Wednesday, March 2, 2016

87.ලිලීයානා -02කොටස


                       

                    මගේ සහෝදරියෝ හැමෝම අවුරුද්දයි මාස ගානක පරතරයකින් මෙලොව එළිය දැකපු නිසා අපි හරි සමගියෙන් කාලය ගත කලා...ඒත් පවුලේ බාලයා වෙච්ච මං අනික් තුන් දෙනාටම වඩා වැඩිමහල් බවක් පෙන්වන ලක්ෂන පිළිබිඹු උනා..
ඒ කියන්නේ මම ජසින්තා මගේ වැඩිමල් සහෝදරියට පසුව මල්වර උනා...අම්මා අපිට ජීවිතේ කියලා දුන්නා.... ඒ මට අවුරුදු දහය ලබපු කාලේ... ඒ වෙනකොට මම කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියන දේ වෙන් කර ගන්න තරම් මට බැරි උනා... ඒ අවුරුදු දහයට මට තේරෙන කාලේ ඉදන් මං ගස් නැග්ගා,කුඹුරු වල වැඩට හරි ,හරියට උදව් කරා ,ගෙදර හිටිය බැටළු පට්ටි,එළු පට්ටි කොල අතු කන්න කැලේට දැක්කුවා....ඒ හැමදේම කලේ තාත්තට පුතෙක් ඉන්න බව හඟවන්න....එතකොටවත් අම්මට සැනසීමක් ලැබෙන්න....

ඈත වලාකුලක පාවෙමින් තිබ්බ ඇගේ නෙත් මගේ දෙසට ලම්බක වුනා හරියට

 "ඔයා කතාව අහන්ද කියලා අහගෙනද?" කියන  බැල්මකින්

මම ඉබේම ආයේ කතාවට හුමිටි තිබ්බා...

"ඔව්,ලිලියානා කියන්න"

    " හ්ම්ම්ම්ම්"
               මේ කියන්න යන්නේ ඔයා හිනෙකින්වත් බලාපොරොත්තු උන දෙයක් නෙවේ,ඒත් මං හිතනවා තව දුරටත් ඔයාට මාව ඇහුම් කන් දෙන්න පුළුවන් වෙයි කියලා...

එදා හවස ඉදන් මහා මුසල වැස්සක් තිබුනේ....දරා ගන්න බැරි සීතක් මුලු පරිසරේම ගිලගෙන තිබුනේ.....
        අපේ කාමරේ ඇඳවල් දෙකක් තිබුනා අපි හතර දෙනාම එක ඇඳකත් අනික් ඇදේ අම්මයි,තාත්තයි නිදා ගත්තා ඒත් එදා රෑ... තාත්තා ගෙට ගොඩ උනේ සරල රේඛාවක ඇවිදින්න පුළුවන් හොද සිහියකින් ඒත් එදත් අපි තාත්තගේ මුණට මුලිච්චි වෙන්න ආවේ නෑ.... 
         මොරසුරන වැස්ස එන්න එන්නම වැඩි උනා...අකුණු සැරට අපි එක පොදියට ගුලි වෙලා නිදා ගත්තා...අබලන් වෙච්ච වහලෙන් වතුර වැටිලා  අම්මලාගේ ඇද තෙත් වෙන්න ගත්තා...අම්මත් තාත්තත් එයාලගේ ඇද අපේ ඇදට පුට්ටු වෙන්න හේත්තු කල බව අඩ නින්දෙන් මට මතකේ තිබුනා....ඒ රෑ නොනැවතීම වැස්ස ඇද හැලුනා....මුසලම,මුසල විදිහට ගස් වල කොල උඩට වැහි වතුර සට...සට... හඩින් වැටුනා....
           
දිගු හුස්මකින් ඇදගත් දුක ඇය‍ ඇස් වලින් පිට කලා...මම බොහෝ උත්සහයක් දරා ඈ සැනසුවා...ඊට පස්සේ ඈ නැවතත් කතාව පටන් ගත්තා .....

             ඒ රෑ මගේ හිසට අමුතු බරක් දැනුන.. මම අඩ නින්දෙන් ඇස් ඇරියා...ඒ එක්කම මගේ ලැම පුරා ගොරහැඩි අතකින් ස්පර්ෂ කරනවා මට දැනුනා....

"මොකක්"?මගේ කටින් ඉබේ පිට වුනා

ලිලියානා මහා පිලිකුල් ස්වරෙකින් ඉකි බින්දා.....
"ඔව් " ඒ තාත්තා කියන මිනිහා ... 

"දෙයියනේ" මම හිල්ලුවා

       එදා රෑ මගේ හදවත සිය දහස් ගුණයකින් ගැහෙන්න පටන් ගත්තා...කෑ ගහලා අම්මව ඇහැරුවොත් මොන දේ වුනත් මේ වැස්සෙම අපි හැමෝටම එළියට බහින්න වෙන බයට මම නිහඬ උනා....මගේ සහෝදරියන්ව බඩඟින්නේ තියන්න බැරි කමට මම නිහඬ උනා....මගේ අම්මට ලෝකයෙන් විඳින්න වෙන නින්දා අපහස නිසා මං නිහඬ උනා... පවුල සීසිකඩ වෙනවා බලන්න බැරි කමට නිහඬ උනා.... මගේ අම්මට අපිව තනියම බලා කියාගෙන දුක් විදින්න දෙන්න බැරි කමට මම නිහඬ උනා.....
                 මොහොතක නිහඬතාවයක් අස්සේ  ....අපි දෑස් වල කදුළුවල හැඩය මැන්නා....

ඇය නැවතත් හඬ අවදි කලා...
       
         කොච්චර වෙලාවක් ඒ මිනිහා මට අතවර කලාද කියලා මම දන්නේ නෑ ඒත් මම නින්දෙන් අවදි වෙන්න යන බව අඟවලා මගේ සහෝදරියන්ගේ පැත්තට ගුලි උනා... ඒ මුළු රෑම මට නින්ද නොගියේ ආයෙමත් ඒ දේම වෙයි කියන බයට......
                    එදා රෑ මං පිරිමි සංහතියටම වෛර කරන්න පටන් ගත්තා...පිරිමින් ප්‍රබල බව දැනුන නිසා මගේ ජීවිතේ උඩු යටිකුරු උනා...පිරිමි හිතක් අලව ගත්ත,පිරිමි හැඩරැව වෙස්වලා ගත් ගෑණියෙක් වුනා....

