Thursday, June 4, 2026

126. මිනිහෙක් මැරෙන්න තීරණය කරන්නේ තමන්ගේ දරාගැනීමේ සීමාව පැනපු තැන!


මිනිහෙක් මැරෙන්න තීරණය කරන්නේ තමන්ගේ දරාගැනීමේ සීමාව පැනපු තැන!

කෙනෙක් තමන්ගෙ ජීවිතේ නැති කරගත්තම අපි කියන කතාවක් තමයි "මහ මෝඩයෙක්, ප්‍රශ්න වලට මුහුණ දෙන්න බැරුව බයගුල්ලෙක් වගේ මැරුණා" කියන එක. අපි හරි ලේසියෙන් ඒ මනුස්සයාව ජජ් කරනවා. ඒත් අපි හිතලා නෑ නේද, මනුස්සයෙක් "ආසාවට" මැරෙන්නේ නෑ කියන එක..?



ස්වභාවයෙන්ම මනුස්සයෙක්ගේ ඇඟේ තියෙන දෙයක් තමයි 'ජීවත් වීමේ ආසාව' කියන්නේ. අපි මේ හැමදේම කරන්නේ ඒකට. ඒ ස්වභාවධර්මයේ නීතිය පවා කූඩුකරගෙන මනුස්සයෙක් ලණුවක් ගාවට හරි කෝච්චියක් ඉස්සරහට හරි, බිල්ඩිමක් උඩට හරි ‍යන්නේ ඒක එයාගෙ කැමැත්ත නිසා නෙවෙයි; දීර්ඝකාලීන විඳවීම් නිසා එයාගෙ මනස සහ ශරීරය සම්පූර්ණයෙන්ම 'Shut down' වෙලා තියෙන නිසා.


මේක නිකන්ම නිකන් දුකක් නෙවෙයි. මේකට මනෝවිද්‍යාවේ සහ ජීව විද්‍යාවේ පැහැදිලි තියරි තියෙනවා.


මනෝවිද්‍යාත්මකව මොකක්ද මේ වෙන්නේ?


මනෝවිද්‍යාවේ මේ තත්ත්වය හඳුන්වන්නේ "Psychache" (සිතේ ඇතිවන දරාගත නොහැකි වේදනාව) කියලා. ගිනි ගත්ත බිල්ඩිමක උඩම තට්ටුවේ හිරවුණු මනුස්සයෙක් ජනේලෙන් පනින්නේ පනින්න තියෙන ආසාවට නෙවෙයි, පිටිපස්සෙන් එන ගින්දරේ රස්නේ දරාගන්න බැරිම තැන. අන්න ඒ වගේ තමයි දීර්ඝකාලීනව මානසිකව පීඩා විඳින මනුස්සයෙක්ටත් දැනෙන්නේ. ප්‍රශ්න, නින්දා, අපහාස, වේදනාවන් කියන ගින්දර දරාගන්න බැරිම තැන, එයාලා ඒ වේදනාවෙන් පැනලා යන්න මාර්ගයක් හොයනවා. මේකට  "Learned Helplessness" කියලා. ඒ කියන්නේ මොන දේ කළත් මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න බෑ, මට කවුරුත් නෑ කියන හැඟීම මනසට තදින්ම කාවැදීම.


බයොලොජි වලින් බැලුවොත් මේක කොහොමද පැහැදිලි කරන්නේ?


මනුස්සයෙක් දිගින් දිගටම විඳවද්දි, දුක් වෙද්දි, පීඩනයට පත්වෙද්දි ඒක හිතේ විතරක් තියෙන දෙයක් නෙවෙයි, ඒක කෙළින්ම මොළයේ රසායනික ක්‍රියාවලිය වෙනස් කරනවා.


Stress Hormones වලට මොළය යටවීම

මනුස්සයෙක් දිගටම පීඩනයෙන් ඉද්දි ඇඟෙන් Cortisol කියන ස්ට්‍රෙස් හෝමෝනය අධිකව ශ්‍රාවය වෙනවා. මේක දිගටම වෙද්දි ඒක මොළයට වසක් වගේ.


Amygdala අවුල් වීම: මොළයේ බය සහ හැඟීම් පාලනය කරන ඇමිඩ්ඩලාව කියන කොටස අධිකව ක්‍රියාකාරී වෙනවා. එතකොට ඒ මනුස්සයාට හැමතිස්සෙම දැනෙන්නේ බයක්, කලබලයක් සහ ලොකු වේදනාවක්.


Prefrontal Cortex එක අක්‍රිය වීම: මේක තමයි ලොකුම ප්‍රස්නේ. මොළයේ ඉස්සරහ තියෙන මේ කොටසින් තමයි අපි තර්කානුකූලව හිතන්නේ, හරි වැරැද්ද තීරණය කරන්නේ, සහ ප්‍රශ්න විසඳගන්නේ.


අධික මානසික පීඩනය නිසා මේ කොටසේ ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම වගේ අඩපණ වෙනවා.


ඒ කියන්නේ, සියදිවි නසාගන්න යන මනුස්සයෙක්ට "හරි විදිහට හිතන්න" බැරි කමක් නෙවෙයි තියෙන්නේ, එයාගේ මොළයේ හරි විදිහට හිතන්න තියෙන කොටස Biological විදිහටම අක්‍රිය වෙලා! ඉතින් එහෙම අසරණ වුණු මනුස්සයෙක්ට "මෝඩයා" කියලා බනින එක කොච්චර අසාධාරණද?


අපි කොතනද වරද්දා ගන්නේ?


අපි නොදැනුවත්වම හරි දැනුවත්වම හරි අනිත් මිනිස්සුන්ගේ මේ "දරාගැනීමේ සීමාව" පන්නන්න වැඩ කරනවා. ඔෆිස් එකේදි කපන කැපිල්ල, ගෙවල් අස්සේ දෙන මානසික වදය, සෝෂල් මීඩියා වල කෙනෙක්ව ට්‍රෝල් කරලා විහිළුවට ලක් කරන එක. මේ හැමදෙයින්ම අපි කරන්නේ අර මනුස්සයගේ මොළය ඇතුළේ කෝටිසෝල් පුරවන එක. එයාගේ තර්කානුකූල මනස විනාශ කරන එක.


කරුණාකරලා, මනුස්සයෙක් සෆර් වෙන, විඳවන තැන් වලට තවත් වැඩ කරන්න එපා! කෙනෙක් වැටිලා ඉන්නකොට එයාගේ දුර්වලකමකට හිනාවෙලා, එයාගේ අතීතය ඇදලා අරන්, නැත්තම් වටේ ඉන්න අයත් එක්ක එකතු වෙලා එයාව කොන් කරලා කතා කරද්දි, ඔයාට ඒක විහිළුවක් වුණාට ඒ මනුස්සයාගේ ඇඟ ඇතුළේ එයාගේ 'ජීවත් වීමේ ආශාව' ටික ටික මියයනවා.


ඔයාගේ එක නරක වචනයක්, එක කැත කමෙන්ට් එකක්, එක ඕපදූපයක් කෙනෙක්ගේ මරණ සහතිකය වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ එක හිනාවක්, "ඔයාට කොහොමද" කියලා අහන එක වචනයක්, ඒ මනුස්සයගේ මොළය ඇතුළේ සතුට ඇති කරන සෙරොටොනින් ඩොපමින් ශ්‍රාවය කරලා එයාව ජීවත් කරවන්නත් පුළුවන්.


මිනිස්සුන්ට කරුණාවන්ත වෙන්න. හැමෝම යන්නේ අපිට පේන්නේ නැති, මහා ලොකු යුද්ධයක් මැද්දෙන්.


මැරුණට පස්සේ මිනිය ඉස්සරහ අඬනවට වඩා, ජීවත් වෙලා ඉද්දි මනුස්සයෙක්ට හුස්ම ගන්න ඉඩ දෙන්න.


තවත් කෙනෙක්ගේ මානසික කඩා වැටීමකට හේතුවක් වෙන්න එපා!🙏


Sunday, May 3, 2026

125. නන්දුට ලියුමක්

ආදරණීය නන්දු ,


මිනිස්සු ආදරේ කියනකොට ඇස් නොදිලිසෙන්න පුළුවන් ඒත් මිනිස්සු ආදරෙන් පරදිනකොට ඒ මිනිස්සුන්ගේ ඇස් නිතරම කතා කරන්න ගන්නවා , කතා කර ගන්න බැරුව වෙව්ලලා ගොත ගහන්න ගන්නවා.. ඒ ඇයි දන්නවද? ඒ වෙනකොට ඒ මිනිස්සු තමන්ගේ ආදරේට හදවතේ හරි වටිනාකම දීලා  ඉවර නිසා. මන් මගේ ඇස් දෙකෙන් මිනිස්සුන්ට එහෙම වෙනවා දැකලා තියෙනවා...


             තේරුම් කිරීම ගණනාවක පස්සේ මිනිස්සුන්ට තව දුරටත් ඒ තේරුම් කිරිම විහිළුවක් උනාම , ඒ දැනෙන හැඟීම් , දැනීම් නික්මයෑම්, දරා ගැනීම් මිනිස්සු, මිනිස්සුන්ව වැටෙන්න නොදී අල්ල ගන්නේ කොහොමද කියලා, අපි රෑ එලි වෙනකම් කතා කරලා තියෙනවා ඒත් මම හැම වෙලේම ඔයාට කිව්වේ

,

 "ආදරේ මිනිස්සු ඔයාට වැටෙන්න දෙන්නේ නෑ "කියලා 


"ආදරේ නම් හෙන ගැහැව්වත් ඉන්නවා "කියලා.


"ආදරේ නම් කවදාවත් ඔයාට රිදෙනවට කැමති නෑ "කියලා


ඔයාට මතකද? ඔයා මට විහිළු කලා පොත් වල තියෙන දේවල් සැබෑ ජීවිතේ වෙන්නේ නෑ කියලා.


                     ඇත්ත, ඔයා හරි සමහර පොත් වල ලියන දේවල් අපේ සැබෑ ජීවිතේ වෙන්නේ නෑ , පොත් වගේ මිනිස්සු අපිට අහම්බෙන් හම්බෙන්නේ හරියට අපි දෙන්නට දෙන්නා හම්බුනා වගේ,

ඉතින් අහන්නකෝ.....


