Tuesday, November 26, 2013

30.මා දන්නා ඉතිහාසය ---2කොටස (වැව්, වාරිමාර්ග,දායක වු රජවරු )

                 අපගේ ආදි මුතුන් මිත්තන් තුළ තිබු වාරි මාර්ග තාක්ෂණය  ඉතා ඉහල බව පෙන්විමට අද ලංකාව පුරා දක්නට ලැබෙන  වැව් හා ඇළ මාර්ග හොද නිදසුනකි.වාරිමාර්ග තැනවිමෙහිලා ඔහුන්ගේ මුලික අරමුණ වුයේ ගොවිතැන සදහා අවශය ජලය සපයා ගැනිම විය.ඊට අමතරව පසු කාලීනව නොයෙකුත් අවශයතා සදහාද එම ජලය ප්රයෝජනයට ගත්හ. වාරිමාර්ග තැනවිම සදහා ආදී මුතුන් මිත්තන් විසින් භූමියේ උස් පහත් බව බෙහෙවින් ප්රයෝජනයට ගෙන  ඇත.ඒ අනුව,
                   * අභයන්තර තැනිතලා ප්රදේශයක් හරහා වැටි ඇති මිටි කදු වැටියක පටු කපොල්ලක් ඔස්සේ ගංගාවක් ගලා යනවිට කදු වැටියේ නෙරු දෙක එකට යා කොට වේල්ලක් බැද ගංගාවේ ගමන අවහිර කිරීමෙන් වැවක් නිර්මාණය කිරීම(මල්වතු ඔය ඇසුරෙන් අභය වැව හා තිසා වැවද,කලා ඔය ඇසුරෙන් කලා වැවද,හුරුලු ඔය ඇසුරෙන් හුරුලු වැවද තැනවීම)
     
                   * තැනිතලා ඔස්සේ භුමියේ බැස්මට අනුකූලව ඇළ මාර්ග තැනිම.
    
                  *ඇළ මගින් වැව් මට්ටමට පහළ ඇති තැනිතලාවල පිහිටි කුඹුරු වලට  ජලය සැපයිම.

                   *ජල පහරේ වේගය අඩු ස්ථානයක"අමුණක්" ඉදි කොට එහි එක් රැස් වන ජලය ඇළ මාර්ග දිගේ පහත් තැනිතලාවලට සැපයිම.(මහවැලි ගග හරහා මිනිපේදි බැද ඇති අමුණ,මල්වතු ඔය හරහා වු ගල් කඩවල අමුණ හා දැදුරු ඔය හරස් කොට තනා ඇති රිදී බැදි අමුණ.)

                     සැම ගමකම ගම් ප්රධානියා වෙත කුඩා වැව් ඉදිකිරිම භාර වු අතර ඔහුන් 'ගමික' 'පරුමක' යන නම් වලින් හදුන්වන ලදි.කාලයත් සමග ගොවිතැන කටයුතු සදහා ජලය සැපයිම රජු සතු ප්රධාන වගකීම් වලින් එකක් බවට පත්විය.මෙලෙස රජුන්ගේ මූලිකත්වයෙන් විශාල වැව් ප්රමාණයක් ඉදි විය.වැව් ඉතිහාසය පිරික්සු විට  ආරම්භයේදි කුඩා වැව් ද පසුව මධය ප්රමාණයේ හා විශාල වැව්ද ඇළ මාර්ගද තැනු බව දක්නට ලැබේ.වාරි කර්මාන්තය  ගැන මනා දැනුමක් ඇති ශිල්පීන් කණ්ඩායම් පත් කොට ගුරු සිසු පරපුරෙන් පරපුරට ඒ දැනුම ගෙනයාමටද එකල රජුන් සහයෝගය දක්වා පහසුකම් සලස්වාද ඇත.එමෙන්ම වාරි කර්මාන්ත කටයුතු පවත්වා ගෙන යෑම සදහා  රජතුමා හට විශේෂ නිලධාරින් පිරිසක්  සිටි බවට පැරණි ලෙන් ලිපියක සදහන්ව ඇත. ඒ අනුව 'අඩිතර''උතර' යන දෙදෙනා වාරි කර්මාන්තයට  සම්බන්ධ නිලධාරින් බව මහාචාර්ය සෙනරත් පරණවිතාරන මහතාගේ මතය විය.


