Monday, March 7, 2016

88.උඩු ගුවනේ නත්තල හා යාළුකම සොයා ගාල්ලට- 01




ලංකාවට හීනෙකින්වත් දෙසැම්බරයක යන්න නොහිතපු වෙලාවක අපි දෙන්නටම හදිස්සි නිවාඩුවක් ලැබුන නිසා 24 වෙනිදා රාත්‍රි 9ට විතර ඉතාලියේ ලියනාඩෝ ඩාවින්චි ගුවන් තොටුපලෙන්  ලංකාව බලා පිටත් උනා...පැය 5පමණ පියාසර කිරීමකින් කටාර් කුවින්ස් ගුවන් තොටුපලට ලගා වීමට නියමිතවද තිබුනා...මගේ හිතේ හරිම කුතුහලයක් තිබ්බා ගුවන් යානයක් තුල නත්තල සැමරුම කොයි වගේ වෙයිද කියලා..කෙමින් කෙමින් 12 වෙද්දි කිසිම මගියෙක් හැල හොල්මනක් නැතුව තම,තමාගේ පාඩුවේ අසුන් වල ඉඳගෙන සමහරෙක් රෑපවහිනී තිරයට නෙත යොමු කරන් සමහරෙක් නිදී කිරා වැටෙමින් සිටියා.... අවසානෙදි කිසිම හැල හොල්මනක් නැති මිනිසුන් මොහොතක් නිරික්ෂණය නරලා ජැනෙල් කවුලුවෙන් පිටත බැලුවා තිත්ත කළුවරයි.. ඊලග මොහොතේ අසුනෙන් නැගිටලා මගේ කරේ දාන බෑග් එක කැබින් එකෙන් අරන්... මම ගුවන් ගත වෙන්න කලින් බෑගයට ඔබා ගත් නත්තල් තෑග්ග හබියා අත තියලා විශ් කලා... මට හරිම අපැහැදිලිතාවයක් තිබ්බේ ලෝකයම සමරණ නත්තල ඇයි මේ මිනිස්සු සමරන්නේ නැත්තේ කියලා...
            කාල වේලාව හරියත්ම ගුවන් යානය කුවින්ස් ගුවන්තොටුපොල වෙත ගොඩ බැස්සා... මගේ ඇස් අදහ ගන්න බැරි තරම් පුදුමයට පත් වුනා එකම එක නත්තල් සැරසිල්ලක්වත් නැති ගුවන් තොටුපලේ සියළු දෙනා සාමානය දිනයක් වගේ වැඩකටයුතු කරමින් සිටියා.ඒ එක්කම හබියාගෙන් මම ඇහැව්වා

"ඒ මොකද හලෝ,නත්තලට සැරසිලි නැත්තේ"

"මුස්ලිම්නේ ඒකයි"

එතනින් එහාට මම මොකුත් අහන්න ගියේ නෑ,
මුස්ලිම් තමා ඉතින් ඒත් නත්තල් ගහක් හැදුවට මැරෙනවද?
අපේ කොච්චරනම් බෞද්ධ නොවන අය වෙසක් එකට කූඩු හදනවද? නත්තලට කතෝලික නොවන අය නත්තල් ගස්,ගවලන හදනවද?
අනේ මුන්ටනේ බැරි....
කියලා හිත... හිත ඊලග ගුවන් යානය එන තෙක් රැදවුම් මැදිරියේ ඉන්න කොට අපේ මෙතුවා එක්කත් විස්තර ටිකක් කතා කරන්න හම්බුනා  හරහා..ඉතින් කාල වෙලාව ආවම අපි ලංකාව බලා පිටත් වෙන ගුවන් යානයේ අසුන් ගෙන පැය 5කට ආසන්න පියාසර කිරීමකින් පසු  නත්තල් දා 15.30වන විට ලංකාවට ගොඩ බැස්සා අම්මත් තාත්තත් අපිව ගන්න ගුවන්තොටුපලට ඇවිත් හිටියා...අම්මලාට ඒ නත්තලට හම්බුන හොදම තෑග්ග තමා අපි ගෙදර ආව එක... මම අවුරැදු නවයකට පස්සේ අම්මලා එක්ක නත්තල් සැමරැවා...හරිම සතුටු නත්තලක් ඔය විදිහට ගෙවිලා ගියා
කුවින්ස් ගුවන්තොටුපල