                   මිනිස්සුන්ගේ  ජිවීතේ සමහර දරා ගැනීම් අත හැරිම් තියෙනවා ඒවා හරියට පොල්ලෙන් ගැහැව්වා වගේ අවුරුදු ගානක් ගියත් ඒ වැදුන පොලුපාර නිසා දැනුන ඔල්මාද ගතිය නොයන, මිනිස්සු බැඳීම් හදා ගත්ත ලගම දේවල් නැති උනාම මිනිස්සුන්ට  ට්‍රැක පනිනවා, 

කඳු වගේ මිනිස්සු නාය යනවා.... 

ගල් පර්වත වගේ අය පැලිලා බිම වැටෙනවා. 

ගඟවල් වගේ මිනිස්සු හිදිලා යනවා. 

ගස් වගේ මිනිස්සු මැරිලා යනවා..

පොත් වගේ මිනිස්සු සඳහටම අතුරුදහන් වෙනවා


ඒක ඔයයි,මමයි දෙන්නම අත් විදලත් තියෙනවා


ඉතින් නන්දු,


ඔයාගෙයි මගෙයි විතරක් නෙවේ හැම මනුස්සයෙක්ගෙම ජීවිතේ බොහොම කෙටී.....


ඉතින් ලැබෙන හැම තත්පරේම ආදරේ කරමින් ජීවත් වෙන්න, නමුත් ආදරේ සොයමින් ජීවත් වෙන්න එපා!


ආදරේ සම්බන්ධ සංවාද වලදී ඔයා නිතරම රැඩිකල් වචන කිව්ව ගැටි මට මතක් වෙනවා...


"ආදරේ නම් ආදරේ තියෙයි මහන්සි වෙලා හොයන්න දෙයක් නෑ "කියලා 


ඒත් නන්දු මට ඔයා එහෙම කිව්වට ,

මතක තියා ගන්න 


රූස්ස ගස් කඩන් වැටෙනකොට සද්දේ ඇහුනට 

හිත් කඩන් වැටෙනකොට සද්දේ ඇහෙන් නෑ කියලා.


හිත් කියන්නේ වීදුරු වගේ බිඳෙන සුළුයි පරිස්සමෙන් භාවිතා කරන්න ඕනේ ...අද කාලේ වචන වලට අගයක් නෑ මොකද ගොඩක් මිනිස්සු බොරුකාරයෝ.... හැබැයි ආදරේ ඔප්පු කරන්න ඇත්තටම ආදරේ මනුස්සයෙක්ට බැරි නෑ ඒත් ඔප්පු කරලා දිනා ගන්න ආදරේකින් වැඩක් තියෙනවද ? කියලා අපි හෙට කතා කරමු


මීට,

කිඹුලී

Tuesday, April 28, 2026

124. ඔබට, ඔබ වීමේ මාර්ගය කපා ගත යුත්තේ ඔබමය!

 




සාමය කියන්නේ ඔබට රිදවන අයව තේරුම් ගැනීම මත තීරණය වන දෙයක් නෙවෙයි, වරදකාරී හැඟීමකින් තොරව ඔබම ඔබව තෝරා ගැනීමෙන් තීරණය වන දෙයක් කියලා මම ඉගෙනගෙන ගනිමින් ඉන්නවා. සමහර රටා, සමහර හැසිරීම් සහ යම් ශක්තියක් ඔබේ ජීවිතයේ සදහටම රැඳී සිටීමට අදහස් කරන්නේ නැහැ. එය සෑම තත්පරයකදීම වෙනස් වෙමින් කාලය සමඟ ඉදිරියට ඇදෙනවා ....


ඉතින් දැන් මම වෙනස් විදිහට ගමන් කරනවා. මට අහිමි වූ මාව සොයා ගැනීමේ අරගලයක සිටිනවා.මම ගෞරවය වෙනුවෙන් තර්ක කරන්නේ නැහැ, මම දැනටමත් ඉගෙන ගත් පාඩම් නැවත කියන්නේවත් කරන්නේවත් නැහැ, මම මම වීම මම  මගේ ආත්මය ආරක්ෂා කිරීම වැදගත් යැයි සිතෙනවා. මෙතනදී තමන්, තමන් වීම ආත්මය නිදහස් කරන බව මම තරයේ විශ්වාස කරනවා.


ඉතින්,ගහන ගල් එතැනම වැටි තිබෙන්නට හරිනවා මිස මම ජීවිතේදී තව දුරටත් මිනිස්සු ගහන ගල් එකතු කරන්නෙක් නොවෙමි. මන්දීර තැනීමට පවා අනුන් ගහපු ගල් නොගත යුතු බව මම තරයේ විශ්වාස කරනවා. 


තමන්ට,තමන් වීමට නිදහස් comfort zone එකක් ඉදි කිරීම තමන් විසින් කල යුතු දෙයක් මිස වෙන කිසිම කෙනෙකුට ඔබට යුක්තිය ඉටු කිරිමට නොහැකි බවද මම විශ්වාස කරනවා.


ඔබට, ඔබ වීමේ මාර්ගය කපා ගත යුත්තේ ඔබමය!


Sunday, April 19, 2026

123. හොඳ මනුස්සයෙක් වෙන්න නම්


ඔබට ඇත්තටම වර්ධනය වීමට අවශ්‍ය නම්, වෙනත් කෙනෙකුගේ වේදනාව තේරුම් ගැනීමෙන් ආරම්භ කරන්න. එය ඇසීමෙන් පමණක් නොව, එය සැබවින්ම දැනීමෙන් පටන් ගන්න.සෑම කෙනෙකුම ඔවුන් පළ නොකරන සටන් සමඟ සටන් කරයි. සමහර විට ඔබට දිය හැකි හොඳම දේ මුදල් හෝ උපදෙස් නොවේ, එය ඔබේ කාලයයි. සැබෑ සංවාදයයි.නැවත ඇමතුමක්ද විය හැකිය. කෙනෙකු  බිමට පතිත වී ඇති බව දැන ගත් විට ඔවුන් සමඟ වාඩි වී සිටීන්න.


ඒ ආකාරයේ පැවැත්ම වෙනස් ලෙස බලපායි.


ජීවිතය සැහැල්ලුවෙන් දැනෙන්නට අවශ්‍ය නම්, ආත්මාර්ථකාමිත්වය අතහරින්න. සැමවිටම නිවැරදි වීම මිනිසුන් අහිමි කර ගැනීම වටින්නේ නැත. පළමුව සමාව ඉල්ලන්න. ඉක්මනින් සමාව දෙන්න. ආඩම්බරයට වඩා සාමය තෝරන්න. මාව විශ්වාස කරන්න, ඔබේ හදවත ඔබේ ආකල්පයට වඩා විශාල වූ විට ජීවිතය බොහෝ පහසු වේ.


හොඳ සමාව දෙන්නෙකු හොඳ සවන් දෙන්නෙකු හොදම ආත්මාර්ථකාමීත්වය බිඳින්නෙකු වන්න අපිට තව ජීවත් වීමට ඇත්තේ ඉතා කෙටි කාලයයි. එය සැහැල්ලුවෙන් ගත කරන්න.

Saturday, April 18, 2026

122.එක්කෝ උබ එක්කෝ මම මිෂන් එක

 මට ඔය පොඩි කාලේ ඉදන් තිබ්බ හැකියාවක් තමා හැකරැල්ලෝ, පනුවෝ, ගෙම්බෝ , ඒ වගේම කැරපොත්තෝ කියන්නේ කිසි ගේමක් නැතුව අතේ තියන් වත්ත වටේට සංචාරයක් දාන්න පුළුවන් සත්තු ටිකක් ඒත් මේ කිව්ව සත්තු අතරින් එපාම කරපු සතා තමා කැරපොත්තා.


 ඔව් අපි අද කතා කරමු අතේ ගෑවුනාම වස ගඳක් එන ජරා  කැරපොතු වස්තුව ගැන 

ඉස්සර අපේ ගෙදර බාතෲම් එකේ ජනේලයක් වෙනුවට පොඩි කවුලු තියලා තමා බාතෲම් එක හදලා තිබ්බේ හැමදාම බාතෲම් එකට ගියොත් ශරිර කෘති ඉෂ්ඨ සිද්ද කර ගන්න වගේ එක සිප්පි කෑල්ලක් සයිස් කැරපොත්තෙක් හරි එනවා ...

ඔන්න ඔය දවස් වල මට මාරම උවමනාවක් තිබ්බා කැරපොතු සංහතියම නැති කරලා දාන්න, එක්කෝ උබලා එක්කෝ මම, ඕකුන් මා එක්ක  මාර ඇරියස් එකක් තිබ්බේ ඒ දවස් වල , ඒ නිසාම දවසක් මම තීරනයේ කලා "එක්කෝ උබ , එක්කෝ මම" මිෂන් එක කරන්න

 ඒ දවස් වල කැරපොත්තන්ට ගහන ස්ප්‍රේ එහෙම ආපු කාලේ  "මෝටින්" හරි "බේගෝන් " හරි  කඩෙන් අරන් ඇවිත් දරමඩුවෙන් පටන් අරන් වත්ත කෙලාවර තුත්තිරි යායට එනකම් ස්ප්‍රේ කරලා ටික වෙලාවකින්  ඔය  එන්නේ බල්ටි ද දා කැරපොත්තෝ ට්‍රම්ප් අප්පච්චි වගේ කැරපොතු ජනපද හොය හොය ස්ප්‍රේ ගැහැව්වේ , රංජන් බොසා සිංහල ෆිල්ම් වල  fight කරනවා වගේ තමා එදා සෑහෙන්න කැරපොතු ප්‍රහාරයක් දියත් කරලා එදා අන්තීමෙට ඒ කනපිට හැරුන හැම කැරපොත්තෙක්ම අභාවප්‍රාප්ත උනා. කරන්න දෙයක් නැ වීරයෝ දිනනවා දුෂ්ඨයෝ පරදිනවා!