ඇගේ නෙතින් කම්මුල් හරහා වැටුනු කදුළු ඈ අල්ලෙන් පිහා ගත්තා...

මම හිනෙකින්වත් නොහිතපු දෙයක් ලිලීයානා කියාගෙන ගිය නිසා...මම මේ දේට අදහස් දක්වන්නේ කොහොමද කියන එක මම දැනන් හිටියේ නෑ...කියන්නට දෙයක් නැතිම තැන මට ඉදිරිය දැන ගන්න උවමනා උනා.....

පහුවෙනිදා මොකද උනේ?

පහුවෙනිදද?
 ඒ අමනයා මොකුත් නොවිච්ච ගානට දවස ආරම්භ කලා මම කියා ගන්න බැරි වේදනාවකින් බිරන්තට්ටු වෙලා හිටියා....ඊට පස්සේ උදා උන හැම දාකම මම මිනිහා ගැන අවදානයෙන් හිටියා මගේ සහෝදරියන්ව ආරක්ෂා කරන්න මං උත්සහ කලා ඒත් අදටත් මම නොදන්න දෙයක් තමා මට කලින් එයාලා මේ දුෂ්ඨයගේ ගොදුරක් උනාද කියන එක....
          කාලය දින,සති,මාස අවුරැදු ගෙවිලා ගියා හැමෝම නිසි වයසට ආවම විවාහ වෙලා ගෙදරින් පිට උනා....  මෙක්සිකෝව,ආජන්ටිනාව,වෙනිස්සුලාව වගේ රට වල දැන් එයාලා පදිංචි වෙලා සාර්ථකව ජිවිත ගත කරනවා....

          අම්ම හරිම ඔත්පලව ඉන්නවාඅර නරුමයා අම්මව බලා කියා ගන්නවා නිව් ජර්ස්ලී වල....මම ඒ ගැන සතුටු වෙනවා....මට වෙන්න තිබ්බ දේ උනා මං ඒ මිනිහට සමාව දෙනවා නම් දෙන්නේ මගේ අම්ම රැක බලා ගන්න නිසා විතරමයි...

අම්මගේ සතුට වෙනුවෙන් අකමැත්තෙන් මගේ විවාහය වංශක්කාර රදලයෙක් එක්ක සිද්ධ උනා...ඒත් ඒක පොතක කුරුටු ගාපු අත්සනක් විතරයි ..... ආයේ වඳ විදින කාලයක් ආරම්භ වුනා... ස්කාගාරයක් එක්ක ගෑණියෙක්ට ජිවත් වෙන්න කොහෙත්ම බෑ... සමහර විට ඒ මිනිහා මාව ආදරෙන් රැකබලා ගන්න ගොඩක් දේවල් වෙනස් වෙන්න තිබුනා... ඒත් ඒ ගත කරපු අවුරැදු ගානටම බිව්ව කදුළු ඇමසන් වනාන්තරයට වැටෙන වැහි වලට වඩා වැඩි...මිනිහගේ සුදුව,බේබදුකම මිනිහව නැති කලා....මිනිහා අන්තීමෙට බංකොලොත් උනා....මිනිහා මාව ණය පියවන්න උකස් කරපු තැනට ගිහින් දැම්මම මම එතනින් පැනලා ආවා....කාලය එක්ක බොහෝ දේවල් වෙනස් උනා...මම නිව්යෝක්වල පදිංචියට ආවා තනියම.....සතේ අතේ නැති මං නයිට් ක්ලබ් වල රෑට වැඩ කලා දවල්ට කෑම කඩේක වැඩ කලා...ඒ අතර ඩිසයින් ගැන පාඨමාලාවක් හදාරන්න ගත්තා...ඒ පාඨමාලාවෙන් පස්සේ හොද රස්සාවකට පැන ගන්න මුල් කාලේ අකැමැත්තෙන් බොහෝ දෙනෙක් එක්ක නිදි වදින්න උනා...ඒ දේවල් ගැන මං දුක් වෙන්නේ නෑ ...මම අමාරැවෙන් තැනකට ආවා..දැන් මට හොද නමක් තියෙනවා....නිව්යොර්ක් නගරයේ හොදම විලාසිතා වල ඇදුම් පැලඳුම් මගෙන් නිර්මාණය වෙනවා....සල්ලි වලින් මදිපාඩුවක් නෑ.....

ඇය එක හුස්මට කියාගෙන ගිය කතාව නැවතුනා...මම ‍ඒ ඇස් දිහා බැලුවා..ඒ කතාව අවසානෙදි ඇගේ කදුළු වෙනුවට කළු ඉන්ගිරියාව දීප්තීමත්ව සතුටෙන් බබලවන්න ගත්තා
       
ඇය මගේ ඇස් වලට එබුනා....ආයෙමත් කතා කරන්න ගත්තා...
       ඒත් මට මගේ ජීවිතේ හෙව්ව ආදරේවත්,කරුණාවවත් ලැබිලා නෑ....
ඒ හැමදේම මට ලැබුනේ ඔයාගෙන් විතරයි...මගේ හිතේ පුංචි පුංචි දේවල් තේරුම් ගත්තේ ඔයා විතරයි.... ඉතින් එහෙම හිතකට ආදරේ කරන එක වැරදිද?

      මම දිය යුතු උත්තරයක් ඒ වෙලේ දැනන් උන්නේ නෑ...ඇගේ ඇස් වලින් ගලපු කදුළු පිහදාන්න මට ශක්තියක් තිබුනෙත් නෑ... ඇය රහසක් ලෙස බැදන් ආ ජිවිතේ රහස් පොදිය එක වරම මගේ හිත මත ඉහිරැවේ ඇයිද?කියලා මම දන්නෙත් නෑ.....ඇගේ කුඩා කල ලැබු සියළු දේ ඇගේ ජීවිතේ ඕනවටත් වඩා අවුල් කරලා කියන හැගීම තිබුනත්.. ඇය සමග දුක් වෙනවා ඇරැන කොට මට කල හැකි දෙයක් තිබුන් නෑ...