         ඉතින් අපිට තිබුනේ දවස් 18ක කෙටි කාලයක් ගොඩක් වැඩ කරන්න හිතන් හිටිය  නිසා ගොඩක් දෙනෙක්ව මුණ ගැහෙන්න බැරි උනා...ඒ ගැන නම් හිතට පොඩි දුකක් තිබුනා...මොනා කරන්නද ලැබුනු විදිහට හැමදේම කර ගන්න අපිට සිද්ධ වුනා...
          හා හා පුරා කියලා එකටම කරේ ලොකු පාටී  නැතුව අපි හදපු ගෙට  ගෙවදින එක  ,පොඩියට කිරි ටිකක් උතුරලා කිරිබතක් හදලා චාරිත්‍ර අනුකූලව සාර්ථකව ඒ කටයුත්ත ඉවර කර ගත්තා...අපි යැව්ව හැම රුපියලකටම වටිනාකමක් දීලා තාත්තා හරි අපුරුවට ගෙදර වැඩ නිම කරවලා තිබුනා..ඊට වඩා සතුටක් තව කොහෙන්ද..තට්ටු ගනන් වල ගෙයක් නම් නෙවේ කාමර 3 කුත් නාන කාමරයකුත් සාලයකුත් පුංචි කුස්සි කෑල්ලකුත් එකතු වුන ගෙයක් කවදා හරි දරැවෙක්ට ලංකාවේ රස්සාවක් කරලා තීන්ත ටිකක් හරි උලා ගන්න පුළුවන් විදිහට තමා ගෙදර හැම දේම නිම වෙලා තිබුනේ....





කිරි ඉතුරැවා

ඔන්න 2015 වු 27 වෙනි ඉරිදා මාස ගානක් ප්ලෑන් කරපු ,මගේ උපන් දිනය දවසේ මට උදව් කල ,අවුරැද්දක පමණ කාලයක් හිතවත්කමක් ගොඩ නැගුන යාළුවාගේ ගෙදර යන්න උදේන්ම පිටත් උනා...ඒ අපි එකිනෙකාව පියවි ඇසට දකින පලවෙනි වතාව.කඩවත ඇය රැකියා කටයුතු කරන රෝහල් නේවාසිකාගාරයට ගොස් ඇයවද මේ ගමනට එකතු කරගෙන කඩවත- මාතර අධිවේගී මාර්ගය පිවිසුනා....ඉතින් ඊට පස්සේ ගාල්ලට යන තෙක්ම අපි තුන්දෙනාට තොර තෝංචියක් නැතිව කතා කරන්න බොහෝ දේ තිබුනු අතර ගාල්ලට ඇතුළු වී අපි එකටම රෑමස්සල යන්න තීරණේ කලා ..රෑමස්සල වැදපුදාගෙන "ජංගල් බීච්" මුහුදු තීරයේ ටික වේලාවක් ගත කරපු අපි ආපහු ගාලු කොටුව බලන්න ආවා,එකටම කෞතුකාගාරයට ඇතුල් වීමේ ටිකට් ගත්තා...ඒ එක්කම මගේ අතේ තිබුනු කැමරාව දැකලා පින්තූර ගන්නවා නම් රපියල්250 ගෙවිය යුතු බව කවුන්ටරේ හිටිය අංකල් කී නිසා කැමරාව බෑගයේ දමා ගන්න මං තීරනේ කලා... මොකද මගේ යාළුවා කිව්වා. එතැන 250ක් දීලා ගන්න තරම් දේවල් නෑය කියලා...
 ඔන්න ඉතින් අපි ඇතුලට ගියා..අනේ කාලේ වනේ වාසේ කිව්වලු බොහෝ දෙනා ජංගම දුරකඵන වලින් හිටු කියා පින්තූරැ ගන්නවා ,මාත් ඇපලාගෙන් පින්තූර කිහිපයක් අර ගත්තා...ඒ පින්තූර පහතින් දැක්වේ





කඩොලාන ශාඛ


තල්මසෙකුගේ සැකිල්ලක්


මුහුදු බෙල්ලෝ වර්ග



මාළු
ඩොඩල් පක්ශී 













         ධීවර ගමක්.

                  ඊට පස්සේ අපි තුන්දෙනා ගාලු කොටුව පුරා ඇවිද්දා, ගාලු කොටුවේ තැනින් තැන හිටිය අඹ අච්චාරැ වෙළෙන්දන්ව අත නෑර අඹ අච්චාරැ කෑවා හැබැයි ලංකාවෙන් එද්දි අවසාන නිගමනය නම් ගාල්ලේ අඹ අච්චාරැ වලට ගහන්න අච්චාරැ කොහෙවත් නැති බවයි...එදා ගාලු කොටුවේ මොකක් හරි උත්සවයක් තිබ්බා ඒ නිසා සෙනග පිරිලා අපි කන්ඩ තැනක් හොයන් හතර අතේ ඇවිදලා තැනක් හම්බුනේ නැති නිසා ආයෙත්  ගාල්ලෙන් නික්මුනා.... 