එදා වැටිලා වෙරි වෙලා හිටිය කැරපොත්තෙක්  කිව්වේ මෙහෙම



අඩේ අඩේ අඩේ.... ( මන් පාටියකට යන්න නෙවේ යකෝ ඉන්න මුල්ලෙන් එලියට ආවේ උබලගේ හැසිරීම බලන්න- මීට පර්ෆියුම් වැදිච්ච කැරපොත්තා)😂😂



Tuesday, April 14, 2026

121.ආදරණිය විල් තෙරේ කිඹුලී



ආදරණීය විල් තෙරේ කිඹුලී,
       හැමදාම වගේ මන් ඔයාට ආදරෙයි කියලම පටන් ගන්නම්! ඒ වගේම සුබ අලුත් අවුරුද්දක් වේවා! ඉස්සර නම් මට ලියන්න ගොඩක් දේවල් තිබ්බා

    ඒත් , මන් හිතනවා අවුරුදු 7කට පස්සේ මට ලියන්න ආයෙත් ගොඩක් දේවල් තියෙනවා , මම ආදරේ කරපු හැටි මාව මිනිස්සු අතැරපු හැටි මම බඩ අල්ලන් හිනා උන හැටි අඬපු හැටි ජීවිතේ ආව සමහරක් කුණාටු වලදී මම නිහඬ උන හැටි ඒ විතරක් නෙවේ සමහර කුණාටු වලදී මිනිස්සු මාව අතැරපු හැටි වැටිලා ඉද්දි නැගිට්ටපු මිනිස්සු ගැන එහෙම  ලියන්න තියෙනවා....

ඒත් මේ ඒකට වෙලාව නෙවේ මන් ඔයාට එකින් එක හෙමීට ලියන්නම්...

පුංචි කන්දක් ටික ටික නාය ගිහින් විසල් කන්දක් වෙලා එකපාර නාය ගිය හැටිත් ඔයා දවසක දැන ගනි.මම වැරදි කාරයෙක් නෙවේ සමහර සිද්ධි නිසා මට මෙහෙම උනා කියලා තමා"A" කිව්වේ. 

අපි ආයේ පටන් ගමු අපිට ආදරෙන් ඉස්සරහට යන්න ඉතින් මම ඔයාට ආදරෙයි මගේ ලස්සන ළමයෝ




Wednesday, November 27, 2019

120.බඩ තඩි රාස්සයා

ආදරණීය ෆියෝනා....
                          මේ ලිපිය ඔයාට ලැබෙද්දිත් මගේ ජීවිතේ ගොඩක් දේවල් මම වෙනස් කරන් තියෙයි.සමහර විට ආයේ නොඑන්නම මගේ බුරුවා එක්ක මම මේ කැලෑවෙන් ඔයාලගේ ජීවිත වලින් ගිහින් තියෙයි.
                   දන්නවද ෆියෝනා තට්ට තනියම කැලේ මැද ගෙයක් හදන් ඉන්නවා කියන්නේ ලේසි වැඩක් නෙවේ.ඒත් ඒ සතුට සැනසීම මට හරියට වටිනාකමක් ජීවිතේට එකතු කරා. මතකද මම ඔයාට දවසක් කිව්වා මගේ ජීවිත කතාව,නපුරු මිනිස්සු මගේ ජීවිතේ අවුල් කරපු හැටි ..මම වැටුන හැටි....ඉබේම නැගිට්ටුන හැටි......මම කවදාවත් ප්‍රශ්ණ වලින් පැනලා ගියේ නෑ ඒවා එක්කම හිත රිදෙන්න ,රිදෙන්න උන් හැටි....මම වැටුනම නැගිටින්න දන්නේ නැති හැටි.... හ්ම්ම්ම්ම්...
                        ඔහොම කාලය ගෙවිගෙන යනකොට මට ඔය පිස්සු මළ විකාර බුරුවා අහම්බෙන් හම්බුනා.ඌට මගේ පස්සෙන් එන්න එපා කියනකොට ඌ මගේ ගෙදර මගේ හොදම යාළුවා වෙලා නැවතුනා ඌගේ කට හොද නෑ තමා ඒත් ඌගේ හිත හොදයි...
            ඉතිං ඔයා හැමදාම කිව්වා වගේ බඩ තඩි කැත රාස්සයෙක්ට ආදරය ගැන හිතන එකත් මහා විහිළුවක් ඒත් එකම,එක දවසක් මගේ හිත ගිය කෙනෙක් මට හම්බුනා...දන්නෙම නැතුව කාලය එක්ක අපි ආදරෙන් බැඳුනා...කැත රාස්සයෙක් ලස්සන කුමාරිකාවට ආදරෙයි කියලා හිතෙනකොට මට බය හිතුනා ඒත් ඒ කුමාරිකාව මට ගොඩක් ආදරේ කරා. මම රාස්සයෙක් බව අමතක වෙන්නම.
                             අපි ඒ දවස් වල ගොඩක් ආදරෙන් කාලය ගත කලා...හීනම,මේ මහා කැලේ ගස් වල තිබ්බ කොල පාට කොළ ගානටම එකතු කලා... ලස්සන ගෙයක්, පැටව් රොත්තක් එක්ක ජිවිත කාලෙම හැරමිටියෙන් යද්දිත් එකට ඉන්නවා කියලා හීන පිට හීන මැව්වා, ඒත් ඒ හැමදේම කඩාගෙන වැටෙන්න වැඩි කාලයක් ගියේ නෑ.....කුමාරිකාව ව මාළිගාවෙන් සදහටම මගෙන් වෙන් කරන් අරන් ගියා....ඒත් මම මොනා කරන්නද මම කැත බඩ තඩි රාස්සයෙක් ඇහේ කඳුලක් නලියලා වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දී කුමාරිකාව ඈත ගස් අතරින් නොපෙනි ගියා...ෆියෝනා ඔයා හිතනවද මම හිත හදා ගත්තා කියලා.....නෑ මම නොමැරි මැරුනා.
                       ඉතින් දන්නවද ෆියෝනා එදා මම කැලේ දෙවනත් වෙන්න ඇඬුවා,ජීවිතේ නැති කර ගන්න හැදුවා ඔහේ දවස් ගණන් වැටුන,වැටුන තැන නිදි වැරුවා මට ඇත්තටම ආත්මශක්තියක් තිබ්බේ නෑ නගරෙට ගිහින් මාළිගාවෙන් ගේම ඉල්ලලා කුමාරිකාවගේ අත පතන්න මොකද මම කැත බඩ තඩි රාස්සයෙක් නිසා...
                  ඒත් මම මගේ හිතට හයිය අරන් වෙස් වලාගෙන  බුරුවා එක්ක නගරෙට ආවා නගරයම හරි ලස්සන සකුරා මල් වලින් හැඩ ගැන්විලා....හැම මනුස්සයෙක්ම අලුත් ඇඳුම් වලින් සැරසිලා උන්නා..ඒත් මාළිගාව උඩ මහා මූසල අඳුරු වළාකුලක් නැවතිලා තිබුනා.එතකොට ලග පාත මිනිස්සු කිව්වා ඇහුනා නපුරු මන්තරකාරියක් මාළිගාව අල්ලගෙන කියලා. මම තව කිට්ටු වෙලා බැලුවම මාළිගාවේ සඳළුතලේ මම ආදරේ කරපු කුමාරි ...දෙයියනේ ....ඒ අර මායාකාරි ......ඒකී මාව රවට්ටලා කියලා දැනෙද්දී , මුළු මාළිගයම කුඩු පට්ටම් කරලා දාන්න හිතුනා.ඒත් හිතේ තිබ්බ ආදරේ තරම නිසා මට කිසිම දෙයක් හිතා ගන්න බැරි උනා.මගේ කකුල් පණ නැති වේගෙන එද්දී බුරුවා මාව වාරු කරන් වීදියේ කොනකට එක්ක ආවා...එතන ඉදන් මේ විස්තරේ මම ඔයාට ලියනවා.
            දන්නවද ෆියෝනා ඒ නපුරු මායාකාරි මගේ ජීවිතේටම සාපයක් විදිහට ආදරේ හිතේ තැම්පත් කරලා යන්නම ගියා. මම ඒ ආදරේ නිසා නොමැරි මැරෙනවා දැන්...මට සමාවෙන්න මට ඇත්ත ෆියෝනා අදුර ගන්න බැරි උනා...අර නපුරු මායාකාරිත් ෆියෝනා කියලම මට ඒත්තු ගන්වලා තිබ්බේ.... ඒත් මම කරේ ආදරේ කරන එක විතරමයි... දැන් අපි සේරමල්ලා පරක්කූ වැඩී ෆියෝනා....මේ මතක වේදනා අමතක වෙනකම් මම බුරුවා එක්ක පාරක්,පාරක් ගානේ ඇවිද ඇවිද ඔහේ ජීවත් වෙනවා.මට ආයේ කැලේට එන්න බෑ..
          ඉතින් ෆියෝනා ඔයාගේ ගිණි මකරිට  මගේ බුරු මිත්‍රයා මනාප බව කියන්න ...අපි මේ සංසාරේ කොහේ හරි හමුවෙයි.එතකම්  නවතිමි.
     
                                         මීට
                                  ඔයාගේ බඩ තඩි කැත රාස්සයා
                                             ශ්රේක්

Thursday, August 15, 2019

119.ඌරා vs කිඹුලී (සතා කාපු හැටි)

