Tuesday, November 24, 2015

78.ගිනි කන්දක අසිරිය




                              කාලෙකින් සංචාරක විස්තරයක් ලියන්න බැරි උන නිසා මම හිතුවා ගිනි කන්දක් තරණය කිරීම ගැන ලියන්න.ගිනි කඳු ගැන මම එකටම දැන ගත්තේ පහේ පන්තියේ සින්හළ පෙලපොතේ  පාඩමකින්...ඊට පස්සේ ඩිස්කවරි චැනල් එකෙන්....2006 දී ජැක්සන් ඇන්තනී මහත්මයා කරපු රෝම පුරාණය වැඩ සටහනෙන්...අන්න ඒ දවස් වල හිතුනා එඩ්නා හරි,වෙසුවියස් හරි තරණය කරන්න තිබ්බා නම් කියලා...දෛවය අපේ   ජීවිතේට පුදුම හිතෙන දේවල් එකතු කරනවා,හිනයක් සැබෑ වෙනවා වගේ ඉතාලි ජීවිතේ පටන් ගත්තේම වෙසුවියස් නම් දැවැන්ත ගිනි කන්ද අභියසින්.... අවුරුදු දෙකක් විතර උදේ හවස වෙසුවියස් දිහා බලාගෙන වැඩට යන එන මමත් හබී තුමාත් දවසක් අපේ බ්‍රසීලයේ යාළුවෝ දෙන්නෙක් එක්ක වෙසුවියස් බලන්න යන්න ලෑස්තී උනා..

          මේ ගමනට අපිට යන්න තිබුනේ නාපෝලී නගරයෙන් පිට පොම්පේ නගරාසන්නයට ,ඉතින් අපිට "කුමාන" කියන අර්ධ අදි වේගි දුම් රිය ගන්න උනා... 

:::::;නාපෝලියේ දුම් රිය සේවය කොටස් හතරකට බෙදෙනවා එකක් තමා මෙට්‍රෝ ලයින් 1ක (ලංකාවේ අය නම් කියන්නේ කහ මෙට්‍රෝ එක කියලා) මේ දුම්රිය හරිම වේගවත් පොළොව යටින් තමා නගරය අතුලේ හා නගරයේ පිට ගමන් කරන්නේ අනික මෙට්‍රෝ ලයින් 2 මේක ලංකාවේ කෝච්චිය වගේ අවශයම නැවතුම් පොලවල් 15ක නගරය ඇතුලත හා නගරෙන් පිට ගමන් කරනවා....අනික තමා "කුමාන" මේ දුම්රිය ගමන් කරන්නේ නගරය ප්‍රධාන නැවතුම් පොළ කරගෙන නගරයෙන් පිට මේ දුම්රිය අධිවේගී... අනික තමා 
"ෆුනිකුලාරේ" මේ දුම්රි‍ය (කේබල් ට්‍රේන් කියලා හදුන්වන්න පුළුවන්) කේබලයකින් අවම නැවතුම් හතරක් භාවිතා කරන අතර කදු මුදුනට ගමන් කිරිමට යොදා ගන්නවා මෙ වගේ  දුම් රිය 4ක් නාපෝලි නගරය තුල තියෙනවා...ඔයින් එකක උදේ හවහා මම තුමී වැඩට යනවා,ගෙදර එනවලු ඉතිම් ඈ...:::::::
අපි කට්ටිය
               හරි අපි හතර දෙනාම ඉරිදා දවසක උදේන්ම කුමානා එකෙන් ඇවිත් පොම්පේ නගරය ආසන්නයේ බැහැ ගත්තා ඊට පස්සෙ  යුරෝ  80දිලා හතර දෙනාට ටිකට් ගත්තා හැබැයි ටිකට් එකක ගාන යුරෝ 15වයි 
අපිව ගෙනියන ගයිඩ්ට ඉතිරි මුදල ..කොහොම හරි 
ගයිඩ් නම් පට්ට පොරක් ඉංග්‍රීසියෙන් වගේම ඉතාලියෙනුත් හැම මං සලකුණක්ම අපිට පැහැදිලි කරා.. මග දෙපස මහා කළු ගලින් නෙලල තිබුන කදුළු බිංදු රැදුන මුහුන ,ළමයෙක් වඩන් ඉන්න අම්මා වගේ  රූප දුක පිළිබිඹු කරන කරන බව තමා ගයිඩ් අපිට කිව්වේ...