මොහොතකට ඈ තුරැළු කර ගත් මම ඇගේ කම්මුල් වල ගලා ගිය වියලි තිබු තුන් මුලස් කදුළු රේඛා සිප ගත්තා...ඇය තව,තවත් මාව දෑත් වලින් තදින් ලං කර ගත්තා....ඉබේම ඊ ලග මොහොතේ ඇගේ තොල් මත තැබු හාදුවෙන් මිනිත්තු කිහිපයකට පසු මම පියවී සිහියට ආවා...


          හදිස්සියේ මතක් වෙච්ච දෙයක් දඩි බිඩියට  මම මගේ හෑන්ඩ් බෑගයේ සෙව්වා ... එහි තිබු මලකුත්,ඇරයුම් පතකුත් ඊ ලග මිනිත්තුවේ මම ඇගේ අත මත තැබුවා... ඇය විමතියෙන් ඇරයුම් පත කියෙව්වා....

"ජෝර්ජ් වෙඩ්ස් ස්ටෙලා"

එය මිමිනු ඇය පොඩි කල ඇරයුම් පත පුළුවන් තරම් ඈතට  විසික් කලා... මල අතැතිව ඇය මගේ නලලත සිප ගත්තා ..... සුබ පැතුම් එකතු කලා...

ඒ මමත් ඇයත් හමු වු අවසාන මොහොතත්,දිනයත් වෙයි කියලා මම හීනෙකින්වත් හිතුවේ නෑ...


ඇය මගේ විවාහ උත්සවයට දින කිහිපයකට පෙර නිව්යෝර්ක් නගරය අතැර ගිහින් තිබුනා...ඇය සම්බන්ද කර ගැනීමට එකදු මාර්ගයක් ඉතිරි නොකොට ඇය නික්ම ගිහින් තිබුනා....

ඒ තරම් ආදරේ උණුසුම් වෙච්ච තොල් සිප ගැනීමක් ජීවිතේ කවමදාවත් විද නොතිබුන බව නම් සැබෑමය... 
ඒ නමක් දෙන්න බැරි වුන බැදීමට මම අදටත් ආදරේ කරන බව නම් සැබෑවක්මය..
ඒත් ලෝකය ඉස්සරහ ඒ ආදරේ දියවී ගිය බවත් සැබෑවක්මය... 
ඇය හදවතේ ගැඹුරැ කැනක නවාතැන් ගත්තේ අහඹුම විදිහකටය...

ඇගේ කතාව බොහෝ දේ සමාජයට හිතන්නට ඉතිරි කර ඇත... මෙවැනි නරැම පියවරැ අදටත් ජීවත් වෙති ඒ අතර දෙවිවරැ වැනි පියවරැද ජීවත් වෙති....දරැවන් මල් වැනිය ... ළමා මනසට,හිතට කා වැදෙන සියල්ල ඒ ළමයින්ගේ අනාගතේ වෙනස් කරනවාට සැකයක් නැත... යම්,යම් මානසික පීඩන ඔහුන්ව සදා කාලයටම මානසික රෝගීන් කරනවාට සැකයන් නැත....


සමාජයේ තවත් ලිලීයානලා බිහිනොවේවායි පතමු!

හිතන්නට දේ ඉතුරැ කරලා යන්නම්..... 

කොටස් දෙකක් පුරාවට රැදී සිටියාට ස්තූතී..

_නිමි_









Monday, February 29, 2016

86.ලිලීයානා



                              ඇය මට මුණ ගැහෙන්නේ හරියටම මීට අවුරුදු කිහිපයට ඉහතදී හරි අපුරු අහඹුවක් විදිහට මුහුණුපොත හරහා.....ඒ වන විට ඇය තරම් විනෝදකාමී චරිතයක් මම දැකලා තිබුනේ නෑ....ඇගේ මුහුණේ හැඩරැව  ඒ වන විටත් මුහුණු පොතේ නොතිබුන නිසා ඇය දැන හදුන ගැනීමට මා තුල වුයේ ඉමහත් කැමැත්තක්ද?ආශාවක්ද? මම අදටත් නොදන්න දෙයක්...ඒත් ඈ තුල වු අමුතු විනෝදකාමී බව මගේ හිත ඈ වෙත ඇද බැද තියා ගත්තා...
                 මාස කිහිපයක් යන තුරුම අපි එකිනෙකා දැන හදුන ගත්තා කිව්වොත් හරි...ඇය පිළිබඳ පුර්ණ විශ්වාසයක් තැබීමට හැකි බව තහවුරු කර ගත් පසුව, මමද ඇයද  එදිනෙදා ජීවිතයේ සිද්ධ වෙන සියළුම දේ බෙදා ගන්නට දෙවරක් හිතුවේ නෑ...අපි බොහෝ විට විවේක සැන්දෑ වල මුහුදු වෙරළේ ඔහේ තොරතෝංචියක් නැති කතා බහකින් ඇවිද ගියා..ඒත් ඈ තුල තිබුනු සමහර ගති හරිම අමුතුයි.....ඒවා පිරිමි ගති කියලා වෙන් කරලා හදුන ගන්න පුළුවන් තරම් හරි පැහැදිලී...ඇගේ ඇදුම් පැලඳුන් පවා පිරිමි ආරෙට නිම වෙලා තිබුන බව දැනුනත් ඒ ගැන වීමසීමක් කරන්න මට ඕන කමක් තිබුනේ නෑ....ඈ ඉතාමත් ආචාරශීලි සුහද චරිතයක් යාළුවෙක්ට සුදුසු ගුණාංග ඈ සතු වුනා.
           ඇය බොහෝ දුරට මට කිව්වේ ඇයට කීමට කතාවක් ඇති බවත් එයට කාලය දැන් නොවන බවත්ය ඒ වගේම ඇගේ ජිවිත කතාවද යම් දිනක කියන බවත්ය.ඇය කොපමණ මගේ ජීවිතයට ඇලී බැඳී හිටියද කිව්වොත් ඇය කරන හැම දෙයක්ම මම දැනගෙන හිටියා කොටින්ම ඇය උදෑසන ඇස අරින මොහොතේ ඉඳලා ඇස් පියවන මොහොත තෙක් මහා පුදුමාකාර බන්ධනයකින් මට බැඳී හිටියා...මමත් ඇයට බැදී හිටියා.
          