   
  මොකක් සතා ....ඔව් මේ ටිකේ ඉතින් කිඹුලී අලුත් ඇබ්බැහියකට අහු වෙලා ඩයට් කරන ගමන් දවසක් බුකියේ අමුතු ගෲප් එකකට කිඹුලී ඇඩ් උනා....පොඩ්ඩක් විපරන් කරලා බලද්දී ඒකේ නම තිබ්බේ "ලංකා ඌරුමස් සංසදය "කියලා...කිඹුලි ඌරු මස් වලට මනාපයක් නැති උනේ අබුන් කන කාලේ ඉදන්ම ය. ඌරු මස් කන්න කවුරු කොහොම බල කරත් මගේ බල්ලවත් ඌරුමස් කන්නේ නෑ කියන ලයින් එකේ අවුරුදු 31 යි මාස එකොලහක් කිඹුලි ඒකමතික තීරනයක හිටියත් ඊයේ පෙරෙදා ඇඩ් වෙච්ච ලංකා ඌරු මස් සංසදය කිඹුලීගේ දැහැන සුනු විසුනු වන ලෙස ගමේ ඌරා,වල් සතා මස් කිය,කිය රෙසපි එක්ක පින්තූර දාන්න ගත්තයින් හැමදේම වෙනස් උනා
             "ඇයි අනේ ඌරු මස් නොකන්නේ?" කොච්චර රසද බලන්න කියලා හිතමිත්‍රාදි කියද්දී කිඹුලීට කියන්න තිබ්බේ අතීතයේ මහා කෲර කතාවක් පමණයි...ඒ තමා කිඹුලි එතකොට හතර වසරය එදා අපියි නෑදෑ පවුලුයි ට්‍රිප් එකක්  ගිහින් ගෙදර එද්දී රෑ උනා  අම්මයි පුංච කෙනෙකුයි එදා රෑ කෑම  උයන්න ගත්තා මට ඔහොම්ම වැටිච්ච තැන නින්ද ගියා...හීනෙන් වගේ කවුරු හරි මට මේ කුකුල් මස් උයලා තියෙන්නේ කියලා බත් කැව්වා රසයි මාත් කෑවා...හැබැයි ඒ බත් කවපු එකා කවලා තිබ්බේ ඌරුමස් එදා පන්දර බඩේ කැක්කුමක් ඇවිත් යස අගේට කොමඩ් එකක් උඩම මට එළි වෙනකම් ඉන්න උනා අන්න ඔය අද්දැකීම නිසා මම මගේ ජීවිතේට ඌරු මස් කටේ තියන් නෑ කියලා දැඩි තීරණේක උන්නා...සතා කෑවා වගේ නෙවේ බඩේ කැක්කුම ආවම මහා අන්ත්‍ර,කුඩා අන්‍ත්‍ර එක්ක ගැටෙද්දී ජීවත් වෙලා ඉද්දිම පණ යන මගේ බඩේ අමාරුවට මම පට්ට බය උන අහිංසක කිඹුලියෙක්මි.
        කාලයත් එක්ක මේ ඌරුමස් සංසදය සතා කන්න මෝටිවේට් කරන ගෲප් එකක් උනා...ඔය අතර මම ගෲප් එකට ඇඩ් කරපු අහිංසක මගේ යාළුවෙකුත් සතා කාලා බඩ උස්සන්න බැරුව 1990  ඇම්බියුලස් කතා කරන්න තරම්  අපි සතාට ඇබ්බැහි උනා...දැන් ඒකී මගේ ඌරු බොක්කක්, වල් ඌරා කිය කිය බනින ගමන් ඌරු තෙල් මතුරලා සාප කරනවා මේ සංසදේට ඇබ්බැහි උනේ මම නිසා කියලා... ඒ විතරක් නෙවේ දකින දකින ඌරූ වීඩියෝ ඌරු පින්තූර අපි අතර බෙදා ගන්නේ හද පිරි මෙව්වා එකෙන් බවද මතක් කල යුතුය.
           මීගමුව සිට හලාවත වෙනකම් ඉරිදකට විශේෂ පාටියකට ඌරූ මස් උයන්නේ නැත්තම් වැඩකුත් නෑ කියන මතේ තමා හැමෝම ඉන්නේ ඉරිදට ලංකාවේ ඉන්න කාලේ අපේ අම්මා හදන ඌරු කරිය රස කර,කර ගෙදර අය නෑදෑ හිතමිත්‍ර ආදීන් අනේක වාරයක් කොටාබානවා දැකලා තිබුනත් මම ඇහැක් ඇරලවත් නොබලපු එක ගැන මට ඇත්තේ හද පිරි මෙව්වා එකය. දැනට ඌරූ ඩෙවල් තමා වැඩියෙන්ම රස දැනුනේ ...
           ඒ එක්කම මතක් උනේ අපේ සීයා දඩයමේ ගියාලු ඉස්සර ඉතින් එයා ආසාවෙන් ගෙදර ඌරෝ,එළුවෝ,හරක්, හාවෝ,කුකුල්ලූ ඇති කලා...ඒ එක්කම පොඩිම කාලයේ මතකයක් තියේ ඌරෝ කප්පාදු කරනවා ඒ පැත්තට යන්න එපා කියලා ලොකු අම්මා කියනවා...ඒ මොකක්ද කියන්න නම් දැනන් උන්නේ නෑ...අදටත් දන්නෙත් නෑ...දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න...
          ඇත්තටම ඌරෙක්ට ඌරෙක් හම්බෙන පෝක් සමුද්‍ර සන්ධියේදි ඒ ඌරා මේ ඌරගේ ඌරු බොක්ක උනා වගේ ඌරු ජුවල් නැතුව ජීවත් වෙන්න ඌරු මස් තෙල් නැතුව කන්න කොලොස්ටරෝල් තැපෑලෙන් නැත්තම් එන්නේ...

ලංකා ඌරූ මස් සංසදය  <~සංසදයට එකතු වෙන්න<---- br="">

Thursday, July 18, 2019

118. අතීත කතා බිඳ දැමීම


          සංසාරගත කතා අතර මම,නුඹ අපි මුණගැහීම, මම අදහමි.ඒ අන්ධ භක්තිමත් බව ජීවිතය පවා අතැර යෑමට තරම් වේදනාවක් බව පසක් කරමි...ජීවිතය කුමක් දැයි කීමට මම නොදනිමි...මුල සිටම මුලට අකටයුතුකම් උවහොත් ගසක් උඳුරා බිම වැටෙන බව මම දනිමි.ඉතින් මම උඳුරා බිම පතිත වූ අතීත කතා සිහි කරමි...
         ප්‍රථම පතිත වීම පොඩි කෙල්ලක්ව සිටියදී නපුරු හීනයක් සේ මට අදටත් මතකය.ඒ අන්ධකාර මූසල රාත්‍රිය අදටත් ආත්මය දවාලන වේදනාවක් යැයි මම ලියමි. අතරින් පතර ගස් වල කොල අතරට වැටුන ගල් කැට වන් වතුර බිංදු වල ශබ්දයට මූසලය,මම අදටත් අකැමැතිය.සුසුම පවා සිර වී හදවත මොහොතකට නවතා හිසෙහි කේශ නාලිකා හිර වැටි ගිය හැටිද හොඳටම මතකය.ඉතින් මම ලෝකයටම රහසින් වැටුනී....
       පුංචි ගස් වැටුනම නැවත සිටවා පිලිසකර කරලීමට හැකි බව මම එවකට තනිව උගතිමි.මම සෙනෙහස සොය සොයා බොහෝ කාලයක් ගිලන් වී සිටියෙමි.කාලය කඟවේනුකු සේ ගෙවි ගිය පසුත් මට,මගේ ,මට යැයි කිසිත් අරුතක් නැති තැනක ...ජීවිතය සොයා දුන් ඒ තරු ඇස් තවත් කලකට පසු මා දෙවෙනි වරටත් ගසක් සේ බිමට ඇඳ දමා මියැදෙන්නට හැර අතැර ගියෙමි....කරුමය මෙසේ ලියැවී තිබීමද පුදුමයකි... එවිට මම සියළු දේ ඇතැර නික්මුනි .... මුහුදු හුළගක් නැති... සමකාසන්න රටෙන් නික්ම යෑම ඒ මොහොතේ දරුණුවට අවැසි වූ මොහොතකි..ඉතින් මම නැවත වෙන නිජි බිමක් තෝරා..වාසනාවක් යැයි සිතා පැල පදියම් වුනී...එහෙත් ඒ වෙනස් වූ සෘතු වලට මූණ දීම කොතරම් දුශ්කර වූවාදැයි කීමට නොහැකි තරම් වෙහෙසකර දවස් වල මහා රූස්ස ගසක් ලෙස මම නොසැලි සිට ගතිමි.මානසික පීඩනය ගෙන දීපිකා ප්‍රියදර්ශනීගේ ගීතයක අතුරා හිත තවා ගත්තෙමි.
         ඉතකින් ජීවිතේ පුංචිම අබ මල් රේණුවක් තරම් දෙයකින් පවා සතුට සොයා හිනාව  මුණ පුරා මවා ගැන්ම මට දුෂ්කර නොවුනි.එසේ සිටීම.ජීවිතය යැයි සිතීමට මම මාවම පුරුදු කර ගතිමි.ඉතින් ජීවිතේ එසේද බොහෝ කල් ගත වුනී...
         සංසාරය පුරා සෙනෙහසින් ගිලන් වූ මනුස්ස ආත්මයකට එක සෙනෙහස් අංශුවක් මහාමෙරක් තරම් වටින බව මා හොදහැටි දන්නා කරුණකි.ඉතින් මම තුන්වෙනි වැටීමට දෙඅත් විහිඳුවා ආරාධනා කලෙමි...ඒ ජීවිතේ ගෙවී ගිය සුන්දරම දවස්‍ ය. කිසිවෙක් ,කිසි විටක ලබා නොදුන් සෙනෙහසකින් උදම්ව උන් කාලයක් ය. ජීවිතය මෙසේ පිටු පෙරලී අනන්ත විශ්වාසයන් මැද එකම එක හේමන්තයක අතීතය නැවත රිපීට් වී මා රූස්ස ගසක් සේ වසන්තය මඟ හැරි බිම ඇද වැටුනී.කිසි විට කිසි දා යලිඳු නැගිටීම'ම හීනයක් වන තරමටම මම ඇද වැටුනි.

ඉතින් මම පසක් කරමි..ප්‍රේමය,ස්නේහය සදාකාලික නැති නම්....මේ වැටීම සදාකාලික නැත..මේ වේදනා සදාකාලික නැත.....මේ හිස් බව සදාකාලික නැත.....එහෙත් පෙර ලෙස රූස්ස ගසක් සේ සිට ගැනීමට හයියක් නැත.
 ඉතින් සියළු දේ අතැර නික්ම යමි...
සංසාරගත කතා මෙසේ නිමා විය හැකි.. .
සතුට ගෙන ආ සියල්ලෝ සතුට රැගෙන යති...
විශ්වාසය අනන්තව තබා විශ්වාසය බිඳ දැමු පසු, මා දැන් මා පමණක් විශ්වාස කරමි....

මේ සියළු වේදනා වලින් පසුවත්....වෛර නොකරමි...එහෙව් තැනක වියරු පලිගැනීම් නැත....උපේක්ෂා සහගතව දරා නික්ම යමි.

 පුංචිම,පුංචී හිනාවක් වෙනුවෙන් මම තවම ජීවත් වෙමි..

Wednesday, July 10, 2019

117. අරලිය මතක

අරලිය සුවඳ කොච්චර අතීතෙට ගෙනියනවද කියනවා නම් හරියටම මම ඒ දවස් වල පෙරපාසල් යන පොඩි එකෙක්...පෙරපාසලට ඊසාන දිශාවෙන් තිබ්බේ ගමේ සොහොන ඉතින් ඊසාන  දිගින් හමපු හැම හුළන් රොදකම තිබ්බේ මිනිමල් සුවඳ ඒ කානේෂන් මල් සුවඳද කියලා හරියටම තහවුරුවක් කර ගත්තේ අපේ ගෙදරට දවසක් ගෙනාපු අමු කානේෂන් මල් කලඹෙන්...ඒ මිනිමල් සුවඳ අස්සේ අරලිය මල් සුවඳක් එතිලා ආවේ සොහොනේ තිබ්බ විශාල අරලිය ගහ නිසා.....සොහොන මූසලයි ඒත් අරලිය ගහ නිසා සොහොන ලස්සනට පෙනුන එකම ජීවියා මම වෙන්න ඇති...පොඩි,පොඩි පස් කඳු ලඟ දිස් වෙන නාම පුවරු උපත විපත සඳහන් කරලා තියෙද්දී මට හිතුනෙම....උපතයි විපතයි සඳහන් කරන්න පුළුවන් නම් ඇයි බැරි නැවත ඉපදීම සඳහන් කරන්න කියලයි ඒ ගැන නම් මම මෑතක් වෙනකම් හිටියේ තරහින්.....