  රජවරුන් විසින් තැන වු හා ප්රතිසංස්කරණය වැව්,ඇළ මාර්ග දින වකවානු අනුව(මුලාශ්රය-රාජාවලිය- පේරාදෙණිය විශ්ව විදයාලය)

#කුඩා වැව්(ක්රි.පු. යුගයේ සිට ක්රි.ව. 1 වන සියවස තෙක්)
                        *පණ්ඩුකාභය රජු(ක්‍රි.පු. 377-307)--> අභය වැව(බසවක්කුලම),ජය වැව.
                   
                         *දේවානම් පියතිස්ස රජු(ක්රි.පු. 250-210)--> තිසා වැව.
   
                         *සද්ධාතිස්ස රජු(ක්රි.පු. 137-119)--> රාජාවලියට අනුව වැව් 18 ක්. 
              

#මධයම ප්රමාණයේ වැව්[ක්රි.ව. 1 වන සියවසේ සිට ක්රි.ව.3 වන සියවස තෙක්]
                            *ඉළනාග රජු(ක්රි.ව. 33-43)-->තිස්ස වැව-දුරතිසා වැව.
                            
                            *වසභ රජු(ක්රි.ව. 67-111)-->මහාවිලච්චිය,මනාකැටිය,නොච්චිපොතාන හිරිවඩුන්න ඇතුලු වැව් 11ක් හා ඇලහැර ඇතුලු ඇළ මාර්ග 12ක්.
        
     
#මහා වැව්[ක්රි.ව.3 වන සියවසේ සිට]
                             *මහසෙන් රජු(ක්රි.ව.274-301)-->මින්නේරිය,කවුඩුලු,හුරුළු,මාගල්ල මහකණදරා ඇතුලු වැව් 16ක් හා පබ්බතන්ත ඇළ.

                             *පළමු වන උපතිස්ස රජු(ක්රි.ව. 365-404)-->තෝපැ වැව ඇතුලු වැව් 6ක්.
   
                             *ධතුසේන රජු(ක්රි.ව. 455-473)-->කලා-බළලු,මාදතුගම ඇතුලු වැව් 18ක් හා යෝධ ඇළ(ජය ගග)

                              *දෙවන මුගලන් රජු(ක්රි.ව. 531-551)-->නාච්චදුව වැව(පත්පහන්),පදවිය වැව.

                              *පළමු වන අග්බෝ රජු(ක්රි.ව.571-604)--> මාමඩුව වැව,කුරුදු වැව,සිරිවඩ්ඩමානකන් වැව හා මිණිපේ වේල්ල.

                              *දෙවන අග්බෝ රජු(ක්රි.ව. 604-614)-->ගිරිතල වැව හා කන්තලේ  වැව.
             
                              *පළමු  වන විජයබාහු(ක්රි.ව.1055-1110)--> සෝළින්ගේ විනාශ වු වැව් ප්රතිසංස්කරණය කිරිම.

                              * පළමු වන පරාක්රමබාහුරජු (ක්රි.ව.1453-1186)-->පරාක්රම සමුද්රය,දෑදුරු ඔය සංවර්ධනය,පඩුවස් නුවර පඩා වැව,කළුතර දිස්ත්රික්කයේ සස්යොදුන් රට සංවර්ධනය හ අංගමඩිල්ල ඇළ.

                              *නිශ්ශංකමල්ල රජු(ක්රි.ව.1187-1196)-->විනාශ වු වැව් ප්රතිසංස්කරණය කිරිම.
    


වැවක ප්රධාන කොටස්...,,.
          පාසල් කාලයේ ඇදි රූප සටහනක්

වැව් බැම්ම:-
                 උස් බිම් දෙකක් යා කොට ගංගාව හරස් කිරිමෙන් බදින ලද ශක්තිමත් බැම්මක්.