       දිනක් ඈ කෙටි පණිවිඩයකින් ඇගේ හිතේ තිබු දෙයක් මට ලැබෙන්නට සැලැස්සුවා...

         "ගැහැණියක් ගැහැණියකට ප්‍රේම කිරීම ගැන ඔයාගේ මතය කුමක් උවත්,මට ඔයා අයිති නොවුනත් ...මේ ටික කාලයට මම ඔයාගේ හිතට හරි ගැඹුරට ආදරේ කරන්න පටන් අරන්...
        මම ඔයාට ආදරෙයි
                         ලිලීයානා"


             මෙවැනි දෙයකට හිත භීතියෙන් තැති ගත්තද? නිෂ්චිත තීරණයකට එළඹෙන්න මට බැරි වුනා මම මගෙන් බොහෝ වෙලාවක් යනකම් ප්‍රශ්ණ කලා...

"මම ඇයට ආදරේද?" ......නැහෑ

"ඇයි මට ඇයට ආදරේ කරන්න බැරි?..
මම මගේ හිත එක්ක පොර ඇල්ලුවා....

       ඒත් වෙලාවකට හිත ඈ කෙරේ ඇදී ගියේ සීනි මුලකට කුඹී ඇඳෙනවා වගේ කියල මට හිතුනා ඇය අහිමි කර ගන්න මහත් ලෝභ කමක් තිබු නිසාම ඇයට කරුණු කාරණා පැහැදිලී කරලා දෙන්න මං තීරණේ කලා ඒත් ඇයට ආදරේ නොකර ඉන්න එකම හේතුව ඇයත් ගැහැණියක් වීම විතරයි......කියලා හිතනකොට මම හරිම අතරමං වීමක වැටුනා....

පැය ගණනාවකට පස්සේ මම ඇයට ගත් ඇමතුමේදී මට අවශය වුන මූලික කාරණා ටික ඇය වචනයක් හරි පිට කරන්න කලින් කියලා දැම්මා...
       ලිලියානා ඇත්තටම මම ඔයාට ආදරෙයි...ඒත් ඒ ආදරේ යාළුකමත්, ඔයා හිතන් ඉන්න ආදරයත් අතර මැද බැඳීමක්...අපිට ලෝකේ මිනිස්සු හිනා වෙයි....මම මේ වෙනකම් ගොඩ නගන් ආව ප්‍රතිරූපය බිඳ වැටෙයි...මගේ අම්ම,තාත්තා සහෝදරයෝ මාව පිළිකුල් කරයි...අනික මම ඔයා හිතන ජාතියේ කෙනෙක් නෙවේ...."

        එක හුස්මට කියන් ආව හැමදේම ලොකු හුස්මක් එක්ක එලියට විසික් කරලා  මං ආයෙත් කටහඩ අවදි කලේ මොළයට පරාද වෙලා

"ඒත් ඔයාට මම ආදරෙයි"

  ලිලියානගේ සුසුම් පිටවීම ඇරුණු කොට කිසි හැල හොල්මනක් නැතුව මගේ ඉකි බිඳුමත් එක්ක ගත වෙච්ච තත්පර කිහිපයකට පසු ඇය කටහඬ අවදී කලා....

"ඔයා මොනා කිව්වත් මම ඔයාට ගොඩක් ආදරෙයි"

ඒ එක්කම මම, ඒත් ඇයි? ලිලියානා....

    හරි ඔයාට මම මගේ ජීවිතේ ඉපදුන දවසේ ඉඳන් කියන්නම් අහන් ඉන්න.... ඊට පස්සෙත් මගෙන් ඈත් වෙන්න ඕනේ නම්  ඈත් වෙන්න ....මම කවදාවත් ඔයා ඉස්සරහට ආයේ එන්නේ නෑ....


අපි ඊට පහු වෙනිදා ඇගේ ගෙදර එලිමහනේ කෙටි ගරාදි  වැට ලග මුහුණට මුහුණලා ඉතා ආසන්නව ඉදගත්තා...

      මම බොහොම ඉවසිලි වන්ත කෙනෙක්....ඉතින් බොහොම කරුණාවන්ත ඇහුම්කම් දෙන්නියක් වීමට මම සුදානම් උනා මේ ඇය කලක් මට කියන්නට මඟ බලා සිටි ඇගේ කතාවයි..... මොන දේ කිව්වත් ඇය හිතන විදිහට ආදරේ කරන්න මට ඕනකමක් නෑ...ඒත් ඇයව අත ඇර ගන්න මට පුළුවන් කමකුත් නෑ....මම හිත ඇතුලෙන් මටම මුමුණ ගද්දී....

ඇය කතාව පටන් ගත්තා
    
           
            1974 කියන්නේ මේරි හෙනට් එයාගේ හතර වෙනි දරැ ප්‍රසූතියට සුදානමින් හිටිය කාලය.... 

"මේරි හෙනට්"

"හ්ම්,මගේ අම්මා"

හරි" ඉතින්....


              මගේ තාත්තා පවුලේ හිටිය අනික් ගැහැණු ළමයිට වඩා මේ දරු ප්‍රසූතියෙන් බලාපොරොත්තු වුනේ පිරිමි දරුවෙක්...පරම්පරාව ගෙනියන්න,පවුලට හයියක් වෙන්න වගේ සාම්ප්‍රදායික් මත ඉටු කර ගන්න තාත්තට ඕන වුනා ....ඒත් මගේ අම්මා හතර වෙනි දරු ප්‍රසුතියෙන් මෙලොව එළිය දුන්නේ මට... ඒ වෙනුවෙන් අම්මට බොහොම කාලයක් තාත්තගේ අඩම්තේට්ටම් වලට යටත් වෙලා වන්දී ගෙවන්න උනා... ඒ දවස් වල තාත්තට මගේ මුණ බලන එකත් මහා පිළිකුලක් උන බව මම දැන ගත්තේ මට යමක් තේරෙන කාලයේදී.....මදුවිත කියන්නේ තාත්තගේ ජීවිතේ භාවනාව උනා... මට මතක විදිහට තාත්තා ගෙදර ආවේ රෑ දෙගොඩ හරි ජාමේ සරල රේඛාවක ඇවිදින්න බැරි තරමට මදුවිත භාවනාවේ යෙදිලා....ඒ දවස් වල අපිව නොරිස්සුව නිසාමත් කීප වතාවක්ම පිඟන්,කෝප්ප වලින් අපි පහර කෑ නිසාත් තාත්තා ගෙදර එන වේලාවට අපි කාමරයේ ඇඳට වී ගුලි වෙලා වෙව්ලමින්  නිදි වගේ ඉන්නට පුරුදු වෙලා හිටියා...