මම පොඩි කාලේ ගිය ගමේ ඉස්කෝලේ අරලිය ගස් හතරක්,පහක් විතර තිබුනා..මම දැකලා තිබ්බා ගෑණූ ළමයි අරලිය මල් උස තුත්තිරි ගස් වල අමුනලා මාල වළලු හදනවා.ඒත් මතක ඇති කාලෙක අරලිය ගහකට නැග්ගා මිසක් කවදාවත් මල් අමුණන්න මට උවමනාවක් තිබ්බේ නෑ..ඒ ඇයි කියන්න මම දැනන් උන්නෙත් නෑ...හැබැයි එක,දෙක වසර වලදි පන්තියේ හිටපු අනිත් පිරිමි ළමයි එක්ක කුරු වෙලා වැඩුන අරලිය ගහක නැගලා ටාසන් වගෙර් අත්තෙන් අත්තට පැන්නා ඒත් සුදු ගව්මක් ඇඳන් එහෙම පැන්නේ කොහොමද කියන්න මට මතක නෑ....

මගේ දෙවෙනි ඉස්කෝලේ අල්ලපු ගමේ තිබ්බේ ඒකෙත් අරලිය මල් ගස් තිබුනට මට ඒ වෙනකොට අරලිය මල් සහ ගස් එපා වෙලා තිබ්බා ඇත්තටම මම දුකින් උන්නේ .....මගේ පරණ ඉස්කෝලේ දාලා එන්න උනාට...ඒත් මාස තුනකින් බාලිකාවකට යන්න උනා...එතකොට හය වසර පැත්තේ තිබ්බ අරලිය ගස් වල ,කැන්ටිම ලඟ තිබ්බ අරලිය ගස් වල මල් සුවඳ මට ටික,ටික දැනෙන්න. ගත්තා...අපිට බ්‍රහස්පතින්දා දවසට භාවනා තියෙනවා මොකක්ම හරි ටොපික් එකකින් දවසක්  මේ සින්දුව ,

බෝධියේ විහාරයේ
පිදූ පියුම් වැනි වූ
බාලිකා ලොව මැලවුන දා
මුළු ලොවටම රෑ වෙනවා //

මල් පොහොට්ටු මා හදේ
සුරංගනා පොකුණේ
මල් වරම් ලැබ පිපෙන තුරා
ඔබ නටුවෙන් බිඳිනු එපා

බෝධියේ විහාරයේ...

ජීවිතේ කියා හඬින්
සිනා සිසී හිදිනා
ඒ සිනා මා බොළඳ නෙතේ
උණු කදුළක් කරනු එපා

බෝධියේ විහාරයේ... //

ගායනය: විශාරද නීලා වික්‍රමසිංහ

කියලා භාවනාව පටන් ගත්තා...මට මේ සින්දුව අදටත් ඇහෙද්දී මොකද මන්දා මතක් වෙන්නෙම අරලිය මල්.
අපේ ඉස්කෝලේ උදේ රැස්වීම තිබ්බේ පත මාර ගස් තිබ්බ තෙරේසියන් ගාර්ඩන් එකේ....මුළු තෙරේසියන් ගාර්ඩන් එකම මැයි මල් සුවඳ එක්ක පොපියද්දී මට දැනුනේ කැන්ටිම ඉස්සරහ අරලිය මල් සුවඳ විතරමක් කිව්වොත් දන්න එකෙක් කියයි "උබට පිස්සු" කියලා...මොකද ඉස්කෝලේ බාගෙට ,බාගයක් හෙවන දුන්නේ මල් වැස්සෙව්වේ මැයි,මාර ගස් නිසා....


ඇත්තටම අරලිය? හ්ම්ම්...
අරලිය කියන්නේ මරණයේ සුවඳ විහිදන මලක්...ජීවිතේ රීෆ්‍රෙෂ් වෙලා අතීතෙට ඇඳගෙන ගිහින් මතක අස්සේ ගෙනියලා අත අරින මලක්....අහේතුකාරකව දුක හිත්තවන සුවඳක්.....මේ වෙනකොට අරලිය කියන්නේ හිත හික්මීමක් ඇති කරවන සුවඳක්

එහෙම ජීවිතේ මතක සුවඳ තියෙනවා අපිට හිනාවක් ගේන රිද්දන ඒ මොහොත එපා කරවන....
මේ මොහොතේ මම ඉන්නේ අරලිය සුවඳ එක්ක...අහේතුකාරකව සතුටින්...

මට තාම මේ සුවඳ විලවුන් එක හම්බෙලා නෑ....හොයා ගන්න ඕනේ..


Monday, July 8, 2019

116.කට හඬ බල්ලෝ කෑවා වගේ

      මගේ හඬ එක්ක මගේ අතීතේ බොහොම කුජීත මතක වලින් පිරුන එකකි...සින්දු කියන්න ගොස් නාගත් සීන් එක මම මීට පෙර ලියා ඇත..ඒත් මොන බාධකේ ආවත් අපි ආස දේ එපෑ කරන්න...ඇත්තටම මගේ කටහඬ බල්ලෝ කෑවා වගේ උනාට කිසිම ස්ටූඩියෝ එකක ෆිල්ටරින් එකක් නොකර හඬ වෙනස් කර ගන්න පුළුවන් වීම ගැන නම් නොපෙනෙන බලවේග වලට ස්තූතී කරන්න ඕනේ...
     වචන ටිකක් ලියන් ඒක දහ පාරට වඩා රෙකෝඩ් කරගෙන හොදම තත්වයෙන් රෙකෝඩ් කර ගන්නවා කියන්නේ අවුරුදු දෙකයි මාස 2 ක පොඩි එකෙක් ඉන්න ගෙදරක ලොකු දෙයක් නේද ? ගොඩක් වෙලේට පොඩ්ඩා නිදා ගන්න වෙලේට රෙකෝඩ් කරන වැඩේ තියා ගන්නවා...රෑට පොඩ්ඩා නිදා ගත්තම සවුන්ඩ් බැලන්ස් කරලා එඩිට් කරනවා...හිත ඇත්නම් පත කුඩාද කියන්නේ මේ වගේ දේවල් වලට වෙන්න ඇති....
   මගේ ජීවිතේ මට ලැබෙනවා නම් ආසම රැකියා දෙකක් තමා එකක් මේ එඩිටින් වැඩ දෙවෙනි එක තමා ඩ්‍රයිවින් ජොබ් එක....ඩ්‍රයිවින් ජොබ් එක ගැන පසුවට ලියන්නම්
      ඇත්තටම ලැප් එකක් ගන්න උවමනාව තියෙනවා ඒත් මම කැමති ඔප්ෂන් තියෙන ලැප් එක ටිකක් මිල අධිකයි ඒ නිසා පොඩ්ඩක් බ්‍රේක් කරන් ඉන්නවා ඒ උනාට iphone XR කියන්නෙත් ලැප් එකකට දෙවෙනි නැති ෆෝන් එකක්. මේ වොයිස් වැඩේ අතර තුර දීපිකා ප්‍රියදර්ශනී මහත්මියගේ ඉල්ලීම පරිදී ප්‍රේක්ෂකයෝ අතරට නොගිය සින්දු හොයන්...විශුවල් දාලා ඉදලා හිටලා සින්දුවක් දෙකක් එඩිට් කරනවා...


මේ කිසිම දේකට මට සත පහක් ලැබෙන්නේ නෑ ඒත් මම ලබන ආත්මතෘප්තිය කියලා නිම කරන්න බෑ...සල්ලී වලට ගන්න බැරි හිතේ නිවීමම මේ දේවල් වලින් ලැබෙනවා ..පොඩි ආඩම්බරේකින් මේ සටහන තියන්නේ කවදා හරි පුතා දැන ගනී අම්මා මොනාද කලේ කියලා මේවා ලොකු මතක සටහන් තව අවුරුදු ගානකින්...

පහලින් මම කරපු වොයිස් විඩියෝ තියෙනවා බලන්න....
Youtube වීඩියෝ බලන්න

Wednesday, June 26, 2019

115.නමක් නැති කතාවක්

වේලාව පාන්දර 02.00යි කවුරුත් good morning කියනකම් නෙවේ බලන් ඉන්නේ...නින්ද යන්නේ නැති නිසා....නින්ද යන්නේ නැත්තේ මොකුත් නිසා නෙවේ හවසට කන පැලෙන්න නිදන නිසා...

ජීවිතේ හරි පුදුමයි.....ඊයේ හඳ පෙනිච්ච ජැනේලේ ලගම තමා අදත්....

ෆෝන් එකේ මැසේජ් බැලුවා...


"එයා ගියදෙන් මැණිකෙ 
ඉන්න ආපු කෙනෙක් නම් මේ කියවද්දිත්  ඔහේ එක්ක ඇති. 
මෙතන මේ වෙලාවෙ එයා ඔහෙ එක්ක ඔහෙ වෙනුවෙන් නෑ කියන්නෙ එයා ඉන්න ඇවිල්ල නෑ"

මේක කොයි කාලේ ආව  එකක්ද කියලා මම ලියන් නෑ ඒත් මේක මැසේජ් එකක් හොඳම යාළුවෙක් එව්ව....

මම හිතන් යන්නේ මෙච්චරයි.....
        මිනිස්සු හම්බ කර ගන්නවා කියලා අපි හොඳ නරක මිනිස්සු දෙගොල්ලම හම්බ කර ගන්නවා...හරියට හුරුල්ලෝ අල්ලන්න දැල දැම්මම සූඩයෝ සාලයෝ ඒ දැලේම පැටලිලා එනවා වගේ..... මිනිස්සු කාලා බලලා කියන්න බෑ ආශ්‍රය කරලා බලන්නම ඕනේ.....

