- ලතීන් භාෂාවෙන් දෙවන පිරිහීම හෙවත් පොම්පේ ලිපියෙන්. වෙසුවියස් විනාශයට පත් කල පොම්පේ නගරය ගැන කියවන්න...
කාලෙකින් සංචාරක විස්තරයක් ලියන්න බැරි උන නිසා මම හිතුවා ගිනි කන්දක් තරණය කිරීම ගැන ලියන්න.ගිනි කඳු ගැන මම එකටම දැන ගත්තේ පහේ පන්තියේ සින්හළ පෙලපොතේ පාඩමකින්...ඊට පස්සේ ඩිස්කවරි චැනල් එකෙන්....2006 දී ජැක්සන් ඇන්තනී මහත්මයා කරපු රෝම පුරාණය වැඩ සටහනෙන්...අන්න ඒ දවස් වල හිතුනා එඩ්නා හරි,වෙසුවියස් හරි තරණය කරන්න තිබ්බා නම් කියලා...දෛවය අපේ ජීවිතේට පුදුම හිතෙන දේවල් එකතු කරනවා,හිනයක් සැබෑ වෙනවා වගේ ඉතාලි ජීවිතේ පටන් ගත්තේම වෙසුවියස් නම් දැවැන්ත ගිනි කන්ද අභියසින්.... අවුරුදු දෙකක් විතර උදේ හවස වෙසුවියස් දිහා බලාගෙන වැඩට යන එන මමත් හබී තුමාත් දවසක් අපේ බ්‍රසීලයේ යාළුවෝ දෙන්නෙක් එක්ක වෙසුවියස් බලන්න යන්න ලෑස්තී උනා..
මේ ගමනට අපිට යන්න තිබුනේ නාපෝලී නගරයෙන් පිට පොම්පේ නගරාසන්නයට ,ඉතින් අපිට "කුමාන" කියන අර්ධ අදි වේගි දුම් රිය ගන්න උනා...
:::::;නාපෝලියේ දුම් රිය සේවය කොටස් හතරකට බෙදෙනවා එකක් තමා මෙට්‍රෝ ලයින් 1ක (ලංකාවේ අය නම් කියන්නේ කහ මෙට්‍රෝ එක කියලා) මේ දුම්රිය හරිම වේගවත් පොළොව යටින් තමා නගරය අතුලේ හා නගරයේ පිට ගමන් කරන්නේ අනික මෙට්‍රෝ ලයින් 2 මේක ලංකාවේ කෝච්චිය වගේ අවශයම නැවතුම් පොලවල් 15ක නගරය ඇතුලත හා නගරෙන් පිට ගමන් කරනවා....අනික තමා "කුමාන" මේ දුම්රිය ගමන් කරන්නේ නගරය ප්‍රධාන නැවතුම් පොළ කරගෙන නගරයෙන් පිට මේ දුම්රිය අධිවේගී... අනික තමා
"ෆුනිකුලාරේ" මේ දුම්රිය (කේබල් ට්‍රේන් කියලා හදුන්වන්න පුළුවන්) කේබලයකින් අවම නැවතුම් හතරක් භාවිතා කරන අතර කදු මුදුනට ගමන් කිරිමට යොදා ගන්නවා මෙ වගේ දුම් රිය 4ක් නාපෝලි නගරය තුල තියෙනවා...ඔයින් එකක උදේ හවහා මම තුමී වැඩට යනවා,ගෙදර එනවලු ඉතිම් ඈ...:::::::
![]() |
| අපි කට්ටිය |
හරි අපි හතර දෙනාම ඉරිදා දවසක උදේන්ම කුමානා එකෙන් ඇවිත් පොම්පේ නගරය ආසන්නයේ බැහැ ගත්තා ඊට පස්සෙ යුරෝ 80දිලා හතර දෙනාට ටිකට් ගත්තා හැබැයි ටිකට් එකක ගාන යුරෝ 15වයි
අපිව ගෙනියන ගයිඩ්ට ඉතිරි මුදල ..කොහොම හරි
ගයිඩ් නම් පට්ට පොරක් ඉංග්‍රීසියෙන් වගේම ඉතාලියෙනුත් හැම මං සලකුණක්ම අපිට පැහැදිලි කරා.. මග දෙපස මහා කළු ගලින් නෙලල තිබුන කදුළු බිංදු රැදුන මුහුන ,ළමයෙක් වඩන් ඉන්න අම්මා වගේ රූප දුක පිළිබිඹු කරන කරන බව තමා ගයිඩ් අපිට කිව්වේ...
| වෙසුවියස් කදුමුදුන ලග වාහන නැවතුම හා පයින් තරණය කරන මාර්ගය |
![]() |
| කදුළු ඇති මිනිස් හිස |
ගයිඩ්ගේ කතා අහලා ලේ වතුර වෙලාතිබ්බට මොකද කන්ද මුදුනටම නැග්ගා කදු මුඳුනේ ඉදලා නාපෝලී නගරය පොඩි ගිණි පෙට්ටි වගේ බිල්ඩිම් වලින් පිරිලා විතරක් නෙවේ කාප්ප්‍රි දූපත උනත් පැහැදිලිවම පේන්න ගත්තා.... කඳු මුදුනේ එකම,එක හරිත පැහැ පැලෑටියක්වත් නෑ හරිම මුඩු බිමක් වගේ... කඳු මුදුන මැද විශාල හෑරුණ වලක් අපිට දැක ගන්න පුළුවන් උනා ඒ ගර්භය තැනින් තැන සූ... හඬින් දුම් ඉහල අහසට නගින අයුරු අපිට දැක ගන්න පුලුවන් උනා පැය කිහිපයක කන්ද මුදුනේ ඇවිදලා අපි ආයේ අපේ ගයිඩ් එක්ක පහලට ඇවිත් කුමාන එක අරන් එන්න පිටත් උනා...
![]() |
| සු ...හඩින් දුම් දමන වෙසුවියස් ගර්භය |
වෙසුවියස් මුදුණට හිම වැටුනම හරිම ලස්සනයි වගේම ඒ දවස් වලට නාපෝලී නගරයට හමා එන්නේ දත කට පූට්ටු වෙන සීතල හුළන් හරිම
දරුණුයි...නාපෝලිය සුන්දරත්වයකට ඇඳ බැඳ තබා ගන්න එකම සාධකය වෙසුවියස් බව නොරහසක්.1944 අවසාන ඇහැරිල්ලෙන් පසු අද වන විට අවුරුදු 71ක් තවමත් නින්දේ සිටින වෙසුවියස් ඇහැරෙන තුරු භූගර්භ විද්‍යාඥයෝ අවදියෙන්....
![]() |
| ඉහල සිට පෙනෙන විසුවියස් කන්ද |
| හිම පතිත වෙසුවියස් |
| වෙසුවියස් වෙතින් සොයා ගත් පාෂාණ වර්ග හබීතුමාගෙන් ගිය සතියේ ලැබුනු තෑග්ග |












