Sunday, April 3, 2016

91.ඉස්සර හිත



ගල් හිත....
බොල් කර .....
පල් වෙන්නට 
දමා ගිය  
එකෙක්........

පල් හිත 
ගල් කර....
මට'සිලුටුවට
සියුම්ව ඔපදමා
ආදරය නමින්
හැඩ කෙරු
තව එකෙක්.........

මේ ආදරය
හරි විජ්ජාවක්මැයි
තවමත් හිත
කොනිති ගසමින්
අතීතය වර්තමානය
අනාගතය කොනහන
මං......


22 comments:

  1. ආදරය නිසා ගල් පල්ලේ පැනලා නහින්නේ නැතුව හැමෝම මේ ඇත්ත තේරුම් ගන්නවා නම් ලොකු දෙයක්.. :)

    ReplyDelete
    Replies
    1. අන්න දවසේ කතාව සහෝදරයා

      Delete
  2. ඕවා ඔහොම තමා..............

    ReplyDelete
  3. සමහර වෙලාවට, පල් කරන උං ම තමා ගල් කරන්නෙත්! ගල් කරන උං ම තමා පල් කරන්නෙත්

    ReplyDelete
    Replies
    1. අලි මල්ලීට තරහ ගිහින් නොවෑ

      Delete
  4. ගල් මල් ඔක්කොම ජිවිතේ .....

    ReplyDelete
    Replies
    1. ඔව් ලලිත් ගල් මල් නැත්තම් ජිවිතේ වැඩකුත් නෑ ඒකාකාරි වෙනවා

      Delete
  5. බොල් හිත ට රැවටී
    ආදරය ඇත්තයැයි සිතා ඇණගෙන
    පසුව සුසුම්ලන
    තව එකෙක්

    ReplyDelete
  6. කලකින් නාවට
    සමාව යදින එකෙක්!
    කියවලා කවිය
    අඬපු තරමක්
    දන්නවනම් සමාව
    නොදී නොසිටින
    කිඹුලියක්!

    ReplyDelete
    Replies
    1. සමාව නම් මයේ නංගිට දෙන්න බැරි නෑ...ඒත් අන්තරස්දහන් වීම හෙලා දකිනවා... :(

      Delete
  7. ගල් හිතක්
    බෝල් හිතක්
    මල් හිතක්
    අවසනට
    තිත් ටිකක්.

    :D අපුරුයි ශානු අක්කා, වෂ්හංඅ හරම්බෙත් එක්ක තාලේ ටොප් ඈ. :D

    ReplyDelete
    Replies
    1. ස්තූතී සොමි මලේ.. අගෙයි බොලාගේ වචන ටිකත්

      Delete
  8. දියෙහි ඇඳි සිත්තමක්
    ගලා යනු බලා ඉඳ..
    හඬා වැටෙනා එකෙක්...

    ReplyDelete
  9. කිඹුලිට හිතෙන දේවල්. කිඹුලිගේ අත්දැකිම්ද මන්දා

    ගල්,පල් කෙසේ වෙතත් ගොඩක් උන් නම් හරි වල්

    ReplyDelete
    Replies
    1. අප්පොත්තියේ කාලෙකට ඉස්සර ...

      දැන් උන්
      වල්...
      පල්....

      Delete
  10. Replies
    1. පිලේ සාදරෙන් මෙපැත්තට පිළි ගන්නවා... හැක් ... එහෙමයි

      Delete

හැකි නම් පුංචි අදහසක් දක්වලා යන්න,ඒ අදහස මට මිල කල නොහැකි තරම් වටිනවා.,අදහස් නොදැක්වුවා කියලා අහිතක් නෑ මොකද ගෙවෙන සෑම තත්පරය ඔබට බොහෝම වටින බව මා දන්නා නිසා....සියළු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ දවසක්!