"එයා පොරොන්දු කඩලා ජීවිතේ  හදා ගන්නව නම්,මම දුන්න පොරොන්දු අමතක කරලා මම ඉස්සරහට යන එක වැරදිද"

ඒ මම දේවාලෙකට (ඌ යාළුවෙක් ඈ) යැව්ව මැසේජ් එකක්...

"පොරොන්දු නම් මොනාද බං,මෛත්‍රීපාලත් දුන්නේ "කිව්වා...

සේරම ඉවර උනේ එහෙම....

ආ අමතක උනා .....

ඊට කලින් තව දෙයක් 

මට කට පුරා පණ කිව්ව කටින් එයා තව කෙනෙක්ට පණ කිව්වා මේ ඇස් දෙකෙන් එහෙම දෙයක් දැක්කට පස්සෙ තමා

සේරම ඉවර උනේ.....
විශ්වාසය බිඳුනෙත් එතන.....
හිත කැඬුනෙත් එතන....

මම ඒ හැම අතීත කතාවකටම ණය ගැතී....

ඇස් පෑදුවට....

මම දැනුවත්ව වැරදි කරන් නෑ සාමාන්‍යයෙන් ....මම එයාට සමාව දීලා ලඟට ගන්න හදපු හැම වෙලේම එයා කොලේ වහලා කරපු හැම බොරුවක් ඉස්මතු උනා...මගේ විශ්වාසේ කඩලා තව කෙනෙක්ගේ විශ්වාසේ රකින්න හදනවයි කියන එක විහිළුවක්...


මේ සමාජයේ ගොඩක්ම සිද්ධාර්ථ වගේ රඟපෑවට සිද්ධාර්ත වගේ වෙන්න බෑ....යශෝදරාලා වගේ ලෝකෙට පේන්න ඇක්ට් එක දීලා පත්තිනි සළු පොරෝ ගත්තට යට සායේ තුත්තිරි හංගන්නත් බෑ...


------------------------------------------------------------------------

මම මේ මොහොතේ සතුටින්ම ඉන්න ජීවියා වෙලා ඉන්නේ ....වෙච්ච කෙරිච්ච කිසි දේකට කාටත් වෛර කරන්නේවත්,තරහ ගන්නේවත් නැති නිසා....කාලය හැමදේටම තිබ්බ නම් බැඳීම් වෙනස් කරනවා...එයාට නැති උනේ මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරන කෙනෙක් මට නැති උනේ මට ඕනම වෙලේ ආදරේ කියලා ඔප්පු කරන්නවත් බැරි තමන්ගේ සතුට වෙනුවෙන් මගේ අහිංසක හීන කඩලා බිඳලා දැම්ම...මගේ හැඟිම් තුට්ටු දෙකට දාලා ජීවිතේ නැති කර ගන්න තැනට ඇඳලා දාපු...මානසික පීඩනයක් දුන්න...හිස් චරිතයක්....

අවසානයෙන් ලියමි....
     ආදරේ කරන කාලේ අවංකව එයා ආදරේ කලා...ඒත් අවස්තාව  ආවම එයාගේ ජීවිතේ හදා ගන්න එයා ගියා...මගේ ජීවිතේ පයට පෑගෙන දූවිල්ලකට දාලා... මම තාම දන්නේ නැත්තේ ඇයි එහෙම කලේ මට කියලා විතරයි...

"මිනිස්සුන්ගේ හැඟීම් එක්ක සෙල්ලම් කලාම ඒ මිනිස්සුන්ගේ සුන්දරකම් ආත්මය එක්කම විනාශ වෙනවා...ඒක මතක තියාගෙන ජීවත් වෙන්න "

Sunday, June 23, 2019

114.හීන වලට පණ දෙමින්


   ජීවිතේ ආසම හීන  ලං කර ගන්න පුලුවන් උනේ උනන්දුව උත්සහය නිසා කියල මට හිතෙනවා..අවුරුදු 14 දී මම හිතුවා කෝම හරි 18සම්පුර්ණ වෙද්දී ඩ්‍රයිවින් ලයිසන් ගන්නවා කියලා ඉතින් o/L කරලා ගෙදර ඉන්න කාලේ මම කලේ ලර්නස් ගිය එකයි ග්‍රැෆික් ඩිසයින කෙනෙක් වෙන්න හිතාන කම්පියුටර් ක්ලාස් ගිය එකයි විතරයි... ලයිසන් එක නම් හිතපු විදිහට අවුරුදු 18යි සතියක් වෙද්දී ගන්න පුළුවන් උනා...

ඒත් ග්‍රැෆික් සයිඩ් එකේ ඉස්සරහට යන්න බැරි උනේ ලංකාවෙන් මුහුදු හතක් පනින්න උන නිසයි...ඒත් මම කවදාවත් ඉගෙන ගන්න එක අතැරියේ නෑ මුල් කාලේ පොඩි පොඩි මුදල් ගෙවලා youtube එකේ නැති එඩිටින් ටූල්ස් ගැන වීඩියෝස්   අධයනයක් කලා...ඒ අතර විඩියෝ එඩිටින් පැත්තක් ටිකක්  උනන්දුවෙන් ඉගෙන ගත්තා..නොදන්න දේවල් facebook  එකේ ග්‍රැෆික් කරන අයගෙන් අහ ගත්තා...

ඔහොම කාලය ගෙවිගෙන යනකොට මට පැය 13 ක් විතර වැඩ කරන්න ජොබ් එකක් ලැබෙනවා 2008 වගේ ඊට පස්සේ අර ආසාවෙන් කරපු සේරම අතැරිගෙන යනවා...ඒ හීන සේරම තාවකාලිකව පැත්තකට තියලා මම  අවුරුදු 10 විතර කට්ටක් කනවා ජීවිතේ හොඳම කාලේ ජීවත් වෙන්න මනුස්සයෙක්ට ඕන කරන හැමදේම සම්පුර්ණ කර ගන්න මහන්සි වෙලා ගිය අවුරුද්ද වෙද්දී මගේ ටාගට් සේරම සම්පුර්ණ වෙනවා...

ඉතින් මේ දැන්  ගෙවෙන්නේ ජීවිතේ හොඳම කාලය කියලා හිතෙනවා...ආයෙමත් අතැරුන හීන අල්ලන්න කාලය ඇවිත්...ජීවිතේ ආයෙමත් හීන හැබෑ කර ගන්න අවස්ථාවක් ඇවිත්...මම ආයේ ෆ්‍රැෆික් ගැන ඉගෙන ගන්න ගත්තා ....ඒ වගේම විඩියෝ එඩිටින් කරනවා....හැබැයි මගේ ලැප මලගම් ගියාට පස්සේ අයිපෑඩ් එකයි හබීතුමා ගිය දෙසැම්බර් තෑගි දුන්න ඇපල් xr එකයි තියෙන්නේ.....ඉතින් මම xr එකෙන් මගේ වැඩ කරන්න පටන් ගත්තා....වැඩේ හිතුවට වඩා සාර්ථකයි....

මම 'ම ලියලා...මම'ම වොයිස් රෙකෝඩ් කරලා....එඩිට් කරනවා කියන සතුට කියලා නිම කරන්න බෑ....
මම කරපු පොඩි වැඩ ටිකකුත් දාන්නම් බලන්න...ජීවිතේ හීන හැබෑ කර ගන්න පුළුවන් හරි කාලය අදුන ගැනීමයි වැදගත්....මැරෙන්න කලින් පොතක් ලියන්න ඕනේ ඒකේ කවරේ මගේ අතින් හදන්න පොඩි පහේ හීනෙකුත් තියෙනවා...හැබෑ වෙයි කියලා හිතනවා...






පොඩ්ඩගේ බෞතීස්ම දවසේ මම හදපු  ආරාධනා පත්‍රය
හබිතුමාගේ බිස්නස් එකේ කටවුට් එකක්
පහල එඩිට් නම් rehabilitation hospital එකේ  වැඩ කරන යාළුවෙක්ගේ staff එකේ විශ්‍රාම ගිය දෙන්නෙක් වෙනුවෙන් හදපු ඒවා.... 



මේ සේරම වල විශේෂත්වය මේ සේරම ෆෝන් එකෙන් එඩිට් කරපු ෆොටෝ වීම.....හරි සීරුමාරුවට කරන්න ඕන නිසා සමහර පින්තූර දවස් 20 ක් විතර හෙමීට එඩිට් කරන්න ඕනා...එපා වෙන්නේ නෑ ආසාවෙන් කරන නිසා....

මේ අද කරපු අලුත්ම වැඩේ...හිතුන වචන ටිකක් ලියලා කරේ පැයකින්..ඉස්සරහට මීට වඩා හොදට කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා.




Thursday, June 20, 2019

113. කිඹුල් සින්දු

      අනේ මන්දා පොඩි කාලේ ඉදන් මට සින්දු කියන්න පුදුම ආසාවක් තිබ්බා ඒත් ඉතින් ටකරමකට ගල් ගහනවා වගේ යාන්තමට "රන්වන් පාටයි සමලලයා" කියන කාලේ ඉඳන් මට සින්ඳු කියන්න පුළුවන් උනාට ගායනා කරන්න බෑ...ඒත් අපේ අම්මගේ වොයිස් එක ඇන්ජලින් මහත්මිය වගේමයි...ඒත් ඉතින් පස්සේ කාලෙදී තයිරොයිඩ් ඔපරේෂන් එකෙන් ඒ හඬ වෙනස් උනා...ඒත් කොහොම හරි අම්මා සින්දු කියන එක අතැරියේ...ඒ අම්මගේ දුව වෙච්ච මමත් සින්දු කියන එක අතැරියේ නෑ...
       
        මේ සිද්දිය වෙන්නේ මම නවය වසරෙදි වගේ අපේ අම්මගේ යාළුවෙක්ගේ පුතෙක්ගේ වෙඩින් එකකට ගිහින් මට ස්ටේජ් එකට නැගලා සින්දුවක් කියන්න ෆුල් මෙව්වා එකක් ආවා..ඒ දවස් වල "kuch kuch hota hai" කියන ෆිල්ම් එකේ තුම්පාස ආයේ තමා කිව්වේ..අනේ කිසිම අතුරු ආබාධයක් නැතුව සින්දුව කියලා ස්ටේජ් එකෙනුත් බැහැලා ආවා...
ඊට පස්සේ දවසක මම ක්ලාස් යන සයිකලේ පැදගෙන පල්ලිය වත්ත ඉස්සරහ පාරෙන් යද්දී කොල්ලෝ කුරුට්ටෝ ටිකක් "තුම් පාස ආයේ...කියලා කෑ ගහනවා අන්න එදා තමා දැන ගත්තේ මම සින්දුව ලස්සනට ගායනා කරලා නෑ කියලා

      ඔන්න ඔය විදිහට අවුරුදක් දෙකක් යනකම් මම බොහෝම ඉවසීමෙන් තමා පාරක තොටක බැහැලා ගියේ...කොල්ලෝ කෑ ගහලා "තුම් පාස ආයේ ...කියද්දිම මම මට නෙවේ වගේ බොහොම දැහැමිව යන්න ඒ දවස් වල ඉවසීම ප්‍රගුණ කරමින් උන්නා....ඒ එක්කම මගේ හිතේ ලොකු අදිෂ්ඨානයක් ආවා කවදා හරි දවසක ලස්සනට සින්දු ගායනා කරන්න මොන විදිහට හරි පුරුදු වෙන්න ඕනේ කියලා.