       ඇය පොඩි එකෙක් මෙන් ඉකි බිඳීමත්,නොබිඳීමත් අතර කතාව කියන් ගියා මගේ හිතට පත කලු ගල් එකින් එක අත ඇරෙන්නට පටන් ගත්තා....

_මතු සම්බන්ධයි_ 

Monday, February 15, 2016

85.වැලන්ටයින්, ජුනා දෙවඟන හා කිඹුල් නිවේදනය!!


මගේ තෑග්ග

                                   අද ලියන්න හිටිය ලිපිය පැත්තක තියලා වැලන්ටයින් දිනේ ගැන පොඩ්ඩක් හොයලා බලන්න හිතුනා...ඉතාලියේ ඉදන් ඔය ගැන දන්නේ නෑ කියන්නේ වස ලැජ්ජාවයිනේ..... මට නම් වැලන්ටයින් ගැන හොයන්න තරම් ඕන කමක් පසු ගිය අවුරුදු 28 පුරාවට තිබුනේ නෑ මොකද මට හැමදාම වැලන්ටයින්නේ...ගොඩක් අය දන්නවා ඇති වැලන්ටයි කියන්නේ මොකක්ද කියලා.ඒත් මං වගේ ඔය ගැන නොදන්න අයට වැලන්ටයින් ගැන ලියන්න හිතුනා
           කව්ද මේ වැලන්ටයින්?
                                   වැලන්ටයින් කියන්නේ රෝමයේ ජීවත්වුණ පූජකතුමෙක්.ඒත් පූජකතුමෙක්ගේ නම මේ තරම් පෙම්වතුන්ගේ දවසට සම්බන්ද වෙන්නේ කොහොමද කියලා මට හොයන්න තිබ්බේ හරිම උවමනාවක්,
           ඒත් ඊට කලින් පෙබරවාරි 14 වෙනිදා රෝමයේ තිබුන විශේෂත්වට ගැන කිව්වොත් මේක පුරාවෘත්තයකට සම්බන්ධ වෙන අපූරු කතාපුවතක්. පුරාණ රෝමයේ ‘ජූනා’  නම් දෙවඟන ආදරයේ හා විවාහයේ දෙවඟන විදිහට හදුන්වලා තියෙනවා පුරාණයේ රෝම මිනිසුන්  සෑම වර්ෂයකම පාහේ පෙබරවාරි 14 දා ජූනා දෙවඟන වෙනුවෙන් ප්‍රීති උත්සව පවත්වලා තියෙනවා  ඒ විතරක් නෙවේ රෝම යුවතියන් තම නම ලියපු තුණ්ඩුවක් භාජනයකට දාල ඒ භාජනයට අත දාලා රෝම තරුණයන් එක් එක් තුණ්ඩු කෑලි තෝරා ගන්නවලු ඊට පස්සේ
තමන්ගේ අතට ලැබුණු තුණ්ඩුවේ නම සඳහන් යුවතිය සමඟ අර උත්සව සමය ගත කරන්න ඒ පිරිමි අයට අවස්ථාව ලැබෙනවා. මේ උත්සවයෙදි අහම්බෙන් මුණ ගැහුන බොහෝ දෙනා නතර වුණේ ස්ථිර විවාහයෙන්. ජූනා දෙවඟන හා පෙබරවාරි 14 දිනය පෙම්වතුන්ට විශේෂ දිනයක් වුණේ ඒ විදිහට කියලයි පුරාවෘත වලින් හෙළිවෙන්නේ... මේ උත්සවය බොහෝ කාලයක් චාරිත්‍රයක් විදිහට පැවතුනාලු
              ඒත් ක්ලෝඩියස් කියන රෝම අධිරාජයාගේ පාලන සමයත් සමග රෝමයේ ගොඩක් වෙනස්කම් වෙන්න පටන් ගත්තා ඉතිහාස කතා වලට  අනුව දෙවැනි ක්ලෝඩියස් නරුම පාලකයෙක් විදිහට මහජනතාව අප්‍රිය කළ අධිරාජයෙක්. කාලයත් එක්කම ක්ලෝඩියස් අධිරාජයට වුවමනා වුණා ලෝකෙන්ම බලවත් රෝම හමුදාවක් හදලා අනිත් රටවල් යටත් කරගන්න. නමුත් ඒ කාලයේ තරුණයන් හමුදාවට බැඳෙන්න ආවේ නෑ. මොකද එවකට තරුණයන් තමන්ගේ බිරිඳට හා පවුලට බොහොම ලැදිව ආදරය කරන පවුලට බැඳෙන තත්ත්වයකට පත්වෙලා හිටි නිසා ක්ලෝඩියස් අධිරාජයා හිතුවේ හමුදාවට බැඳෙන්නේ නැත්තේ ඔය පවුලට ලැදි බව නිසා කියලයි..ඒ නිසා ක්ලෝඩියස් අධිරාජයා නියෝග කරා "කසාද බැඳීම තහනම්!" කියලා... ඒ වකවානුවේදී තමා වැලන්ටයින් පියතුමා ක්ලෝඩියස් අධිරාජයට එරෙහිව කටයුතු කරන්න ගත්තේ. පෙම්වතුන්ට අනුශාසනා කිරීම හා ඔවුන් විවාහ කරවීම වැලන්ටයින් පූජකතුමාගේ ප්‍රියතම කටයුත්තක් උනත් මේ සියළු දේ කලේ ක්ලෝඩියස් අධිරාජයට රහසින්...ඒත් එතුමාට මේ මෙහෙවර කරගෙන යන්න පුළුවන් වුණේ ක්ලෝඩියස් අධිරාජයට ඒ ගැන ආරංචි වන තෙක් විතරයි.. අන්තිමෙට ක්ලෝඩියස් අධිරාජයා වැලන්ටයින් පියතුමාව සිරගත කරා ආගමික විශ්වාස අතහැර දාන්නත් ඒ වන තෙක් පියතුමා කල මෙහෙවර නතර කරන ලෙස බල කලා එතුමා නොවෙනස්ව එකම විශ්වාසයෙන් නොසැලී හිටියා රෝම තරුණ තරුණියෝ එතුමාව සිර ගත කල හිර ගෙදරට මල් පොකුරු වීසි කලා විවිධ සුබ පැතුම් ලියා හිර ගෙදර අභියස ප්‍රදර්ශනය කරන්න ගත්තා. මේ සියළු දේ වෙද්දී වැලන්ටයින් පූජකතුමා පෙම්වතුන් ගේ ශුද්ධ වූ වීරයෙක් බවට පත්වෙලා හිටියා....මේ අතර බන්ධනාගාර පාලකයාට හිටි අන්ධ රූමත් දියණිය වැලන්ටයින් පියතුමා සමග  දීර්ඝ ලෙස කතා බහ කරන්න අවස්තාවක් උදා කර ගත්ත...මේ කතා බහ නිසා ඔහුන් අතර භක්තිමත් බැඳීමක් හට ගත්තා කිව්වොත් හරි...
මේ අතර ක්ලෝඩියස් අධිරාජය වැලන්ටයින් පියතුමා එක්ක දිගින් දිගටම කල තර්ක විතර්ක මැද අධිරාජයට තම මතය සඵල කර ගන්න බැරි උන තැන පියතුමාට විවිධ අඩම්තේට්ටම් පහර දීම් සිදු කලත් ඒ කිසි දෙයකින් තමන්ගේ පැත්තට නම්ම ගන්න බැරි උන නිසා ක්‍රිස්තු වර්ෂ 270 පෙබරවාරි 14 දා වැලන්ටයින් පූජකතුමා ඝාතනය කෙරුණා. පුරාණ රෝම සිරිත අනුව ආදරයේ දෙවඟන ජූනා සමරන දිනය යෙදී තිබුණෙත් මෙදාටමයි. 
       ඒත් වැලන්ටයින් පියතුමාගේ නමින් පෙබරවාරි 14 දිනය හදුන්වලා..
ආදරයේ නාමයෙන් ජූනා දෙවඟන ඉතිහාසයෙන් මැකී ගියා...