කිඹුලි අච්චාරැ තෝරමින්






ගාල්ල

ඊලගට අපි ගියේ යටිගල රජමහා විහාරයට අවුරැදු 2300ක් පෞරාණික මේ රජ මහ විහාරය මහා ගල් කුල කිහිපයකින් එකතු උන තැනක් ඒ වගේම  ශ්‍රී මහා  බෝධියේ කොටසක් දේවානම් පියතිස්ස රජ සමයේදී යටිගල රජ මහා විහාරයේ රෝපණය කරපු බව ඒ විහාරය බලා කියා ගන්න වයසක අංකල් කෙනෙක් කිව්වා එතන හරි අපුරැ පිං බිමක්... ගාල්ලේ ගියොත් මේ තැන නම් මග අරින්න එපා...
     

                                               







ශ්‍රී මහා බෝධියේ කොටසක් යටිගල පන්සලේ රෝපණය කර තිබෙන අයුරැ
.                                     


කළු ගල් වලින් වට වු පන්සල

අපේ බඩගින්න ඇවිලුන හින්දා විහාරය කිට්ටුව පොඩි ලෑලී කඩේකින් උණු උණු වඩෙයි රොටි කෑවා..පස්සේ අපි යාළුවගේ ගෙදර එන්න පිටත් උනා ඒ මගදී ගම්පෙරලිය පොතේ කියැවෙන පන්සලකටත් මායි යාළුවයි ගියා හබියට ඒ වෙනකොට මාර මහන්සිය...උදේ 6යේ ඉදන් ඇහැරන් කිලෝමිටර් 250කට වඩා සුක්කානම කරකවලා තිබුන නිසා අපි 29 වෙනිදා 14.00 වෙනකොට යාළුවගේ ගෙදර අන්තීම නවාතැන්පොළ කර ගත්තා...


ඊලග කොටසින්
             ආගන්තුක සත්කාර ,දෙවුන්දරදී හිච්චි අක්කාගේ බල්ටිය හා කතරගම ගමන








25 comments:

  1. පට්ට...!

    යටිගල විහාරෙදි තමයි මගෙ වම් පැත්තෙ දත කඩල ගියෙ, වැලිතලප කෑල්ලක් කන්න ගහිං.

    ඉතුරු වැලිතලප කෑල්ල විසි කළා. ඒක ඔළුවෙ වැදිල වඳුරෙක් එතනම ඔන්ද ස්පොට්. උගෙ ඔළුවෙ වැදිල බම්ප් වෙච්ච වැලිතලප කෑල්ල තව වඳුරෙක්ගෙ ඔළුවෙ වැදිල, ඌ ඕල් මොරනේදං වෙලා අඩි දහයක් විතර පැන පැන ගිහිං ගහක් උඩ ඔන්ද ස්පොට්...

    ReplyDelete
    Replies
    1. වැලිතලප කෑල්ල අරං අාවනං chemically analyze කරල ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්තෙට සෑහෙන්න සේවයක් කරන්න තිබ්බ!

      Delete
    2. බොලා වැලි තලප කියලා ගල් කැට කෑවද? දත් කැඩෙන්න

      Delete
    3. හැක් හැක් හැක් හැක්...

      Delete
  2. හෙට අනිද්දාම අපිටත් පොඩි කිරි ඉතිරිල්ලක් තියෙනවා.......

    ReplyDelete
    Replies
    1. එහෙනම් මගෙන් සුබ පැතුම් කුරැටු

      Delete
  3. කිඹුලි හොර රහසේම ලංකාවට ඇවිත් ගිහින් වගේ.

    ///අපේ කොච්චරනම් බෞද්ධ නොවන අය වෙසක් එකට කූඩු හදනවද? නත්තලට කතෝලික නොවන අය නත්තල් ගස්,ගවලන හදනවද?///

    පුත්තලම් පැත්තේ ගොඩක් පන්සල් වලට කතෝලික අය දානේ ගේනවා. නුවරඑළියේ පන්සල් වලට දෙමල අය එනවා වන්දනා කරන්න. මම ඒ දවස් වල මගේ දෙමළ යාලුවෝ එක්ක නිතර කෝවිලට යනවා. අපි හැමෝම එකට ගිහින් වන්දනා කරනවා. ඇත්තෙන්ම තවම මුස්ලිම් අයගේ එහෙම දෙයක් මම දැකලා නෑ.

