Thursday, December 3, 2015

80. සීගිරියත් අඬනවා ඉඳ හිට



දුප්පත් කමයි,රූමත් බවයි රජ ගෙට උකසට තැබුවාට
කාස්සපට ලැම පෙන්නා අප්සරාවි වී  මා  සිටියාට
සිත්තරාට නොහැකි උනා මට සළුවක්  දමන්නට
කඳුළුත් ගල් උනා හිත් පිත් නැති සීගිරි ගල්  බිත්තියට

අහිංසකව ඇස් අඩවන් කලා මිස
හදවත ඉකි ,බිද හැඩුවා කම්පා වී රුඳුරු ලෙස
නොහැගුනාම පින්සලකට සිතුවම ගැහුනා මිස
පිරිපුන් උනා ලැම,ඉඟ-සුඟ තියුණු ලෙස

කාලය ඉඳුල් නෙත් කොනින් බලා රස වින්දාට
නෙත් අඩවන් කර කම්පා අත රැන්දු මල් මිටට
හදවත වැසුවා පිරිපුන් ලැම වෛවර්ණ කොට
ලැජ්ජාවත් ඇල වි සිටියා මා එක්කම ගල් බිත්තියට

වර්ෂ ගණන් ලැම විදහා උන්නාට
මදි උනාද මා බලලා උඹලාට
වියැකි යන මගේ සිතුවම් රුව සිදුනාට
බැරි උනානේ තවමත් සළු අන්ඳවන්න,නව සිත්තෙරෙකුට

   _ශානූ_
   S H A N U

22 comments:

  1. කල්පයක් නෙත් කෙවෙණි බොඳකර
    සීගිරි ලඳුන් ඇසු පැණය අබියස
    පිදුරංගලත් කිම රකිනු ගොළුවත.

    ලස්සනයි ශානු අක්කේ

    ReplyDelete
  2. මොන පිස්සුද ශානු. පුළුවන් නම් මණිමේඛලාවත් ගලවලා රස විඳින්නයි තාම සමාජය හුරු

    ReplyDelete
    Replies
    1. ගලේ ...ගලේ ගැහැව්වා වගේ ඇත්තම කියලා ඔන්න ඕකයි ඇත්ත බං

      Delete
  3. හරිම අලංකාරයි ශානු..................

    ReplyDelete
  4. ලස්සනයි ශානු

    කාස්සපට පෙන්වූවත් ලැම පෙදෙස
    මහෙ හිත උතුම් නිරුවත් නැහැ කිසි දවස
    මගෙ ගත බලා සැනසීයන් නිල් අහස
    පිවිතුරු හිතට නෑ කාගේවත් පහස

    ReplyDelete
    Replies
    1. ලස්සනයි ඉයන් අංකල්...ස්තූතී

      Delete
  5. අප්සරාවිය සීගිරී
    රජුගෙ සතුටට ළමැද දැක්වූ දුප්පතී...
    එදා හේනේ හීන් මැණිකේ
    නොවේ දැන් නුඹ
    අප්සරාවී සීගිරී.....

    ලස්සනයි ශානුවෝ
    ජයවේ!

    ReplyDelete
    Replies
    1. වර්ණයෝ හරිම ලස්සන අකුරැ පෙල මල්ලී ස්තූතී

      Delete
  6. දවස් ගණන් කාලය ඉගිලුණාවේ
    රෑ හීනෙන් බිලිඳුන් හිනැහුණාවේ
    නේක වර්ණ සායම් දියවුණාවේ
    ලැම විනිවිද ලතෙත් හද දිස්වුණාවේ

    මනරම් පබැඳුම් අගෙයි අක්කණ්ඩි !!!

    ReplyDelete
    Replies
    1. ඔක්කොම කවි ලියලා අගෙයි නංගෝ

      Delete
  7. සළු අන්දවන්න කාලය නෙමෙයි මේක..

    කවි ටික නම් ලස්සනයි බං අක්කේ..

    ReplyDelete
  8. රුව මිස හද නුදුටු
    කසුප් නරනිඳු
    මා තවත් එක්
    අඟනක් කළෙහි
    අන්තඃපුරයේ..
    කැටපත් පවුරේ
    මගේ රුව
    සිත්තම් කළේ
    හදෙහි නැති නිසාදෝ
    ඇබින්දක ඉඩක්
    ඉඟි මරණ
    තලු ගසන
    හුදී ජනයා ලියත්
    නෙක කව්
    ලොබින මා රුවට
    දකිත් නම් අයෙක්
    සුසුම් ලන හද

    ReplyDelete
    Replies
    1. ෂා මෙන්න ලස්සන පද ටිකක් ස්තූතී සහෝදරී

      Delete
  9. සීගිරි ලඳුන්ට එහෙමත් හිතෙනවා ඇති.......
    කවි පබැදුම ලස්සනයි ශානු

    ReplyDelete
  10. ඇහි පියන් ඇහැරිලා පොතේ තියෙන සීගිරි ළඳකගේ අම්මෙක් කවිය මතක් වුණා..

    ReplyDelete

හැකි නම් පුංචි අදහසක් දක්වලා යන්න,ඒ අදහස මට මිල කල නොහැකි තරම් වටිනවා.,අදහස් නොදැක්වුවා කියලා අහිතක් නෑ මොකද ගෙවෙන සෑම තත්පරය ඔබට බොහෝම වටින බව මා දන්නා නිසා....සියළු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ දවසක්!