     
   විස්තර ගූගල් ඩෙයියන්ගෙන්

විශේෂ නිවේදනයයි!!
ඩුම්...ඩුම්...ඩ්ම්.....

                 මට ඕන උනා වෙනසක්,මේ බ්ලොගේ ලිපි 85ක් ලියවුනේ "අහස සේ"යටතේ, ඒත් ඉතින් බ්ලොග් එකේ නම වෙනස් කරන්න දහාඅතේ කල්පනා කරද්දී  එකෙක් මතක් උනා...

ටික්...ටික්....ටික්.....

"මේ ඉන්නවද?"
වරෙන්කෝ...

එහ පැත්තෙන් නිමේෂයකින්

"ඇයි?ඇයි? කියනෝ"

ඊට පස්සේ ඉතින් මං කිව්ව 
"මට බ්ලොග් එකේ නම වෙනස් කරන්න ඕනේ "
නිකන් කිඹුල් නමක් ඕනේ...
හැක්...

ඊට පස්සේ අහපී

"මොකාද බම් උඹව කිඹුලි කරපු එකා"

මන් ඉතින් 

"උඹනේ කිව්වා"

හිකිස්....

ඔව් ඔය බස්සි,මේ කතා කරන එකා එකතු වෙලා මාව කිඹුලී කරා....ඒ කාලයකට ඉහත....

පස්සේ කෝමින් කෝම හරි....

අපේ වැඩ්ඩා උන්දගේ මදිටි ඇටයක් වන් ටිකිරි මොලෙන්  නමකුත්  හොයලා ඉමේජ් එකකුත් ඩිසයින් කරලා දුන්නා...

ඒ ඉතින් වෙන කවුරුත් නෙවේ අපි හැමෝම දන්න  මගේ මල්ලී..."වර්ණ" අධිපති දිනේෂ් නොහොත් ඉදිකට්ටා...ස්තූති කියන්නේ නෑ තමන්ගේ උන්ට මොනාටද ස්තූතී...
     
     ඔන්න ඉතින් "අහස සේ" අද ඉදන්  "විල් තෙරේ කිඹුලී" විදිහට වෙනස් වෙනවා...

ඩුම්...ඩුම්...ඩ්ම්......





ඉදිකට්ටාගේ මෙව්වා එක

Monday, February 8, 2016

84.කක්කා මුට්ටේ


     මේ අවුරුද්දේ පලවෙනි බ්ලොග් පෝස්ට් එක කක්කා මුට්ටයක් වෙයි කියලා නම් හිතුවේ නෑ...ඒත් දෙසැම්බරයේ ලංකාවට ගොඩ බැහැලා ආයෙත් ලංකාවෙන් ජනවාරියේදි පිට උන මට ලියන්න  දේවල් මහා ගොඩක් තිබුනත් ආරම්භයක් ගන්න තරම් හිත එකලසක් තිබ්බේ නෑ කිව්වොත් හරි.....ඔන්න ඔය අතර තුරේ තුන් වේලම හරියට කනවා වගේ තුන් වේලටම ෆේස්බුක් එකේ සැරි සරන වෙලාවක මට හරි අපුරු පෝස්ට් එකක් ලැබුනා කියවන්න ඒකේ මාතෘකාව "කක්කා මුට්ටේ" අචලා හේරත් තමා ඒකේ අයිතිකාරිය.....
                  ඒ පෝස්ට් එක ලියලා තිබ්බෙ මෙහෙම,

""කක්කා මුට්ටේ" 😛😛

මේක දැක්කාම ඊයැක් නොකියා ඉන්න බැරි වෙයි නේ 😄😄

එත් මම දැන් දෙවෙනි පාරටත් කක්කා මුට්ටේ බලනවා 😆😆

මේම කිව්වාම කැතයි වගේද ? 😂😂එත් කක්කා මුට්ටේ මුළින්ම මාව හිනස්සලා, ඇස් වලට කඳුලුත් එකතු කරලා..පස්සේ හිතන්න පෙළඹෙව්වා කිව්වොත් පිළිගන්නවද ?😎😎
ඔයාලට එහෙම හිතන්න ටිකක් අමාරු නම්
කක්කා මුට්ටේ බලන්නකෝ 😝😝