සළපනාව:-
               වැව් බැම්ම සේදි යාම වැලැක්විමටවැව් බැම්බේ ඇතුල් පැත්තේ කළු ගල් පුවරු අතුරා සකස් කළ ශක්තිමත් පාදමකි.[රළපනාව,රළපැන්නුම යන නම් වලින්ද හදුන්වනු ලැබේ.]

පිටවාන:-
             වැවක ජලය වැඩි වන විට එම වැඩි වන ජලය පිටතට ගලා යෑම සදහා වැව් බැම්මේ මට්ටමට තරමක් පහලින් ගල් පුවරු අල්ලා කරනු ලබන ඉදි කිරිමක්.

සොරොව්ව:-
               වැවකින් ජලය පිට කරන විවරය සොරොව්ව ලෙස හැදින්වේ .
                          #ගොඩ සොරොව්ව--> ජලය බෙදා හැරිම සදහා වැව් බැම්මේ ඉහළ මට්ටමින් සකස් කළ විවරය
                          #මඩ සොරොව්ව--> ජල මට්ටම අඩු වි ඇති විට ජලය බෙදා හැරිමටත්,වැවේ මඩ ඉවත් කිරිමටත් වැව් බැම්මේ පහළ මට්ටමේ ඉති කළ විවරයකි

බිසෝ කොටුව:-
                  පැරණි වාරි තාක්ෂණයේ විශ්මිත නිර්මාණයක් සේ සැලකෙන මෙය වැව් ඉවුරත් ජල මට්ටමත් එක් වන තැන ගැඹුරු හතරැස් ළිදක හැඩයට තනා ඇත. මෙමගින් ජල පීඩනය පාලනය කොට ජලය සොරොව්වට ගලා යෑමෙන් වැව් බැම්ම ආරක්ෂා කෙරේ.
                               

                   රජරට ප්රධාන වැව් පහත රූපයෙන් දැක් වේ.

        මා ලග තිබු රූප සටහනක්



ප.ලි.
අප මුතුන් මිත්තන් විසින් වැව් තැන වු ඇතැම් රජවරු  දේවත්වයෙන් පිදු බවට හොදම නිදසුන ලෙස මට මතක් වනුයේ මහාසෙන් රජුට  'මින්නේරි දෙවියෝ' යන විරිද්දවලිය බාවිතා කර තිබිමය.


තොරතුරු ගොනු කිරිම පොත පත ඇසුරෙනි.
(යම් යම් අකුරු වල වැරදි වලට හේතුව මා විසින් බාවිතා කරන මෘදුකාංගයේ දෝෂයක් බව දන්වා සිටිමි.ඒ නිසා සිදුවන කියවිමේ අපහසුතාවය ගැන කණගාටු වෙමි.)


22 comments:

  1. වාරි තාක්ෂණයේ විස්මිත සොයාගැනීමක් බිසෝ කොටුව , වැවේ රුප සටහන දැක්කම මටත් ඉස්කෝලේ යන කාලේ මතක් උනා.

    අකුරු වැරදි ගොදාලියක් තිබේ ,, රෑ වෙලා ෆ්‍රී වුණාම හදන්න හොදේ..

    ඔයා ඉතාලියේ ඉදන් අපේ රටේ ඉතිහාසය ලිවීම ඉහළින්ම අගය කරනවා අක්කේ

    ReplyDelete
    Replies
    1. අකුරු වැරදි ඔයා දකින්නේ ප්‍රතිසංස්කරණ, හා ක්‍රි.ව. වෙන්ට ඕනා..... ඔය අකුරු ටයිප් කරලා කොපි,පාස්ට් කරද්දි වෙනස් වෙනවා.ඒ කට පිලියමක් හොයන්ට වෙනවා නංගෝ ඒක මගේ වැරැද්දක් නෙවේ සිංහල ටයිප් කරන සොෆ්ට් වෙයා එකේ වැරැද්දක්
      ස්තූති

      Delete
  2. කොහොමත් අපේ සංස්කෘතිය ගොඩ නැගුනෙ "ගමයි පංසලයි, වැවයි දා ගැබයි" කියන සංකල්පය මුල් කරන් නිසා ඉතිහාසය ගැන කතා කරත්දි වැවට හිමි වෙන්නෙ ප්‍රධානම තැනක්.
    ඇත්තටම ශානු මේ ලිපි පෙළ නවත්තන්න නම් එපා. දිගටම ලියන්න.