    ReplyDelete
    Replies
    1. තව අවුරුද්දක් දෙකක් බලාන හිටහංකෝ පන්සල් කුඩුකරන්ඩ එයි

      Delete
    2. ඔව් මනෝ ... ඇයි සමහර මුස්ලිම් අයට වෙනස් වෙන්න බැරි කියලා දන්නේ නෑ

      අනේ මන්දා අටමෝ

      Delete
  4. Replies
    1. බොහොම ස්තූතී ලලිත්

      Delete
  5. උඹ හදන්නෙ ශානු අක්කණ්ඩියෙ අර එයාපෝට් එකේ ඉන්න උංට කසෙං තලවන්නද.
    ඒ රටවල් වල අන් මත සහ ආගම වලට ඉඩක් නෑ කියල හොඳටම දන්නවනෙ
    මක්කටෙයි වචන විසි කරන්නෙ

    ඊළඟ කොටහත් දාන්න කියල තමා කියන්න වෙන්නෙ මොකද ගාල්ල සයිඩ් එක ගැන දන්නෙම නැත් තරං

    ReplyDelete
    Replies
    1. හුටා කසේ අමතක වුනා.... ලියන්නම් හෙමීට

      Delete
  6. ඔය මුස්ලිම් ආගම අන්තවාදී එකක් කියන්න තියන හොඳම උදාහරණය තමා ඕක. වෙන කිසිම ආගමක දේවල් තියෙන්න දෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. හපොයි ඒක නම් ඇත්ත පොඩ්ඩෝ...

      Delete
  7. අම්මේ ගෙයක් හදල ඉවරකලාද සන්තෝසයි

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් අවුරැදු තුනකට පස්සේ යාන්තම් ඉවර කර ගත්තා

      Delete
  8. දකුණේ මිනිස්සුන්ගේ ආගන්තුක සත්කාර ගැන නම් කවර කතාද.. ලියමුකො බලන්න ඊළඟට

    ReplyDelete
    Replies
    1. යසිත් කියලා වැඩක් නෑ... මේ අය නම් පුදුම මිනිස්සු... දකුනේ හැමෝම එහෙමද දන් නෑ.... ලියන්නම්කෝ

      Delete
  9. අනේ නියමාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාායි ! ! ! ! හිතුවා මට විස්තරය මඟ හැරිලා කියලා ..... මං ඒ තරම් අවාසනාවන්ත නෑ එහෙනම් .....

    අර අඹ අච්චාරු පින්තූරට නම් හෙන ජෙලක් එනෝ.... ඊලඟ කොටස කියවන්න රෙඩි පිට .....

    සුභ පැතුම් අක්කණ්ඩි ගෙට ගෙවදීම වෙනුවෙන් !!!

    ReplyDelete
    Replies
    1. නෑ නෑ එහෙම මග ඇරෙන් නෑ....හිකිස් කෙල උනනෝද....ඊලග කොටස ලියන්නම් හෙමින්.... පැතුමට ස්තූතී මෙතු නංගෝ

      Delete
  10. හොඳ නිවාඩුවක් ගත කරලා වගේ...

    // මගේ උපන් දිනය දවසේ මට උදව් කල // එයා කරපු උදව්වත් කිව්වා නම් තමයි හොඳ...

    ඔක්කොමත් හරි අච්චාරු මතක් කරපු එකයි ඒවා තෝරන ෆොටෝ දාපු එකයි තමයි වැරදි :(

    ReplyDelete
    Replies
    1. ඔව් තුශා නිවාඩුව නියමයි.....

      තුශාට මේ පෝස්ටුව මග ඇරිලා බලන්නකෝ http://shanu1987.blogspot.it/2015/10/73.html?m=1

      අච්චාරැවලට කාටත් කෙල උනනෝ;)

      Delete
    2. :( මට ඒ post එක මිස් වෙලා...

      එයා හරිම දක්ෂ ළමයෙක්... ඒ වගේ කෙනෙක් වෙනුවෙන් ඔයා කරපු දේ හුඟක් වටිනවා...

      Delete
  11. සවාරියක තතු හරි ලස්සන්ය කියල තියනව ලස්සනයි අක්කෙ

    ReplyDelete

හැකි නම් පුංචි අදහසක් දක්වලා යන්න,ඒ අදහස මට මිල කල නොහැකි තරම් වටිනවා.,අදහස් නොදැක්වුවා කියලා අහිතක් නෑ මොකද ගෙවෙන සෑම තත්පරය ඔබට බොහෝම වටින බව මා දන්නා නිසා....සියළු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ දවසක්!