අයි ලව් යු බොත්...
චින්න කක්කා මුට්ටේ 🤓🤓පෙරිය කක්කා මුට්ටේ
😘😘😘

" කක්කා මුට්ටේ "කිව්වේ දෙමළ චිත්‍රපටියක  නම හොද්‍ෙ...😆😆

කඩේන් ගන්නවනම් ඔය නමින් ඉල්ලන්න එපා.... ෆිල්ම් එක හම්බෙයිද දන්නැනේ😛😜😁😂😃

සම්භාවනීය මිතුරන්ට මේ පොස්ට් එක අදාල නැත...සමාවෙන්ට ඇ..😏😏

කක්කා මුට්ටේ ගැන නොකියා ඉන්න බැරි උනාට...😛😛

මම නම් අයෙත් පාරක් බලනවා හොඳේ 😎😎"

මේ ටික කියෙව්වම ඉතින් මේ කියන ෆිල්ම් එක නොබලා බැරි උනා.සතියේ දවස් වලට ෆිල්ම් බලන් නැති මම කාල වේලාව එහෙට මෙහෙට  කරලා මේ ෆිල්ම් එක බැලුවා.
                  කතාව ඉස්සරහට යන්නේ පැල්පත් වාසයේ ඉන්න අයියයි,මල්ලී තුල ඇති වෙන පීසා කෑමේ ආසාව සපුරා ගන්න කරන විවිධ වෑයම් එක්ක...තාත්තා හිරේ ගිහින් නිසා අම්මා වැඩ කලේ ඇලුමිනියම් වලන් හදන තැනක මේ අයියයි,මල්ලී  කරේ අඟුරු කෝච්චි වලින් වැටෙන අඟුරු කෑලී එකතු කරලා කිලෝ ගානට ගෙවල් ලග කෙනෙක්ට ගිහින් දීලා සල්ලී කීයක් හරි හොයන් හවසට අම්මට ගිහින් දුන්න එක...
      ඒ වගේම අච්චී හිටියෙත් මේ ගෙදරමයි...අච්චි ශක්තිය එන්න කාක් බිත්තර බොන්න  කියලා තිබුන නිසා මේ පොඩි උන් පැල්පත් අසල පිට්ටනියේ ගහක කාක් කූඩෙන් බිත්තර අරන් බොනවා ඉතින් ගොඩක් දෙනා මේ පොඩි උන්ට කිව්වේ මල්ලිට "චින්න කාක්කා මුට්ටෙයි" අයියා "පෙරිය කාක්ක මුට්ටෙයි"කියලයි...
                  ඒ අතර සිදුවෙන රස කතා බොහොමයි...ඒ විතරක් නෙවෙ පොඩි උන් දෙන්නෙක්ට එච්චර තාත්වික රංගනයක යෙදෙන්න පුළුවන්ද කියලා හිතා ගන්නවත් බෑ... ඒ නිසාම මේ පොඩි උන් දෙන්නා ගැන පොඩ්ඩක් හොයන්න හිතන් යු ටියුබ් ගූගල් දෙයියගෙන් සහය පැතුවා....මං නිකමට හිතුවා මේ විග්නේෂ් සහ රමේෂ් සැබෑ ජීවිතේ පොහොසත් පවුල් වල ළමයි වෙන්න බෑ කියලා ඒ වගේම මේ දෙන්නම ඉන්දියාවේ කොලනියක ජිවත් වෙනනේ ....දනුෂ් කියන දෙමළ නළුවා (රජිනිකාන්ත්ගේ බෑනා)තමා මේ දෙන්නව තෝරගෙන මේ චිත්‍ර පටිය කරලා තියෙන්නේ "කසිමේඩු ජාතික සම්මන උළලේදි හොදම ළමා නළුවන් වෙලා තියෙන්නේ මේ විග්නේශ් සහ රමේෂ් ....ඒ වගේම සිනමා සම්මාන කිහිපයක්ම ලබාගෙන තියෙනවා.....මේ පොඩිඩෝ කියන විදිහට එයාලට රගපාන්න අමුතුවෙන් ඕන වෙලා නෑ...ගෙදරට හිටිය විදිහට චිත්‍රපටිය පුරාවට සැහැල්ලුවෙන් ජවනිකා වල පෙනි ඉදලා..
           මේ චිත්‍රපටිය තුල හිතන්න කෝටියක් දේ ඉතිරි කරලා තියෙනවා...මේ දේ අයින් කලා නම් කියලා හිතෙන කිසි හිස් ජවනිකාවක් නෑ...ඉතින් ආරාධනා කරනවා මේ චිත්‍රපටිය බලන්න කියලා අන්තිමෙට මේ පොඩි උන් දෙන්නා අමරුවෙන් එකතු කර ගන්න සල්ලී වලින් පීසා කයිද?නැද්ද?කියන කුතුහලය ඔයාලටම බාර දෙනවා...
             ඒ වගේම "මැණික් ඉබේ පොළව උඩට මතු නොවන බවත් පතල ඇතුලට ගිහින් පස් ගෙනැවිත් ,අවශය විදිහට ගරලා පාද ගත යුතු බවත් ...එය ඔප මට්ටම් කර නියම වටිනා කම ලබා දීමට හැකි බවත් "කක්කා මුට්ටේ" සමාවෙන්ඩ, "කාක්කා මුට්ටෙයි" නොහොත් කාක් බිත්තරේ චිත්‍රපටිය හොද නිදසුනක්....