වෙසුවියස් කදුමුදුන ලග වාහන නැවතුම හා පයින් තරණය කරන මාර්ගය


කදුළු ඇති මිනිස් හිස


දරැවෙක් කර මත හොවා සිටින මව



   ලෝකේ දැනට තියෙන දරුණු ගිණි කඳු අතරින්එකක් විදිහට වෙසුවියස් ගිණි කන්ද හදුන්වන්නේ මිනිස් ජීවිත විශාල ගණනක් බිලි ගත් නිසාලු..1281m උසැති වෙසුවියස් තවමත් අඩ නින්දේ පසු වන බවත් කොයි මොහොතක හෝ ලොකු විනාශයකට මුල පුරන බවත් භූගර්භ විද්‍යාඥයෝ අනතුරු අගවලා තියෙනවා...ඔය වෙසුවියස් පා මුල පොම්පෙයි සහ හර්කියු ලේනියම් නගර පිහිටලා තියෙන නිසා නැවත වෙසුවියස් ඇහැරුනොත් මේ නගර වල ඉන්න දහස් ගණන් මිනිස්සුන්ගේ ජීවිත අනතුරේ බවත් අපි දැන ගත්තා..1037 වර්ෂය වනතෙක් අවුරුදු සියයකට වරක් විසුවියස් කන්ද පුපුරා ගිය බවත්,ඉන්පසු අවුරුදු 600ක් ගතවන තෙක් විසුවියස් නිහඬ වෙලා තිබුනලු..
                     ගයිඩ්ගේ කතා අහලා ලේ වතුර වෙලාතිබ්බට මොකද කන්ද මුදුනටම නැග්ගා කදු මුඳුනේ ඉදලා නාපෝලී නගරය පොඩි ගිණි පෙට්ටි වගේ බිල්ඩිම් වලින් පිරිලා විතරක් නෙවේ කාප්ප්‍රි දූපත උනත් පැහැදිලිවම පේන්න ගත්තා.... කඳු මුදුනේ එකම,එක හරිත පැහැ පැලෑටියක්වත් නෑ හරිම මුඩු බිමක් වගේ... කඳු මුදුන මැද විශාල හෑරුණ වලක් අපිට දැක ගන්න පුළුවන් උනා ඒ ගර්භය තැනින් තැන සූ... හඬින් දුම් ඉහල අහසට නගින අයුරු අපිට දැක ගන්න පුලුවන් උනා පැය කිහිපයක කන්ද මුදුනේ ඇවිදලා අපි ආයේ අපේ ගයිඩ් එක්ක පහලට ඇවිත් කුමාන එක අරන් එන්න පිටත් උනා...



සු ...හඩින් දුම් දමන වෙසුවියස් ගර්භය

                      වෙසුවියස් මුදුණට හිම වැටුනම හරිම ලස්සනයි වගේම ඒ දවස් වලට නාපෝලී නගරයට හමා එන්නේ දත කට පූට්ටු වෙන සීතල හුළන් හරිම
දරුණුයි...නාපෝලිය සුන්දරත්වයකට ඇඳ බැඳ තබා ගන්න එකම සාධකය වෙසුවියස් බව නොරහසක්.1944 අවසාන ඇහැරිල්ලෙන් පසු අද වන විට අවුරුදු 71ක් තවමත් නින්දේ සිටින වෙසුවියස්  ඇහැරෙන තුරු භූගර්භ විද්‍යාඥයෝ අවදියෙන්....




ඉහල සිට පෙනෙන විසුවියස් කන්ද



හිම පතිත වෙසුවියස්


වෙසුවියස් වෙතින් සොයා ගත් පාෂාණ වර්ග
හබීතුමාගෙන් ගිය සතියේ ලැබුනු තෑග්ග


17 comments:

  1. බොහොම ස්තූතියි ශානු. හොඳ විස්තරයක්.

    ReplyDelete
    Replies
    1. සතුටුයි රස විදිම ගැන...ස්තූති lan

      Delete
  2. පුංචි කාලේ පාඩම් පොතක තිබිලා කියෙව්වා මතකයි...
    සුන්දර චාරිකාවක්...
    විස්තර ටිකට ස්තුතියි..


    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. මාත් කලින්ම පෙලපොතකින් තමා කියෙව්වේ

      Delete
  3. ඉස්කෝලෙ පාඩම් පොතක තිබිල කියෙව්වා මතකයි.හොඳ සංචාරක සටහනක් ශානු.ඔය රටේ ඉන්න එකේ ඔහොම ගමන් යන්නම ඕනෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් හැලප මාමේ පුළුවන් විදිහට මේ රට වල ඇවිදින්න ඕනා

      Delete
  4. හත්තිලව්වේ............ යද්දි බය හිතෙන්නැද්ද????? යකෝ දැන් පිපුරුවොත් කියලා හිතෙන්නැද්ද???

