නිදා ගත් වේලාවක් මගේ මතකයේ නැත..රෑ පුරා ඇහැරුනු වෙලාවල් කොපමණක්ද යන්න මතකයේ නැත නමුත් ජනෙල් කවුළුවෙන් කාන්දු උන හිරු එළියත්,එළිමහනෙන් ඇහෙන පාසල් යන ලමුන්ගේ ශබ්දය අනුව නම් නිසැකවම මේ උදේ යැයි හිතට තහවුරු විය.අඩ නින්දෙන් මිදෙන්නට උවමනාවක් නොවුන මම ඊයේ රෑ පුරා අඬපු ඇස් තව ,තවත් තද කරන් කුරුළු පිහාටු කොට්ටයට මුණ ඔබා ගත්තා ...බ්ලැන්කට්ටුව ඔළුවේ ඉදන් පොරවන් හිතත් එක්ක පොර බදින්නට උනා...
හීන් කෙඳිරිලි හඬක් සමඟ මම මගේ හිතට කෙදිරුවා...
"මට උබ නැතුව බෑ....ඔව් මට බෑ...."
"ඒත් උඹ තනියෙන් අද ඉදන්"
අනන්තයට දුක හිතුනම ඇස් කොන හරි නපුරු විදිහට කඳුලට ගලන්න ඉඩ සලසනවා ඒක හරිම පිලිකුල් සහගතයි....හිතේ බර නිදහස් කරන දිග සුසුම් වැල් කුරුළු පිහාටු කොට්ටය පතුලට කිඳා බැස මුහුනට ගෙනෙන උණුසුම ටික වේලාවකට සහනදායි උනත් හුස්ම ගැනීමට අපහසු වු නිසාවෙන් මම කොට්ටයට ඔබා සිටි මුහුණ සීලිමේ සීට් දෙකක් අතර හිඩැස් ඉරකට ලම්භකව තියා නිසොල්මන්ව ටික වේලාවක් ගත කරා....ඊයේ වෙනකම් වරා මලක් වගේ සැහැල්ලුවෙන් නැලවුන ජීවිතය මේ විදිහට තැවෙන්න දැවෙන්න උනේ ඇයි කියලා මට හිතලම ඇති වෙලා තිබුනා...
ක්ෂණිකව බ්ලැන්කට්ටුව ඉවතට වීසී කරපු වේගයට ඇඳෙන් නැගිට ගන්න බැරි උනත් මම ඇද මත ඉදගෙන වම් බිත්තියට මුහුනලා ඔහේ බලන් හිටියා .එහි එල්ලා තිබුනු කියුබානු සුරුට්ටුවක රස විඳින චේ මට දුන්නේ මහා උජාරු විමුක්තිදායක බැල්මක් උනත් විමුක්තිය ගැන මට හරිම අවිනිශිචිත හැඟීමක් දැනුනා.දහසකුත් එකකක් සිතුවිලි අතර ඔබමොබ යද්දී දනිස් පොල්කටු මත අල්ල තබා වාරෑ ගෙන හීන්සැරේ ඇදුනේ බැල්කනි ජනේලය වෙත...අවට පරිසරයම කිරිම,කිරි පාටට හිම වලින් නෑවිලා...කොල නැති ගස් පවා අතු රිකිලි මත දරාන හිටියේ හිම පියලී..විටින් විට හැමු හුළගක් දඩබ්බර ලෙස ජැනෙල් හිඩැස් අතරින් හීනියට ඇවිත් ඇග කිලිපොලා යන සීතලක් දුන් නිසාම ජැනේලය අසලින් ඉවත් උන මම පොත් මේසය කරා ඇදුනී...
මේස ලාච්චුවේ තිබු කැනස් මල් වෛයිරම් පිට කවරයකින් හැඩ උන දින පොත මේසය උඩ තිබ්බා...ඊට පස්සේ අසල තිබ්බ රතු පෑනෙන් ඊයේ දිනයත් අද දිනයත් අලලා යමක් ලියන්නට අකුරු ඇමුණුවා...
"පුරා අවුරුද්දකට ආසන්න කාලයක් මා සමඟ සිටි ඔහු...ජිවිතය බෙදා ගත් ඔහු..සියලු දේ හට විරාමයක් දි නික්මුනා...
එහෙත් මම තවමත් ,
මැරෙණකනුත් මගේ මනෝ භාවයන් තුල ඔහුට ප්‍රේම කරණු ඇත...
හිත සැහැල්ලු වෙන්න අඬපු මම ,උඹ දැන් ලොකු පරතරයක හිඳ එකිනෙකා දෙස බලාන හිටියත්
නැවත නෝඑන ගෙවු කාල මතකය පමණක් ඉතිරි කර විරාමයක් තබා නික්මුණ අපි,අපිට අහිමි බව නම් මෙසේ ලියමි....