   කලය ගෙවීගෙන ගියා දැන් අවුරුදු 18කට කලින් සිද්ධ වෙච්ච දෙයක් ...ඒත් ඉතින් අර හිතපු විදිහට smule එකේ යසට සින්දු ගායනා කරනවා මම..ඒ ගැන උන්න හැටියල මදෑ කියලා හිතෙන තරමට සාර්ථකයි කියලා මම හිතනවා.ඒක නම් පාළුවට කියපු සින්දු...හදිස්සියේ මට smule මග හැරිලා තිබිලා අද ඇප් එක දාගෙන ලොග් වෙන්න බැරි උනා ඉතින් අපි සැලෙනවද ආයේ අලුත් එකවුන්ට් එකක් හදන් සින්දු කිව්වා...2017 කිව්ව සින්දුවක් අමුනනවා... හෑන්ඩ් ෆ්‍රී ගහන් අහන්න එපා...දුවන්ඩ බලාගෙන හරි ෆෝන් එක ඕෆ් කරන්න බලාගෙන හරි අහන්න මොකද ඒ තරමට ඒ හඩ මිහිරි....
https://www.smule.com/p/710847535_1044514816
ප:ලී:
      මට දැන් හිතන්නේ ගමේ උන්ට පේන්ඩ මේ සින්දු ප්‍රසිද්ධකරන්න විදිහක්...:)

Wednesday, June 19, 2019

112. හදවත ගැහෙනවා නමුත් අත් හරිමි

හදවත ගැහෙනවාද ? ජීවත් විය යුතු නිසා සෙලවෙනවාදැයි මම නොදනිමි..මේ ගෙවි යන්නේ ජීවිතේ  අමාරුම සෘතුවය.සීතලත් නැති රස්නෙකුත් නැති කේඩෑරි කොල හැලිච්ච ගස් පවා නිය දත් විලිස්සන් මා දෙසම ඇස් යොමා ඔච්චම් කරන කාලයකි.කොටින්ම පරිසරයේ ස්වාභාවය මට කොලොප්පමට මෙන් සිටිනවායැයි මට සිතේ..ඇගේ නික්ම යෑම මේ තරම් ජීවිතය අඳුරු කරවන ජේදවාචලයක් වේ යැයි මම නොසිතුවෙමි...

ප්‍රේමය ගැන අබ මල් රේණුවක් තරම් උවමනාවක් නොමැති කලක හමු වී ජීවිතයම වී මෙලෙස ජීවියෙක් තවත් ජීවියෙක්ගෙන් සමු ගැනීම කෙතරම් වේදනාවක් දැයි මම දැන් දනිමි...ඒ සමු ගැනීම තවත් කෙනෙකු සමග ජීවිතය බෙදා ගැනීමට යැයි සිතිම ඊට වඩා වේදනාවකි...  නමුදු එකට ගමන් කල කාලය රන් සමානව පසක් කරමි... මේ මානසික    විඩාව මඟ හැරවා ගැනීමට සියළු දේ අතැර ඒමට වඩා හොද උත්තරයක් මට නොතිබුනී..

ඇය කොහේ හෝ සතුටින් සිටිය යුතුය..මා තුල තිබු එකම ප්‍රාර්ථනාව සැමදා එය විය.එසේ නම් මේ තරම් දුක් වීම ගැන මම තවම සිතය යුතු නැත.සැබෑ  ප්‍රේමය අනිකාගේ සතුට ගැන සිතීම නම් මා ඇයට ඇගේ සතුට දී ඇගේ නික්මයෑම දරා ගත යුතු නොවේද...විටෙම මම කවියෙක් වුනෙමි..විටෙක උන්මත්තකව ඇය පසු පස ගොස් අතැර යෑම පිළිබඳ හේතු අසා ජීවිතයම වූ ඇය මට නැවත අවැසි බව ආයාචනා කලෙමි. දැඩි නිහඩ තත්පර ඇතුලේ ඇයට තිබුනේ නිරුත්තර බවකි...ඇගේ නිරුත්තර බව ඇගේ හැසිරිම කිව යුතු සියළු දේ මට කියා තිබුනද ? මම ඒ පරාජය දරා ගැනීමට එවකට අපොහොසත් විය.ඉතින් ඈ පසු පසම ගොස් තව තවත් හිත රිද්දවාගෙනම සියල්ල අතැරෙන්නට දුන්නෙමි.

ඉතකින් දින,සති,මාස ගෙවි ගොස් ය. ඇය කෙසේ දැයි මම නොදනිමි...මා කෙසේ දැයි ඇය නොදන්නා බව දනිමි..සියල්ලම මෙසේ නිම වන විට ජීවිතේ ජය,පරාජය කෙබඳු වූවත් හෙට දවසේ පායන හිරුට අප මුහුණ දිය යුතුය..පුද්ගලයන්ගේ හොදට ඔහුන්ගෙන් පලා ආවද?ජීවිතයෙන් පලා යෑමට අපට නොහැක..එක පරිච්ඡේදයක අවසානයේ අලුත් පරිච්ඡේදයකින් අලුත් කතාවක් ලිවීමට අපට සිදු වේ...මතක ඇත්තේ අතීතයට ගොස් බලා ඒමට මිස අතීතයේ නැවතීමට නොවන බව මම දනිමි
 
      ඉතින් ජීවිතය සුන්දරය...නැවුම්‍ ය......  දැන් සරත් කාලය පැමිණ ඇත .ජීවත්ව ඉන්නා ටික කාලයේ සතුටින් දිවි ගෙවනු විනා ...දුක් වේදනා කුමට දැයි මම සිතමි...මම ආසම දෙවල් සමග උබ නැතුව ජීවත් වීමට පියවර තබමි...වෛරයක් නැති ප්‍රේමය පමණක් හිතේ ගැබුරක නිදන් කොට උබට සුබ අනාවක් පතමි!! මට වඩා සතුටින් ජීවත් විය යුතු යැයි සිතමි...

Thursday, June 13, 2019

111.තට්ට බෝනික්කා

     මගේ ජීවිතේ ඉන්න හැම කෙනෙක්ටම වගේ හැම දේකටම අහේතුකාරව ආදරය කරන එක බැඳෙන එක වෙලාවකට පුදුමයක්....මේ බෝනික්කට පුළුවන් මොකක්ද හේතුවක් නිසා මගේ හිත හිර කරවන්න ...අහේතුකාරව හිත රිද්දන් මම මූ දැකලා අඬපු දවස මට අද වගේ මතකයි...ඒත් එහෙම උනේ ඇයි කියන්න මම දන්නේ නෑ

  මම කියන්නේ සමහරු හිතන්නෙත් නැති තැන් වල පට්ට සංවේදි වෙන මනුස්සයෙක් කියලා මම දන්නවා.ඒත් මේ බෝනික්ක එක්ක තියෙන මොකක්දෝ වේදනාවක් මූ දකින දකින  සැරේට මාව රිද්දනවා...ඒක ගැඹුරු අහිමි වීමක්ද...අහිමි වීම් ගොඩක් එක්ක තාම ඌ බෝනික්කෙක් කියලා අඳුන ගන්න පුළුවන්කමද කියලා මම දන්නේ නෑ

එදා සහ අද ගොඩක් වෙනස් ...අහම්බකාරව මට අද මූ මතක් උනා...මොකද තරහ  ගිය වෙලේක යාළුවෙක් මට මේ පින්තූරේ එවලා තිබ්බා. මම ඒ බෝනික්කා දිහා බලලා කියා ගන්න බැරි රිදුමකින් ඉද්දී ඇස් දෙක තෙත් උනේ නොදැනිම..ඒ ඇයි කියලා මම අදටත් දන්නේ නෑ ....එදා ඒ රිදුමට හේතු  හොයන්න ගියෙත් නෑ

ආයෙමත් අද මම මේ පින්තූරේ දිහා බලාන කියා ගන්න ගොඩක් දේවල් තිබිලත් කියා ගන්න බැරුව හිර වෙලා....ඒත් මට එකින් එක මතක් කර ගන්න පුළුවන් පලවෙනි කාරණය මට පොඩි කාලේ ඉදන් බෝනික්කන්ට තිබ්බේ මහා අකැමැත්තක් කෙල්ලෝ බෝනික්කෝ නලවන්න ඕනමයි කියලා නීතියක් නෑ..ඇයි කෙල්ලන්ට කොල්ලන්ට වගේ බැට් එකකුයි බෝලෙකුයි නලවන්න බැරිද? පුළුවන් කව්ද බෑ කියන්නේ මම කලෙත් ඒකමනේ

දවසක් අම්මා සෙල්ලම් බඩු කඩේකට ගිහින් අහනවා

"ඔයාට බෝනික්කෙක්ද ඕනේ ගිටාර් එකක්ද කියලා"

ඒ ගමන් අම්මා කියනවා කෙල්ලෝ ගන්නේ බෝනික්කෝ කියලා

මම දෙගිඩියාවෙන ඉදලා... මම ආස දේ ගන්න තීරනේ කරනවා
"මට ඕනේ ගිටාර් එක"

මට ඒ ගිටාර් එක ලැබෙනවා.... 

ඔය වගේ ගෑණු ළමයින්ට පොදු සම්මත කඩන්න මම  පොඩි කාලේ ඉදන් පටන්  ගත්තා....

එහෙම වෙලා අද මම මෙතන මම ආසම හෙයා ස්ටයි එක දාන... මම ආස ඇදුම් අදින ...මම කැමති දේ ලියන,කියන.... කෙනෙක් වෙලා ඉන්නවා ඒ ටිකම මට ඇති සතුටු වෙන්න...මම අද කාටත් වඩා මාව විශ්වාස කරනවා..කවුරු මට බොරු කලත් මම මට වංචා කරන් නෑ ඒ කියන්නේ මම මගේ වටේ ඉන්න මිනිස්සුන්ට ඒ සමානව විශ්වාසේ රකිනවා...මම මම වෙන්න උත්සහ කරනවා...