    ReplyDelete
    Replies
    1. මාත් ඕක ලාවට නිදි කන්දක් කියලා දැන ගත්තේ ගියාට පස්සේ.... ඊට පස්සේ. ඉතින් මක්කා කරන්නද බලලා ශේප් එකේ ආවා

      Delete
  5. සටහන නම් නියමයි. මටත් සෑහෙන ආසාවක් තියනවා ගිනි කන්දක් බලන්න. අර කෝච්චි ගැන විස්තරේ නම් නියමයි ඈ.. ඕවා ඉතින් ඉලෙක්ට්‍රික් ට්‍රෙන්ස් නේ.
    දන්නවද, ඔය විසුවියස් පුපුරනකොට, පහල ගම් වල හිටි පැනගන්න බැරි මිනිස්සු ඔක්කොම අහු වෙලා ගල් උනාලු ලෝදියට. ඒ ගල් වෙච්ච මිනිස්සු තවම ඒ විදියටම ඉන්නවාලු. ඒ රූප ප්‍රදර්ශනයට තියල තියන කතාවක් මම 2002 ඉන්නකොට විජය හරි විදුසර හරි පත්තරේකින් කියෙව්වා මතකයි. මමත් පලවෙනි වතාවට ගිනි කන්දක් දැක්කේ ඩිස්කවරි නාලිකාවෙන්.

    ReplyDelete
    Replies
    1. මෙහේ මියුසියම් එකක ඔය සමහරක් ලාවා වලට ගල් වෙච්ච රෑප තියෙනවා ...ඉතිරිය පොම්පේ සංචාරක නගරයේ තියෙනවා

      Delete
  6. පෝස්ට් එක කියවනකොට ගිනි කන්ද බලන්න යන්න ආස හිතෙනවා.
    හරි වැඩේ වෙන්නේ ශානු ඔතන ඉන්නකොට ගිනි කන්ද පුපුරලා ගියානම්.

    ReplyDelete
    Replies
    1. හම්මේ එහෙම පිපුරැවා නම් අද මේ පොස්ට් කටුව ලියා ගන්න වෙන්නේ නෑ ;)

      Delete
  7. ඔන්න ඔයාගෙ බ්ලොග් එකත් අපේ සිංඩියට ඇඩ් කරා
    අපේ බැනර් එක ඔයාගෙ බ්ලොග් එකට දාගෙන අපිට සප් එකක් දෙන්න සහෝ
    http://www.akurasyndiya.tk

    ReplyDelete
  8. ෂඃ ................නියම විස්තරයක්. පින්තූර නම් මදි. ළමයෝ ටිකක් ඉගෙන ගන්නවා පින්තූර ගන්න විදිහ. ඉතිං ඔච්චර උඩට නැග්ග එකේ ගිනි කඳු විවරයට බැහැලා බලන්නනේ තිබ්බේ. ඕන්නං පොඩ්ඩක් රෝස් වෙයි. උඹව දැක්ක ගමන් ගිනිකන්ද පිපුරුවේ නැති එකයි පුදුමේ. :D

    ආයෙත් මේ වගේ සංචාරක සටහන් දාන්න හොඳේ. ඔය අපේ පත්තර මලයා හම්බවුනේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. හිකිස් සැම්සුම් 7.5 මෙගා පික්සල් කැමරාවකින් ඇල්ලුවේ....ඉගෙන ගන්න ඕනා තමා තව.....

      බහින්න දෙන්නේ නැනෙව නැත්තම් මම නොබැස ඉන්නේ නෑ.... හැක් හබි තුමත් ඔය ටිකම කිව්වා.....

      තව ලිපියක් ලියන්න හිතන් ඉන්නවා හුමාලය උඩට විදින ගිනි කදු පැත්තක් ගැන..ඉක්මනින් ලියන්නම්

      Delete
  9. විස්තරය නම් අනර්ගයි... පින්තුරනම් හොඳටෝම මදියි... පින්තූර සීයක්වත් ඕන අපිට බලන්න... ඉතාලියට ඇවිත් යන්න ආස හිතුන මේක දැක්කාම..

    ReplyDelete

හැකි නම් පුංචි අදහසක් දක්වලා යන්න,ඒ අදහස මට මිල කල නොහැකි තරම් වටිනවා.,අදහස් නොදැක්වුවා කියලා අහිතක් නෑ මොකද ගෙවෙන සෑම තත්පරය ඔබට බොහෝම වටින බව මා දන්නා නිසා....සියළු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ දවසක්!