අලුතින් උදා වු දවස් අතර ජීවිතේ සොයා යෑමට තීරණයක හෙබී සිතුවිලි මුදුන් කොට,
මම ,උඹ අතර දිවයන සිතුවිලි වලට විරාමයක් තබමින් නිදහස රිසිසේ බුක්ති විදිමි"
ඇයි රතු පෑනෙන් ලිව්වේ? මේ බ්ලොග් එක ලෝඩ් වෙනවා ස්ලෝ වෙලා. පොඩ්ඩක් බලන්න වේවි.
ReplyDeleteරතු පෑනෙන් ලියන්නේ හිත රිදෙන කතා හින්දා...
Delete.එහෙමද? ඒකට විමදුමකුත් කිව්වා නම් තමා හොද මලේ
කිවයව්වහම දැනේනෙ නිකන් තමන්ගෙම අත්දැකීමක් වගේ.
ReplyDelete/අලුතින් උදා වු දවස් අතර ජීවිතේ සොයා යෑමට තීරණයක හෙබී සිතුවිලි මුදුන් කොට,
මම ,උඹ අතර දිවයන සිතුවිලි වලට විරාමයක් තබමින් නිදහස රිසිසේ බුක්ති විදිමි"/
එන්න ඒ කොටස නම් නියමයි.
හිතට පාළු ගතියක් ආවම ලියන් යන එව්වනේ :) ස්තූතී මෙතුවෝ
Deleteඅගක් මුලක් දන්නේ නැති වුනත් , මේක තුලෙ තියන හිත් අමාරුව කවදාක හරි අපි හැමෝටම විඳින්න වෙන එකක්මයි.. බැඳීම් රැගෙන එන්නේ දුකම විතරයි..වෙන කිසිවක් නැහැ..
ReplyDelete"බැඳීම් රැගෙන එන්නේ දුකම විතරයි..වෙන කිසිවක් නැහැ.." ඇත්තම කියලා... කුරැම්බා ගෙඩියක් බොමුද අයියේ... ;)
Deleteපේමතෝ ජායති ශෝකෝ
ReplyDeleteපේමතෝ ජායති භයං...
ප්‍රේමය නිසා ශෝකය උපදි
ප්‍රේමය නිසා භය උපදි...
ඒක නම් හැබැව ඔය ඒත් ඉතින් නැතුව බැරි දෙයක් නොවෑ :)
Deleteජීවිතේ හොයා යනවා කියල එකක්නැහැ නේද? ජීවිතේ කියන්නේ අද මේ ඉන්න එක තමයි. අද මේ තියෙන ජීවිතය ජීවත් නොවී අනාගතේ වෙන නොවෙන දෙයක් හොයාගන යන්නේ මොකටද. විරහව කියන්නෙත් ජීවිතය තමයි. හැබැයි ජීවිතය කියන්නෙ අද මිසක් හෙට නෙමෙයි. ගමනාන්තයක් දෙස බලාගෙන ඉන්නෙ නැතුව ගමන විඳින්න.
ReplyDeleteLan සීරියස් වෙලාද මන්දා...මේ ආරේ කතාවක් මට ලිය වුනාමද කොහෙද?දක්ෂකමක් නෑ කතා ලියන්න මේ ආරේ කතා වගයක් කියවලා නිකමට ලිව්ව දෙයක් මොනා උනත් lan කිව්ව ටික නම් හරි වටිනවා
Deleteලස්සනයි..... හැබැයි දින පොත් ලියන එකනම් මහ බයානක වැඩක්........... ඕ........... අත්දැකීමෙන් කියන්නේ...........
ReplyDeleteඅප්පේ ආවංක දින පොත් නම් ලියන්නේ නෑ......මේක ලිවිමේ ශෛලයක් අත්හදා බැලිමක් විතරයි
Deleteලියන්න දක්ෂ කමක් නෑ කිවුවට....මේ විදිහට , මේ තරම් ලස්සනට කතාව ලිව්වෙ කොහොමද.
ReplyDeleteලියන්න දක්ෂ නෑ අනුත්තරා ඔයාලා තමා දක්ෂයි කියන්නේ බොහොමත්ම ස්තූතී
Deleteහරියට ඉස්කෝලේ ටීචර් වගේ රතුපෑනෙන් ලොකු කතාවක් ලියලා.....
ReplyDeleteඒකනේ කුරැටු රතු පෑනෙන්ම දැම්මා මාර්ක්:)
Delete