    හපොයි 'මහසෙන්' කියපු ගමන් මට මතක් උනේ අර සුළි කුණාටුවනේ. පස්සෙ තමා මින්නේරි දෙවියන්ව මතක් උනේ. :-D. (පොඩි විහිළුවක් කලේ. මින්නේරි දෙවියන්ට අපහසයක් නොවේවා.)
    අපේ රටේ දැන් තත්වේ ඕක තමා ශානු අපේ ගොන් වහන්සේලා අපේ අද දවසයි හෙට දවසයි විනාශ කරනවා මදිවට අතීතයත් කනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ප්‍රියා වැවක් නැත්තම් ගමකට වෙන වින්නැහිය නගරේ එකාලට දැනෙන් නෑ.දැන් ඉතින් ඒ අයට හෝසෙට ටැප් වතුර තියෙනවනේ එත් ඉතින් වැවක්,ගගක් ඇළක් අදටත් අපිට වක්‍රව හරි අවශයි.මේ ටිකේ මගේ ජොබ් එකේ නිදහස වැඩි ඉතින් ලියනවා.කාට හරි ප්‍රයෝජනවත් වේවිනේ....ඔයාගේ දිරි ගැන්විමට ගොඩක් ස්තූති.( සොෆ්ට් වෙයා ප්‍රශ්නේ විසද ගන්න වෙනවා ඉක්මනින්)
      මහාසෙන් කිව්වම මතක් වෙන්නේ අනාගතේ මගේ දරුවට දාන නම :B

      Delete
  3. හරිම වැදගත් ලිපියක් ශානු....

    10 වසරේදි අපි මේ දේවල් ඉගෙන ගත්ත හැටි මතක් වුනා... එක්සිබිෂන් එකකට අපි වැවක අකෘතියකුත් හැදුවා... අතීත මුතුන්මිත්තන්ගේ වාරි තාක්ශණික දැනුම පුදුම සහගතයි

    ReplyDelete
    Replies
    1. ස්තූති තුශා මටත් මතකයි අපි රජ රටට වැව් බලන්න ගියා. ආදී මිනිස්සු ගැන තිබුන දැනුම ,උනන්දුව,උත්සහය හැටියට අපේ මිනිස්සුන්ගේ උනන්දුවයි,උත්සහයයි තිබුනා නම් අපේ රට කොච්චර දියුණු වෙලාද අද....

      Delete
  4. 10 පන්තියේ ඉද්දී වැවක ප්‍රධාන කොටස් කට පාඩම් කලා.. ඇයි ඉතින් විභාගෙට ඕවමනේ අහන්නේ..

    ReplyDelete
    Replies
    1. අපිත් පණ හලා ගෙන පාඩම් කරා රජ වරුන් කරපු එව්වා,මෙව්වා තම මතක තියා ගන්න අමාරු අෆ්ෆා

      Delete
  5. ශානු ඇන්ටි ඉස්කෝලේ යන කාලේ අකුරු හරි ලස්සනයිනේ...

    ඔයා ගූගල් ඉන්පුට් ටූල්ස් වලින් නෙවෙයි ද කරන්නේ , එකේ නම් ගොඩක් දුරට මෙහෙම වැරදි අඩුයි.
    විස්තරේ ඉස්තරම අදත් ....

    ReplyDelete
    Replies
    1. ඇයි බන් ඇස් පේනවා අඩුද අම්මලා ඔයිට වැඩියේ හොදට මැල්ලුම් ලියනවා හි...හි...හි.....