මෙතනින් බලන්නකෝ කොහොමද කියලා ඊට පස්සේ ෆිල්ම් එක හොයන් බලන්න
         

Friday, December 18, 2015

83.තත් කැඩුන සිතාරය වැනි ජීවිතය



ලෝ දහම් ගුණ අහිමි වී ගිය
හොද ,නරක දෙක අවුල් වි ගිය 
ජීවිතේ  දුක ශේෂ වී ගිය
සුසුම් පමණක් නොනැවති ගිය

මුදල් පසුපසම ඉව තිබුනු කල
හිතක් ඇති දැයි නොසොයාම මම
අවසනක් නැති පව් පුරව ගෙන 
විදිමි තනියම අපා දුක් ගැහැට

පසක් කරනට දෙගුරුන්ගේ ගුණ
වයන්නට මට ඔහුන්ගේ හර
තනු අහිමි වු තත් කැඩි ගිය 
සිතාරය වැනිය දැන් ජීවිතය මට

_________ශානු______________


Tuesday, December 15, 2015

82.කුමාරයෙක් එන තුරු




            මම සුදුම සුදු අශ්වයෙක් පිට එන කුමාරයෙක් ගැන හීන බැලුවේ බොහෝම පරක්කු වෙලා.තුන් වෙනි පන්තියේ පවුලක ඉපදිලා කට්ට කාලා විභාග පාස් වෙලා ගමේ ඉඳන් කොළඹ ගෙන්දගම් පොළොවේ හැපිලා යන්තමින් ගොඩ ගිය රජයේ රස්සාව නිසා අද තැනක ඉන්නවා ඒත් මට කරකාර ගන්න නෑ නෙව කුමාරයෙක්.... ඉන්න උනුත් ගැලපෙන්නේ නැති බව කිව්වම කේන්දරකාරයා අම්මපා  හිතෙනවා තනිකඩවම ඉන්න..ඒත් ඉතින් එහෙම තනිකඩ වෙනවට වඩා හොදයි බීරි වෙලා ජිවත් වෙනවා නෑයින්ට උත්තර දීලා විසේ යනවා නෙව නොබැද හිටියම....
           මම කැමති කුමාරයා ටිකක් සුදු වෙන්න ඕනේ...හිනා වෙද්දි තොල් හීනි වෙලා ඇහි බැමි ටිකක් සමාන්තරව පෙනෙන්න ඕනේ...දිගටි මුණට පොඩි එළු රැවුලකුත් නරකම නෑ...ඇස් ලොකු ගිල ගන්න ගතියක් තියෙන්න ඕනෑ....තේජවන්ත පෙනුමක් වෙන්න ඕනා...අහිංසක..නිහතමාණි වෙන්න ඕනා... එකිමෙකි නොකි ගුණ ගයද්දි මගේ රූමී කිව්වෙ

"උඹට ඔය මිනිහා අඹලා සිය දෙනෙක්ගේ ගති ගුණ එක්කෙනෙක්ට දාන්න සක්කරයාගෙන් වරමක් ඉල්ල ගන්න වෙයි "කියලයි 
             
  " නෑ එහෙම වෙන්නේ නෑ"

මම ලැජ්ජාවෙන් හිත රිදිල්ල මිරික ගෙන කිව්වා 

මම හිතන විදිහට හැට පැනලා හොට බිම ඇනෙනවා වගේ නෙවේ, තිහ පැනලා තටු හැලෙන එක හරිම බයානක කාල පරිජ්චේදයක් හීන ඇහිදින ,හීන වල ගිලි,ගිලි හුස්ම හිර වෙන මහා එපා කරපු කාලයක්.....හරියටම ශීත සෘතුවේ හිම කුට්ටි දිය කරන්න ගිම්හානයේ හිරු වැජබෙනවා වගේ.. ගිනි මද්ධහනේ චොර වැහි වලාකුලක් තෙත බරිත වෙන්න තරහ පිරි මැහැව්වා වගේ වේදනාබරිතයි..වචනයෙන් විස්තර කර ගන්න බැරි කමක්,නිකම් අසරනකමක්ද? හිතෙනවා වේලාවකට...
මොනා උනත් මම බලාන ඉන්නවා කුමාරයෙක් අසු පිට නෙවේ පුස් සයිකලයක හරි ඇවිත් මහා ගොඩක් ආදරෙන් මාව කැන්දම් යනකම්...
මොකද ? 
මගේ හොදම යාළුවා කිව්වේ 

"උරැමක්කාරයා කරනම් ගහගෙන පතාගෙන ඇවිත් උඹව වැඩි දවසක් නොයා ඔතාගෙන යයි "කියලයි


_______නිමි_________

මේ අකුරු ඇමුණුවේ හරි ගෞරවේකින්....හේතුව කියන්නම්...එකක් මේ කතාවෙ චරිතය මට ගොඩක් සමීපයි..අනික මට කියන්න ඕනේ ජිවිතේ නැති බැරිකම් එක්ක ඉගෙනගෙන රස්සාවක් කරලා පවුලේ සහෝදර,සහෝදරියන් ගැන බලලා යුතුකම් වගකීම් ඉවර වෙද්දී විවාහේ කියන මාතෘකාව මග හැරිලා හිතෙන් වැටිලා ඉන්න හැමෝටම ජිවිතේ ආ දුර ගැන හිතලා සතුටු වෙන්න,ඔයාලා නිසා ජීවිතේ ඵල දරපු මිනිස්සු ගැන හිතලා සතුටු වෙන්න  වපුරපු තරමට අවසාන දවසෙදි අස්වැන්න නෙලා ගන්න ලැබෙන එක ලැබෙනවාමයි...


__________________________
 හිදිවි කොතැනක හෝ 

හිමි කාරයා ඔබත් නුබේ නමින්

බදිවි කෙදිනක හෝ
ඒ එන තුරා හිත කඩා ගෙන ඉදි.............

ගගට සයුරක් මුණ ගැසේවි 

රළකට වෙරලක් මග ඉදිවි

නියගෙට වැස්සක් ඇද හැලේවි

නුබටත් කෙනෙක් ඉදිවි දවසක සොයා න එවී...........

අකුලක පිපෙන නැවුම් මලක් සේ

නදියක නැගෙන තරංගයක් සේ

නලළට සිබින පවන් රොදක් සේ

නොසිතු විටක ලගා වි නුබ විදි අදුර නිමා
            

Saturday, December 12, 2015

81.හිත නුඹ


නයිල් ගඟට පැන 
දිය නා ගොඩ එන
රකුසු කුලේ ඉපදුන
කුළුදුල් හිත නුඹ..........

තැවුල් තබන සිත
කොවුල් නදක රැදි
නේරංජන නදි බැස
සෝදන හිත නුඹ..........

දෙගොඩ තලා යන
එගොඩ,මෙගොඩ නැති
ඉමක්,කොනක් නැති
මගේ ආදර සිත නුඹ..........

විහාර කොතෙකුත් මැද
කෝවිල්,පන්සල්,දහසක් මැද
නොඉදුල් පුජාසනයයි
සිත මට ඇති නුඹ.........

_____ශානු_____

S H A N U