Tuesday, November 17, 2015

77.නුඹ-ඇය-මම




පෙර නිමිති නැතුවම
කොළඹ අහසින් 
ඇද හැලෙන 
අකල් වැස්සක
තෙමෙන මේ හිත
හීතලට වෙව්ලමින් 
හිත පුරා සොයා යන
නුඹ............

නියර අද්දර
අව්ව සිඹලන
වැස්ස උහුලන....
දුවා දරුවන්
රැකබලාගෙන....
අහිංසක ලෙස
මේ කාලකණ්නි හිත මතට
මල්,පහන් පුදන
ඇය.........

තුන් හිතම
වේදනාවෙන්
ඉකිලන ....
කෙසේ පැතුවත් 
සුභ සිහින දහසක්
සුනුවිසුනු වී යලි,යලිත්
වරදේ පැටලෙන
මම............
______ශානු_______

25 comments:

  1. ලස්සනයි ශානු අක්කේ..............

    ReplyDelete
  2. Replies
    1. හැබෑට දේශා කිව්ව නම් ඉතින් තව මොනවද ;)

      Delete
  3. දැක දැකත් හිත
    නොදැක්කා සේ යන
    අප...
    හිහි..
    කවිය ලස්සනයි ශානු අක්කේ

    ReplyDelete
    Replies
    1. හිකිස් ඒකත් හැබෑව ස්තූතී මල්ලී

      Delete
  4. කවිය ලස්සනයි දෙවෙනි කවිය ටිකක් විතර හිතට වැදුනා..

    ReplyDelete
    Replies
    1. ඔවා සමාජේ වෙන දේවල් පොඩ්ඩෝ... තැන්කූ ඈ

      Delete
  5. ශානු හොඳ හොඳ කවි ලියනවනෙ. නියමයි ඈ!

    ReplyDelete
    Replies
    1. කසුන් මල්ලී තරම්නම් දක්ෂ නෑ ඕං

      Delete
  6. අදහස නම් පංකාදුයි අක්කණ්ඩි. මාරම ගති.

    ගෙමිදුලේ පිපී
    සුවඳ දෙන
    කුසුම මඟහැර
    අහසේ තරුවලට
    පෙම්බඳින
    බඹරු......

    ReplyDelete
    Replies
    1. තුතී නංගෝ...: ඒ අකුරැ ඇමුණුමත් මල් කන්ටේනරයයි හොදේ

      Delete

  7. බොලේ ශානු ලස්සන කවියක් ලියලා නොව..

    ..//යලිත්
    වරදේ පැටලෙන
    මම//..

    මේ වරදනම් අද සමජයේ නිතරම සිදු වෙන දෙයක්...

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් මනෝ .(අංකල්)...මේ කවිය ලියවුනේ දන්න කියන කෙනෙක් මුණ දුන්න මේවාගෙම සිද්ධියක් නිසා...

      Delete
  8. මට හිතුණෙ මේ තුනකොන් ආදර කතාවක් කියලා.
    " සමකෝණී ත්‍රීකෝණයකි
    ඔබත් මමත් ඇයත් තිදෙන..."
    හරිම ලස්සන පද ගැලපීමක් ශානු..මේක සමාජයේ නතර සිදුවන දෙයක්.

    ReplyDelete
    Replies
    1. හානේ ඔව්නේ එහෙම සින්දුවකුත් තියෙනවා නේ..... අනුත්තරා අපේ ගම කිට්ටුව කෙනෙක් නොවෑ :)

      Delete
    2. අප්පච්චි නුවර.අපි දැන් පදිංචි වෙලා ඉන්නෙ අම්මලගෙ ගෙදර.වෙන විස්තර කියන්න බෑ රත්තරන්.

      Delete
    3. අප්පච්චි නුවර.අපි දැන් පදිංචි වෙලා ඉන්නෙ අම්මලගෙ ගෙදර.වෙන විස්තර කියන්න බෑ රත්තරන්.

      Delete
  9. නුඹ ඇය මම
    ගති
    ජයවේ ශානු!

    ReplyDelete
  10. දැල්ලේ ලස්සනට
    ලංවී බැලූ කල
    පිච්චෙන බව දැනුනත්
    නැවත නැවතත්
    පහන් දැල්ලට පනිමින්
    පිච්චිලාම මැරෙන්න දඟලන
    පළගැටියා මම...

    ReplyDelete
    Replies
    1. අම්බලන්ගොඩ පළගැටියෙක් උනා එහෙනම්....හිකිස්.... ඒ ටික නම් මරැ

      Delete
    2. අපි හැමෝම එක්තරා ආකාරයක පළගැටියො තමයි ශානු... විවිදාකාර ආසාවන් වල එල්ලිලා දුකම ගොඩගහගන්න තවත් එක සත්ව කොට්ඨාශයක් ..

      Delete
  11. ඒකත් ලස්සන කවියක්.හොඳ තේරුමක් තියෙනවා.

    ReplyDelete
  12. ඒකත් ලස්සන කවියක්.හොඳ තේරුමක් තියෙනවා.

    ReplyDelete

හැකි නම් පුංචි අදහසක් දක්වලා යන්න,ඒ අදහස මට මිල කල නොහැකි තරම් වටිනවා.,අදහස් නොදැක්වුවා කියලා අහිතක් නෑ මොකද ගෙවෙන සෑම තත්පරය ඔබට බොහෝම වටින බව මා දන්නා නිසා....සියළු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ දවසක්!