ආ බෝනිකා ගැන නේ කිව්වේ...

දැන් මේ ගෙවෙන කාලය මේ බෝනික්කා වගේ කිලිටියි.....අබ්බගාතයි...දැක්කම දුකයි....කියා ගන්න බැරි වේදනාව යි...ඒ මේ ගෙවෙන කාලය මිසක් මගේ ජීවිතේ නෙවේ කියලා මම මෙනෙහි කරමින් ඉන්නවා...


ඒත් මට තව කාලයක් යනකම් මේ බෝනික්කා නිසා හිත රිද්ද ගන්නේ ඇයි කියල නම් කියා ගන්න බැරි වෙයි

Wednesday, June 12, 2019

110.පුස්තකාල ලව්-දුටු සතුටු මල

     මම දන්නවා පුස්තකාල ලව් කිව්ව ගමන් කට්ටිය ඇවිත් මේක කියවලා බැනලා යයි ඒත් කමක් නෑ මම මේ ලව් එක ගැන නම් ලියන්න ඕනා ඒ ඉතින් සා/පෙ. ඵල දෙන කාලේ...ඔය චිත්‍ර පාඩමේ පැවරුම් වලට තමා පුස්තකාල වලට රිංගන්න අපිට සිද්ද උනේ...ඔන්න හා හා පුරා කියලා අපේ චිත්‍ර මිස් අපිට දුන්නා පැවරුමක් අජංතා බිතුසිතුවම්  ගැනයි මිසර චිත්‍ර ගැනයි හොයන්න මගේ වෙලාව හොද කමට ඉස්කෝලේ පුස්තකාලයෙන් ඒ වෙනකොට චිත්‍ර කලාවට සම්බන්ද ඔය විස්තර තියෙන පොත් මොකියෙක් හරි ඩැහැගෙන ගිහින්....
   ඔය දැන් වගේ ගූගල් තියා ඉන්ටනෙට්,කම්පියුටරයක් ගැන මෙලෝ හසරක් දන්නේ නැති ඩොටේ කාලේ කොහොම කියලා මේ විස්තර හොයන්නද කියලා කල්පනා කර කර ඉන්නකොට මතක් උනා ප්‍රාදේශීය සභාවේ පුස්තකාලේ ඔන්න ගිහින් බැලුවම ඕන කරන පොත තියෙනවා .පොත එළියට ගෙනියන්න දෙන්නේ නෑ මෙම්බර්ශිප් නැතිව ...මෙම්බශිප් ගන්න සාමදාන විනිසුරු කෙනෙක්ගෙන් ලියුමක් ඕනා ඒ වෙලේ ඕවා කරන්න වෙලා නෑ ඉතින් පන හලාගෙන ලියලා ලියලා ඕන ටික කොපි කර ගත්තා ඒත් තව මදි......
         දෙවෙනියට ගිය පුස්තකාලේ අල්ලපු ගමේ තිබ්බේ ඒකේ ඒ බර පොත් තිබ්බේ නෑ....ඉතින් බලාපොරොත්තු සුන් වෙච්ච මලානික හිතින් තුන් වෙනි පුස්තකාලේ ලගට යද්දී තමා දැක්කේ ඒකේ හිටියේ ලාස්සන අයියෙක් කියලා...මගෙයි මගේ යාළුවගෙයි ඉහේ නෙළුම් මල් ප්‍රකෝටිගානක් පිපුනා ඒ ප්‍රකෝටිගාන තවත් ප්‍රකෝටි ගානකින් පිපුනේ අපිට ඕන පොත් එකට දෙක තුනක් ඒ පුස්තකාලේ තිබිම...ඒත් ඒ මල් පර වෙලා චප්ප චිරිප්පන් වෙලා මැරිලා ගියේ කලින් වගේම මෙතනින් පොත් ගෙනියන්න මෙම්බර්ශිප් සෙද්දක් ගන්න කියපු එකෙන් ....
       අපි පොඩ්ඩක් කල්පනා කරලා අපි එකටම ඒ අයියට බටර් ගාන්න ගත්තා අපිට අදරෑට මේ පැවරුම හදලා හෙට වෙද්දී දෙන්න ඕනා නැත්තම් අපිට වැලේ වැල් නැති බව පස්සේ ඒ අයියට අපේ අදෝනාව ඇලජික් වෙලා අන්තීමෙට අපේ බෑග් දෙක ඇපයට තියලා අපි අර පොත් ටික ටවුමට ගෙනත් ෆොටෝ කොපි ගහ ගත්තා...ඊට පස්සේ පොත් ටික දීලා අපේ බෑග් නිදහස් කරගෙන .ලස්සනට පිළිවෙලට අපේ පැවරුම් බාර දුන්නා.
       පස්සේ කාලෙක  මට වඩා මගේ යාළුවට ඒ අයියා ගැන මෛත්‍රීය ඉපදිලා තිබුන තරම කොහොමද කියනවා නම් ඒ අයියා යාලුවාගේ  දුටු සතුටු මලක් බවට පත් උනා...අපි ක්ලාස් යන්න වෙලාව තියෙද්දී දුටු සතුටු මල බලලා එන්න යනවා...පස්සේ අපි  යාළුවෝ උනා... මම ඉතින් පොතක් එක්ක වේලුනා ...අරුන් දෙන්නා ප්‍රේමයෙන් වෙලුනා
      සා/පෙ. ලං වෙනවා එක්ක මට යාළුවා එක්ක පුස්තකාලේ යන්න උනේ නෑ යාළුවත් ඒ ලව් එක බ්‍රේක් කලා.... දුටු සතුටු මල මඟ ඇරිලම ගියා ආයේ කවදාවත් මුණ ගැහුනේ නෑ....ඒක නිකන්ම නිකන් හිත් ගැනීමක් විතරයි කියලා මායි මගේ යාළුවයි කතා උනා...අද යාළුවා කතා කරද්දී ඔය කතාව  මතක් කරා තව කතා ගොඩක් තියෙනවා ලියන්නම්....

මේක ආයේ බ්ලොග් එක ලියාගෙන....ලියාගෙන යන්න  ආරම්භයක්
           කියලා හිතන්න හොදේ.....

Friday, April 26, 2019

109.ගෙවි යන 5 වෙනි දවස

             https://drive.google.com/uc?export=view&id=138OfuDIcZsmTUZg9lLdw6whNZU3bRvdFපාස්කූ ඉරිදා එක තැන ගල් ගැසුනු සිතුවිලි ගැන ලියමි.වෙන කිසිත් ලියා ගැනීමට අදහසක් හෝ පරණ යැයි සිතෙන හැඟීමක් නැත හිත කිසිම අකුරක් නොලියූ දිග හිස් පිටුවක් සේ දැනී ගෙවෙන 5 වෙනි දවසය...

              පහුකරගෙන ජීවිතේ බොහෝ වැටීම්, හැලහැප්පීම් මැද බොහෝ තැන් වල ලැබීම්,නොලැබීම් අතර අපි හැඟීම් ගොනු කරගෙන ජීවත් වූවන් වෙමු.නමුත් ආපසු හැරි බලන කල පාස්කූ ඉරිදා මිනිස්සුන්ට අහිමි වෙච්ච ජීවිත,ඔත්පල වෙච්ච ජීවිත සබඳතා දැක්කම අපිට මොනාද නැති උනේ, අපි මොනා වෙනුවෙන් දුක් වෙනවද කියලා හිතෙන තරමටම මිනිස්සුන්ගේ දුක අපේ දුකක් උනා කඳුළු අපේ කඳුළු උනා. හැඟීම විස්තර කොට ලිවීමට නොහැකී වූවත් හැඟීමට මම අපේකම,මනුෂ්‍යකම යැයි නම් දෙමි .....

                        ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියලා උජාරුවට කිව්වට සේද මාවතේ ක්‍රේන්ද්‍රස්ථානය චීනට විකුණුව කාලකණ්නි සක්කිලි පාලකයෝ ඉන්න රටක උදේ හවස මරණ බියෙන් මැරි,මැරි ඉපදෙන අහිංසක මිනිස්සු ගැන ඇත්තේ අප්‍රමාණ දුකකි.මරණය නම් කෙදින හෝ සිදුවන්නකී නමුත් අඩියක්,අඩියක් ගානේ මරණය ඇති බව දැන,දැනත් ජීවිතය අහිමි වීමට කිසිම අසාධ්‍ය රෝගයක් නොමැතිව මරණය අතරින් උදේ හවා ගමන් කරමින් ජීවත් වීමට සිදු වීම අභාග්‍යසම්පන්න යැයි මම සිතමි....

                         අපි පිට රට සිට දිනෙන් දින  අපිට ස්වර්ගයක් වූ නිජි බිමේ පාලකයන්ගේ කශේරුකා පුරුක් ගනන් කරන් වෙමු.අහිංසක ජනතාවට විමුක්තිය කොයි මොහොතක හෝ උදා වේ යැයි සිතමු. සමහර විට අපට ඇති තර්ක විතර්ක මානුෂීය ගැඟීම් ඔහුන්ගේ හිත් තුල නැති බව දකින විට අපට මෙන්ම හුදී ජනයාටද පිළිකුල් සහගත හැඟීමක් ඇති වනවාට සැකයක් නැත.අප රටේ පාලකයන් මේ වන විටත් ජාත්‍යන්තරය ඉදිරියේ විකටයන් වී හමාරය. අවුරුදු 30 යුද්ධයකින් බැට කා ජීවිත රාශියක් අහිමි කර ගනිමින් සාමය උදා කර ගත් පසු එහි අගය බාල්දු කල සියළු පාලකයන්ට සාප වේවායි පතමි! එමෙන්ම දැන ,දැනත් අහිංසක ජීවිත බිල්ලට දුන් සියළු ප්‍රභූවරුන් කියා ගන්නා අදම,නින්දිත පාලකයන්ටත් සාප වේවා යැයි පතමි! මේ ලෙසින් අහිංසක ජීවිත සමඟ තුච්ච ලෙස ගණුදෙණු කල සියළු දෙනාට ස්වභාවධර්මයේ දඬුවමින් බේරි යා නොහැක.මරණ මංචකයේදී පවා අපා දුක් විදිය යුතු යැයි පතමි!