      මට බාගෙට කාපු ඇපල් ඇප්ස් එකක් ඕනේ ඉවාන්,ලැප පාවිච්චියක් නෑ බොග ලියද්දි ඔය ක්‍රි,ප්‍රි,ත්‍රි,ට්‍රි,න්‍රි බ්‍රි, ප්‍ර, මුර්තජ 'ය, අකුරු තමා අවුල් යන්නේ. බලන්නකො උදව්වක් දෙන්න පුලුවන්ද කියලා.

      ස්තූති

      Delete
  6. ඉතිහාසය කියන්නේ මම කැමතිම විශයයක්. ඒ ගැන ලියන බ්ලොග්, කාළයක නැවතුනත්, මම වෙනම මාක් කරගෙන තියෙන්නේ. ඔබත් කරන්නේ විශාල සේවයක්. රූප සටහන් වැඩිපුර දාගත්ත නම්. තවත් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. මාතලන් මම ඉන්න රටත් එක්ක පින්තූර හොයා ගන්න එක අමාරුයි,මන් ලග තියෙන රූප සටහන් තමා ලිපියට ඇතුලත් කරන්නේ,,,,,,මන් උත්සහා කරන්නම් ඊ ලග ලිපියේදී පින්තූරු වැඩි පුර දාන්න, ස්තූති

      Delete
  7. මේවා වටින සටහන් ශානු. මට මතක යි මම මෙව්ව මතක තියා ගත්තෙ සින්දු හදලා.

    ReplyDelete
    Replies
    1. මතක සින්දුවක් දෙකක් ලියමුකෝ දිලිනියෝ එහෙනම්....මට නම් මතක උතුර,දකුණ මතක තියා ගන්න කියපු උපාලි ඊලග නැවෙන් ගිහින් කියන එකයි, විදයා පාඩමේදි පාවිච්චි කරපු සිංදුවකුයි විතරයි අනේ

      Delete
  8. ඇත්තටම නොදන්න ගොඩක් දේවල් දැනගත්තා...

    ReplyDelete
    Replies
    1. ක.රෝ සාදරෙන් පිලිගන්නවා දිගටම මේ පැත්තේ එයි කියලා හිතනවා.සතුටුයි මේ ලියවිල්ලෙන් යමක් දැන ගත්තා නම්

      Delete
  9. දිගටම ලියාගෙන යන්න ශානු ... මම මේ ටිකේ වැඩ ටිකක ඉන්නේ.. දැන් තමයි එන්න ලැබුණේ ... අකුරු වැරදි අරව මේවා ගණන් ගන්න එපා.. ඉඩ ලැබෙන විදිහට ලියන එකයි වැදගත් .... හෙමීට හෙමීට අනික් දේවලුත් ලියමු .....

    ReplyDelete
    Replies
    1. වැඩ අස්සේ මේ පැත්තට ආවට ස්තූති සහන්.....මම මේ ටිකේ පොඩි නිවාඩුවක ඒ නිසා ලියනවා.ඔයාගේ වචන ටික මට හයියක්..... වැඩ ටික සාර්ථකව කරගන්න සුබ පතනවා!

      Delete
  10. නියම ලිපියක් ශානු.. ඉස්කෝලේ ඉතිහාස පාඩම මතක් උනා.
    ඒක නෙමේ බොලා 87හේ කොයි මාසෙද උපන්නේ ?

    ReplyDelete
    Replies
    1. ස්තූති....මේ පැත්තට සාදරෙන් පිලි ගන්නවා ඕං..... 87 ජුලි ඒ මොකෑ බොල.....ඔයියත් 87ද?

      Delete
  11. ආයෙත් ස්කොලේ කාලේ මතක් උනා.. ඒ කලෙත් වැව් ගැන පුරාවිද්‍යාව ගැන හොයන්න මං හරිම ආසයි.. දිගටම ලියන්න අපි එනවා කියවන්න

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූති මොණර නගේ

      Delete

හැකි නම් පුංචි අදහසක් දක්වලා යන්න,ඒ අදහස මට මිල කල නොහැකි තරම් වටිනවා.,අදහස් නොදැක්වුවා කියලා අහිතක් නෑ මොකද ගෙවෙන සෑම තත්පරය ඔබට බොහෝම වටින බව මා දන්නා නිසා....සියළු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ දවසක්!