එකම සිතුවිල්ලනම් .... තනියම හිටියානම් මීට වඩා කොයිතරම් සැපද කියලයි .... බැඳීම් කියන්නේ දුකම විතරයි.. අපි ඒ බැඳීම් තියාගන්න කොයිතරම්නම් වෙර වීරිය යොදනවද... ඒ බැඳීම් ආරක්ෂා කරලා තියාගත්තත් කවද හරි අපිට ඒ බැඳීම් දාල යන්න සිද්ද වෙනවා.. එහෙම නැතත් කවද හරි ඒ බැඳීම් අපිව දාල යනවා... එතනින් අවසන් කියල හිතුවට එතනිනුත් අවසන් නෑ ... ආයෙත් කොතනහරි ඉපදිලා බැඳීම් පස්සේ ලුහුබඳිනවා... මේ සියල්ලම යට තියෙන්නේ පංචේන්ද්‍රිය පිනවීමේ ආශාවම පමණයි... එකින් එකට විශ්ලේෂණය කරලා බැලුවාම හැම ආසාවකම, හැම බඳීමකම පිටුපසින් එන්නේ දුකම පමණයි... බැඳුනාවූ එවුන් අපිව දාල ගියපු සහ අපි උන්ව දාල ආපු පළමු සහ අවසන් අවස්ථාව මෙය නොවෙයි.. කෙළවරක් නැති සංසාර වන්දනාවේ අපි කොයිතරම් නම් බැඳීම් දාල එන්න ඇතිද.. බැඳීම් අපිව දාල යන්න ඇතිද.. මෙය පළමුද නොවන අවසානයද නොවන තවත් එක් හැරයාමක් පමණයි.. අහිමිවීමේ වේදනාවෙන් මිදෙන්නනම් ඉපදීමෙන් මිදියයුතුයි. මේ මිහිපිට තිබෙන එකම සහ අවසන් විසඳුම නම් එයම පමණයි..
ReplyDeleteලස්සනයි ගොඩත් එකයි මඩත් එකයි අපි හැමදා ජොලියේ ඉදිමු කිබුලි
ReplyDelete